අධ්‍යාපන චාරිකාවට ගිය සිසුවා දියේ ගිලී මරුට අධ්‍යාපන චාරිකාවක් පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ල අසල වළක දිය නෑමට ගිය සිසුවෙක් ගිලී මියගොස් ඇතැයි කොත්මලේ පොලිසිය කියයි. 22 March 2018
ත්‍රිපුද්ගල මහාධිකරණය ගැන තීන්දුව කතානායකට ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් හත පිළිබඳ තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තු කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ප්‍රකාශයට පත් කළේය. 22 March 2018
ලක්ෂ 19ක ගබ්සා පෙති වැලිගමින් අල්ලයි රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති තොගයක් වැලිගම ප්‍රදේශයේ සන්නිවේදන සේවා මධ්‍යස්ථානයක සහ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව කඹුරුගමුව පොලිසිය කියයි. 22 March 2018
කසළ තේ පැටවූ කන්ටේනරයක් දක්ෂිණ අධිවේගයේදී අත්අඩංගුවට අකුරැස්සේ සිට කොළඹ බලා රැගෙන යමින් තිබු කසළ තේ තොගයක් පැටවූ කන්ටේනර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අධිවේගී පිවිසුම අසළදී අද (22) අත්අඩංගුවට ගෙන ඇත. 22 March 2018
දීප උයන අසලින් පුරාවිද්‍යා ස්මාරක මතුවේ පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන කටයුතුවලදී ඉපැරණි දීප උයන ඉදිරිපිටින් අද (22) පුරාවිද්‍යා ස්මාරක හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 March 2018
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවාට සෞඛ්‍ය ඇමැතිගේ විරෝධය ග්ලයිෆොසේට් සඳහා පනවා ඇති තහනම ඉවත් කරනවාට තමන් විරුද්ධ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 March 2018
ජනතාව ඉල්ලනවානම් වස වුණත් දෙනවා - ඇමැති හැරිසන් ‘ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා අස්වැන්න වැඩි කරලා දෙන්න කියලා නම් අපිට රජයක් විදියට ඒ තීන්දුවට යන්න වෙනවා.‘ යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යය පී.හැරිසන් මහතා පැවසීය. 22 March 2018
විශ්වාස භංගයට මහින්දගේ අත්සන නැති හේතුව මන්ත්‍රී ඉඳුනිල් කියයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දුන් විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ එය පරාජය වන බව දන්නා නිසා යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුණිල් අමරසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 March 2018
අලුත්ගම අළු කළ හානියට ලක්ෂ 153ක වන්දි අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි 2014 වසරේදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 153 ක වන්දි පිරිනැමීම අද (22) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ , පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් . ස්වාමිනාදන් මහතා ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි. 22 March 2018
ඇවන්ගාඩ් නඩුව නවත්වන්නැයි ඉල්ලූ පෙත්සම කල්යයි ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් කළැයි තමන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන මැයි 25 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය. 22 March 2018
ගෝඨාගේ නඩුවට එරෙහි අතුරු නියෝගය දිගුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන 27 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය. 22 March 2018
ජනපති පකිස්තාන් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා අද (22) පකිස්තානය බලා පිටත්ව ගියහ . 22 March 2018
වෙල්ලස්ස සරසවිය 26 වැනි දා සිට විවෘතයි පැපොල රෝගය ව්‍යාප්තවීමේ අවධානමකට ලක්වීම නිසා වසා දැමූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය නැවත මෙම මස 26 වැනි දා විවෘත කිරීමට කටයුතු යොදා ඇතයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා අද (22) පැවසීය. 22 March 2018
හොර පාරෙන් මැණික් ගෙනියන්න හැදු ලාංකිකයා රේගුවේදී හසුවේ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (22) කටුනායක ගුවන් තොටුපොළේ අත්අඩංගුවට ගෙන රුපියල් විසි පන්දහසක දඩයක් නියම කර මැණික් තොගය රාජසන්තක කළ බව රේගුව පවසයි. 22 March 2018
විශ්වාසභංග විවාදය 04 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (21) කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව 04 වැනිදා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද (22) තීරණය කර තිබේ. 22 March 2018
මුතුරාජවෙල අවට ඉදිකිරිම් නවත්වන්න ජනපති උපදෙස් මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) අදාල රාජ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ. 22 March 2018
කොකේන් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට පතාල සාමාජිකයෙක් විසින් නෙදර්ලන්තයේ සිටි මෙරටට එවා තිබු කොකේන් ග්‍රෑම් 22 යි මිලි ග්‍රෑම් 170 ක පාර්සලයක් සමඟ දෙදෙනකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත්අඩංගුවට රේගුව පවසයි. 22 March 2018
ප්‍රසන්න රණවීරට ඇප පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. 22 March 2018
දික්ඕවිටින් දියඹට ගිය යාත්‍රාව මංගල ගමනේදීම ගිනිගනී දික්ඕවිට ධිවර වරායෙන් ගමන් ඇරැඹු “ජනත් පුතා 2” ධීවර යාත්‍රාව හික්කඩුවට කිලෝ මීටර් 51 ක් දුරදියඹේ ගිනි ගනිමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සදහන් කරයි. 22 March 2018
ෆේස්බුක් හිමිකරු සමාව ඉල්ලයි මිලියන 50 පරිශීලකයන්ගේ දත්ත හැසිරවීමේදී කරන ලද අතපසුවීම් හා වැරුදි සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සම නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් බදාදා (21) සමාව ඉල්ලීය. 22 March 2018
ට්‍රැක්ටරයට යට වී සිසුවෙක් මරුට බඩ ඉරිඟු තොගයක් පටවාගෙන හේන් යායක් මැදින් ට්‍රැක්ටරයක් පදවාගෙන ආ දහඅට හැවිරිදි පාසල් සිසුවෙකු විසි වී ගොස් ට්‍රැක්ටරයටම යටවීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 22 March 2018
පියා සමඟ අමනාප වී කුළුණට නැගි තරුණයා රෝහලේ සිය පියා සමග අමනාප වීම නිසා මාතර කැකණදුර පරවාහැර ප්‍රදේශයේ අඩි 200 ක් උස දුරකතන සංඥා කුළුණකට නැඟි 21 හැවිරිදි තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට ගන්දර පොලීසිය කටයුතු කළේය. 22 March 2018
සරසවි විධායක නිලධාරී සංගමයත් වර්ජනයක ප්‍රධාන ඉල්ලීම් තුනක් ඇතුළු ඉල්ලීම් 14 ක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අද 22 සහ හෙට 23 දීප ව්‍යාප්ත සංකේත වාර්ජනය ආරම්භකර ඇතැයි එහි ලේකම් දයාල් අබේසිංහ මහතා පවසයි. 22 March 2018
බදුල්ල තැපැල් දුම්රිය දෙමෝදරදී පීලී පනී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ආරුක්කු පාලම අසලදී අද (22) උදේ 6-45 පමණ පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 22 March 2018
යුක්තියේ පමාව ගැන ජිනීවා නුවරදී මැසිවිලි සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති මන්දාගාමී ප්‍රගතිය කනගාටුදායක යැයි මානව හිමිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කේට් ගිල්මෝර් අද (21) ප්‍රකාශ කළාය. 22 March 2018
දිගන ප්‍රහාරය ජිනීවාහිදී ලක් රජය කොන් කරන්න කළ වැඩක්ලු සියලු පුරවැසියන් සඳහා සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සහ සෞභාග්‍යයෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී අද (21) පැවැසීය. 21 March 2018
විශ්වාස භංගයේදී අගමැති සමඟ බව තෙවරප්පෙරුම කියයි බුලත්සිංහල එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අගමැති සමඟ හිටගන්නා බව සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවැසීය 21 March 2018
අධිකරණය ගැන රන්ජන්ගේ කතාවට මහින්දගේ විරෝධය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් යම් අයෙක් ස්වාධීන අධිකරණයට පහර දෙන්නේ නම් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපති කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කතානායක කරු ජයසූරිය මහතා ගෙන් පාර්ලිමේන්තුවේදී අද (21) ඉල්ලා සිටියේය. 21 March 2018
ඇනලිටිකා සමාගම ෆේස්බුක් ගිනුම් මිලියන 50ක දත්ත බලලා දේශපාලන උපදේශන සහ දත්ත විශ්ලේෂණ සමාගමක් වන ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ සමාගමේ කාර්යාල පරීක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය විමර්ශන නිලධාරීන් වරෙන්තු අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ. 21 March 2018
බාහිර විසඳුමකට සහය නොදෙන්නැයි නාලක ගොඩහේවා ජාත්‍යන්තරයෙන් ඉල්ලයි ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ අර්බුදවලට බාහිර විසඳුම් ලබාදීමට බල කෙරෙන හානිකර ක්‍රියාමාර්ගවලට සහාය නොදෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජීනිවා නුවරදී අද (21) ප්‍රකාශ කළේය. 21 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026