(ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් ලක්ෂ 56 වටිනා කැබ් රථයක් සොරකම් කර ලක්ෂ 12 අලෙවි කළැයි කියන හිටපු ප්‍රභු ආරක්ෂක අංශ යුද හමුදා කොප්‍රල් වරයෙකු නීතිය බලාත්මක කිරීමේ මීගමුව ඒකකය නිළධාරින් විසින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත.
දිඹුලපතන පොලිස් වසමේ කොටගල ප්‍රදේශයේ ඉදිකිරීම් විදේශ ව්‍යාපෘති සමාගමකට අයත් වටිනා නවතම කැබ් රථයක් එම ව්‍යාපෘති වැඩබිමේ නවතා තිබියදි රියදුරෙකු එක්ව ව්‍යාජ යතුරක් කපා පණ ගන්වා දිවුලපිටිය ප්‍රදේශයට රැගෙනවිත් එම රථයේ චැසි අංක ග්‍රයින්ඩර් කර මකා දමා ජාපානයේ සිට කොටස් කර එකලස් කරන ලද රථයක් බවට පෙන්වා විකුණා තිබේ.
ලද තොරතුරු මත කළ මෙහෙයුමකදි කැබි රිය කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලක්ෂ දොළහකට අලෙවි කර තිබියදි සොයාගෙන ඇති අතර , දිවුලපිටිය ඩිපෝ මාවත නිවසක සිටි සැකකරුව සහ මෙරටට ගෙන්විය නොහැකි අධි බල ධාරිතා ඇංජින් සහිත යතුරුපැදි දෙකක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තවද සැකකරු හිටපු රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂක රාජකාරි කටයුතු කරමින් සිටියදි ගිනි අවි සම්බන්ධ නඩුවකට චෝදනා ලැබ සිටියෙකු බවත් මෙම සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සදහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 56ට කොහෙද ටොයෝටා හයිලක්ස් රථයක් ගන්න තියෙන්නේ... මේක 2018දී කෝටියකටත් වැඩියිනේ... කතාවේ මුල ඉඳන්ම අමුතුයි...
මේක 2012දී රේජිස්ටර් කරපු එකක්... 56 තමයි ගාන. නොදන්නා කමට දොඩවන්න එපා.