
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නවක නිලධාරීන් පන්සිය පනස් හතරක් බඳවා ගැනීම රජයේ අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය
මේ අනුව බන්ධනාගාර නියාමක පිරිමි තනතුරු 409 ක්ද නියාමක කාන්තා තනතුරු 70 ක්ද බන්ධනාගාර II පෙළ ජේලර් තනතුරු 55 ක්ද II පෙළ ජේලර් කාන්තා තනතුරු 07 ක්ද බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන පිරිමි නිලධාරී තනතුරු 10ක්ද II පෙළ පුනරුත්ථාපන කාන්තා නිලධාරී තනතුරු 03ක්ද පිරවීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.
ඒ සම්බන්දයෙන් විස්තර 2025 අගෝස්තු 29 රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd