(මනෝප‍්‍රිය ගුණසේකර)
රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජයේ වනාන්තරයක අක්කර 9998 ක් ව්‍යාජ පිඹුරුපත් හා ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයින්ට විකීණීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිසා වන නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇත.
දේශපාලනඥයින්, හිමිවරුන්, ව්‍යාපාරිකයින් ඇතුලු විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මත රජයේ වනාන්තරයේ අක්කර 10 සිට අක්කර 2000 දක්වා වු බිම් කොටස්කර විකුණමින් හා දීර්ඝ කාලීනව බදු දී ඇති බව අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් සිදුකළ මුලික පරීක්‍ෂණ වලදී හෙළි කරගෙන ඇත.
රජයේ කැළෑව දේශපාලනඥයින්ට විකුණන බවට අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව රහසිගතව සිදුකළ විමර්ශනකදී සැකකරුට හෝ ඔහුගේ පරම්පරාවට කිසිඳු හිමිකමක් නැති රජයේ කැළෑව සැකකරු විසින් ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මඟින් විකුණා ඇති බව හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.
බලයලත් මිනින්දෝරුවකු 1974 වර්ෂයේදී පිළියෙළ කළ බව කියන පිඹුරක් උපයෝගි කර ගනිමින් නැවත නැවත එම පිඹුරට අයත් බිම් කොටස් කර අලුතින් සකස්කරන පිඹුරු ඉදිරිපත් කරමින් සැකකරු විසින් විවිධ කණ්ඩායම් මෙම ජාවාරම සඳහා පොළඹවාගෙන ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පැවසු වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීයකු මෙම දේපලෙහි දැනට සිටින එකම හිමිකරු තමා බව ප්‍රකාශ කරමින් සැකකරු නීතිඥයන් මඟින් පැටිකිරි වාර්තාද කිහිපයක් සකස්කරවා ගෙන ඇති බවද වාර්තා වී ඇතැයිද පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් මේක කරපු කෙනා මාර දක්ෂයෙක්. එච්චරයි මට කියන්න තියෙන්නේ.
මේ වගේ වැදගත් ඉඩම් සම්බන්ධ තොරතුරු පරිඝනක ගතකර නැති රටක් නිසා සහ ඔන්ලයින් ක්‍රමයට මේ පිඹුරු වගේ දේවල් ගැන විස්තර බලාගන්න, තහවුරු කරගන්න ක්‍රමයක් නැතිනිසා වංචා කාරයින්ගේ හොරුන්ගේ තෝතැන්නක් වෙලා...
මම දකින්නේ මේ ඉඩම් ගත්ත අය කොටළුවෝ කියලා.
මුළු රටටම ඔප්පු හදලා චීනෙට හෝ වෙනත් රටකට විකුණයි පරිස්සමින් වෙමු.