IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අන්තර්ජාලයේ අපරාධවලට ඇමැති අවි ඔසවයි

(සුජිත් හේවාජුලිගේ)

පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්, විශේෂයෙන්ම තරුණ පරපුර, අන්තරායකර තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ බව පැවසූ අමාත්‍යවරයා  සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්  ප්‍රචණ්ඩත්වය සහ සමාජ අසහනය වැඩි කිරීමට හේතු වී ඇති බවද  ප්‍රකාශ කළේය.

අන්තර්ජාල අපරාධවලට කප්පම් ගැනීම්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, කාන්තාවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කිරීම, සහ පාසල් දරුවන්ට අසභ්‍ය දර්ශන ඇතුළු හානිකර වීඩියෝ පට බෙදාහැරීම වැනි ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, තම ඡායාරූපයක්ද කෘත්‍රිම බුද්ධිය යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවයි. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද  ඔහු කීය.

මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම  අවධාරණය කළේය.



අදහස් (4)

අන්තර්ජාලයේ අපරාධවලට ඇමැති අවි ඔසවයි

යෝගා Tuesday, 02 September 2025 01:37 PM

ආණ්ඩුවක් ෆේල් වෙනකොට මුලින්ම කරන්නේ මාධ්‍ය සහ මහජන අදහස් මර්දනය කිරීම.

:       0       2

Pradeep Kumara Tuesday, 02 September 2025 04:13 PM

නියමයි..

:       1       0

ගුණරත්න Tuesday, 02 September 2025 05:18 PM

කවුදෝ එකෙක් එයාපෝට් එකේ බිම ඔලුව ගහන් ඉන්න පින්තූරේ කෘතීම බුද්ධිය ලවා හදවපු එකක් කියල දැන් කියුවාට ඒ පින්තූරේ කෘතීම බුද්ධිය මගින් පරීක්ෂා කලාම කියන්නේ එක සැබෑ ඡායාරූපයක් විය හැකිය කියල. ඉතින් මේ යන විදියට පච දෙසා බෑම චේතිය රජ්ජුරුවොත් ලජ්ජා වෙන තරමට කරලා තියෙනවා කියල නම් පෙනෙනවා

:       0       3

Nishan Wednesday, 03 September 2025 03:57 AM

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නැත්නම් මේ ආණ්ඩුවේ දූෂණ ගැන රටේ සහ ලෝකයේ මිනිස්සු දන්නේ නෑ. මොකද අනෙකුත් සියළුම මාධ්‍ය අනියම් විදියට පාලනයට ලක් කරලා තියෙන්නේ. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව බයයි ජාත්‍යන්තර බලපෑම් නිසා. ජනතාවගේ හඬ මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කලාට සාර්ථක වෙන්නේ නෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site