
(යොහාන් භාසුර)
මෙම වසරේ (2025) ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් 1,566,523 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පැවසීය.
පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් සංචාරකයන් 198,235 ක් මෙරටට පැමිණ ඇති බවත් මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්‍ෂව සංචාරක පැමිණීමේ සියයට 20.4 ක වර්ධනයක් බවත් එම අධිකාරිය කීය.
පසුගිය මාස අට තුළදී ඉන්දීය ජාතිකයන් 325,595ක්, රුසියානු ජාතිකයන් 118,916 ක් සහ බි්‍රතාන්‍ය ජාතිකයන් 151,141ක් ලෙස වැඩිම සංචාරකයන් පැමිණ ඇති බව කියන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය අගෝස්තු මස ඉන්දියාවෙන් සංචාරකයන් 46,473ක්, බි්‍රතාන්‍යයෙන් සංචාරකයන් 19,764ක්, ජර්මනියෙන් සංචාරකයන් 12,500ක්, චීනයෙන් සංචාරතන් 12,294ක් සහ ප්‍රංශයෙන් සංචාරකයන් 10,495ක් පැමිණ ඇති බව ද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාස 8ට විදෙස් සංචාරකයන් ලක්‍ෂ 16කට ආසන්න පිරිසක්