(පුෂ්පකුමාර ජයරත්න)
පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ගයකට විරෝධය පළකරමින් අද (23) දිවයිනේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරිමෙන් වැළකී සිටියහ.
දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් බව පවසමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට නියමිත පිරිස 500 කට ආසන්න බව සඳහන් වේ.
මොවුන් අතර උපගුරුවරුන්,විදුහල්පතිවරු,ගුරු උපදේශකවරුන් සිටින බව පැවසේ.
ඔවුන්ගේ බහුතරය අසත්‍ය තොරතුරු මවා පාමින් සිටින කිසිදු දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් නොවන බවද, එසේ උසස්වීම් ලබාදුන හොත් නියමිත සුදුසුකම් සපුරා ඇති තමන්ට වඩා ඉහළින් සිටිම බරපතල වරදක් වන බැවින් මෙසේ අසනීප නිවාඩු දමා බරපතල වරදක් වන බැවින් මෙසේ අසනීප නිවාඩු ඊට විරෝධය පළකරන බවද ඔවුහු පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩ නිවාඩු දැම්මට පලිගැනීම් සහන දීම මෙම රජය නවත්වන්නැ. නඩුවක දාලා උසාවි නියෝගයක් ගන්න
මෙවැනි පාලකයන් ඉන්න රටක මෙවැනි දේවල් සිදුවීම අහඹුවක් නෙවේ. නූගතුන් ඉහළට යයි. උගතුන්ට තැන නැතිවෙයි. රට අරාජික වෙයි.
මේවා තමයි රජය කරන ලැජ්ජා නැති වැඩ. ළමයෙක් උපාධිය අරන් කොච්චර මහන්සි වෙලාද තරඟ විභාග ලියල අධ්‍යාපන පරිපාලන සේවය හෝ අනෙකුත් විධායක ශ්‍රේණිවලට යන්නේ.රාජ්‍ය සේවයට වන අතපෙවීම් වළක්වනවා කියල පාරම් බාල බලයට ආව ආණ්ඩුව මේවා කරන්නේ කොහොමද ? මේකෙන් හානි කිහිපයක් වෙනවා. නුසුදුස්සන් තනතුරුවලට ඇවිත් අධ්‍යාපනය කඩා වැටෙනවා, මේ තනතුරුවලට සාධාරණව යන්න තියෙන අයගේ අවස්තාව නැති වෙනවා, දේශපාලන ගොට්ටෝ ලවා රාජකාරී කටයුතු කරවා ගැනීම අපහසු වෙනවා. කෙසේ හෝ මෙම වැරදි තීරණ ක්‍රියාත්මක කරවීම වැලැක්වීම රටට යහපත් වෙනවා.
පව් ඒ උනාට ඒ අයට තරග විභාග ලියන්න දෙන්නේ නැතිව බාධා කරලා ඇති. නැත්තන් මේ ආණ්ඩුව ඉස්සර ආණ්ඩු වගේ නොව් යහපාලනේ කරන්නේ.
මේ ආණ්ඩුව රටම විනාස කරනවා .1994 සිට 2014 දක්වා ඔය විභාගය ලියන්න හැකියාව තිබ්බ. ඒව නොලිය පන්දන් කාරයන්ට උසස්වීම් දෙන්නයි මෙයාල ට්‍රයි කරන්නේ .
කොහොමත් ඉන්න අයත් මෙලෝ රහක් නැති උන් තමා වැඩි පුරම..උගත් කම තිබුණට වැඩ බැහැ...අනිත් එක හරිම කුහකයි....මොකුන් හරි කමක් නැහැ වැඩ කරන අය ගන්නවානම් හොඳා....අපේ රටේ නිලධාරීන් දේශපාලුවන්ට වඩා රට වැඩදායී තත්ත්වයට වග කියන්න ඕනා... කාටවත් වැඩක් කරන්න දෙන්නේ නැති...වැඩ කරන යට ඊරිසිය කරන කටින් බතල හිටවන එවුන් තමා වැඩි පුරම ඉන්නේ.