ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ෆේස්බුක් ගිණුම් හිමි සියලු දෙනාගෙන් සමාව ඇයද තිබේ. ඒ ඊයේ (22) යුරෝපා පාර්ලිමේන්තුවේ නායකයින් හමුවකට එක්වෙමිනි.
පුද්ගල දත්ත අවභාවිතය වැළැක්වීමට තම ආයතනය ප්‍රමාණවත් ආරක්ෂණ පියවරක් ක්‍රියාත්මක නොවූ බව ෆේස් බුක් නිර්මාතෘ පවසා සිටියේය.
"අපි අපේ වගකීම පිළිබඳ පුළුල් ලෙස කටයුතු කරේ නෑ . ඒක වැරැද්දක්. ඒ ගැන මට කණගාටුයි "යනුවෙන් ප්‍රකාශ කළේය.
විශේෂයෙන් දේශපාලන උපදේශකත්වය මත පරිශීලකයන් මිලියන 87 කගේ පෞද්ගලික දත්ත රහසිගත ලෙස දේශපාලන ව්‍යාපාරයකට භාවිතා කිරීමේ වරදට මාක් සකර්බර්ග් මහතා සියලු පරිශීලකයන්ගෙන් සමාව ඇයද සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඉතා හොඳ පිළිතුරක්. ඔහුගේ අවංකභාවයට මම ගරු කරමි.