(චන්දන ප්‍රනාන්දු සහ රවීන්ද්‍ර ලියනගේ )
සුළු පන්න ධීවරයන් වෙත ලබාදුන් භුමිතෙල් සහනාධාරය ඉවත් කර පෙර මිලටම භූමිතෙල් ලබාදෙන ලෙස රජයට බල කිරිමේ සාකච්ජාවක් හා දේව කන්නලව්වක් අද (23) උදෑසන උල්හිටියාව දේවස්ථාන භුමියේදි පැවැත්විණි.
භුමිතෙල් සහනාධාරය නිශ්චිත එකක් වුවත් මාළු අස්වැන්න සොයා මුහුදට යන සුළු පන්න ධීවරයන් මාළු ඉන්නා ඉසවුව සොයා යන මුහුදේ දුර නිශ්චිත එකක් නොවන නිසා සුළු පන්න ධීවරයන්ට සහනාධාරයට වඩා භුමිතෙල් සඳහා අධික වියදමක් දැරිමට සිදුවන බව ඔවුහු කියති.

ඒ හෙයින් මෙම භුමිතෙල් සහනාධාරයට වටිනාකමක් නොලැබෙන නිසා ධීවරයන්ට පෙර මිලටම භූමිතෙල් ලබදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවට එක්ව සිටි උල්හිටියාව මීසම් පාලක බෙනට් සාන්ත පියතුමා හා වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. බි අබේරත්න මහතා විසින් මෙම ධීවරයන්ගේ ගැටළු පිළිබඳව පළාත් ධීවර ඇමැතිවරයාට හා මධ්‍යම රජයේ ධීවර ඇමැතිවරයාට යොමුකර විසඳුමක් ලබාදීමට යොමු කරන බව කරුණු පැහැදිලි කිරිමෙන් පසුව මෙම විරෝධතා සාකච්ඡාව අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දිවිය ලෝකේ භූමිතෙල් විකුනන්නේ නැහැ. මැදපෙරදිග විතරි තෙල් තියෙන්නෙ. දෙවියන් දැන් ලිප්ට් පාවිච්චි කරන්නේ.
භූමිතෙල් විතරක් අඩුවෙන් ඉල්ලා මඳි පැට්‍රොල් ඩීසල් දෙකත් අඩුකරන්න දෙවියන්ගෙන් ඉල්ලමු
ඉහළ ගිය බඩුමිල, බස් ගාස්තු, භූමිතෙල්, පැට්රල්, ඩීසල් මිල අඩුකළා කියලා දැන් අඩුවෙන්නේ නැත.
මෙතන කොහෙද දේව කන්නලව්වක් වෙලා තිබෙන්නේ? මෙහෙම ලියන සමහර මෝඩයින් හිතනවා ඇති ඒ වගේ කියලා.. රටේම ඉන්න අනිත් මිනිස්සුත්. මෙතන සිදුවෙලා තිබෙන්නේ, ධීවරයෝ පල්ලියට රැස්වී සාකච්ඡාවක් පැවැත්වීම නේද? ආණ්ඩුවට ශාප ඉල්ලලා පොල් ගැහුවා ...
ඕකට දෙවියන්ටවත්, රටේ අගමැතිටවත්, රාජ්‍ය නායකයාටවත් කියලා කිසිම වැඩක් නෑ. බස් ගැමුණුට හරි, පාදෙණියට හරි කියන්න... රටේ සියලු දේ ඒ දෙන්නාට තීරණය කළ හැකියි.
නො පෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ......................