විශ්වාස භංගය පරාජය කිරීම ඉරහඳ වගේලු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් බාර දී ඇති විශ්වාස භංගය පරාජය කිරීම ඉර හඳ සේ විශ්වාස යැයි පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 21 March 2018
මහනුවර දී පොලිසියේ වැඩ ගැන හොයන්න කණ්ඩායම් දෙකක් මහනුවර සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගේ යම් යම් දෝෂ ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බවද රුවන් ගුණසේකර මහතා කීය. 21 March 2018
පාලිත තෙවරප්පෙරුමට බුලත්සිංහල එපාවෙයි සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා බුලත්සිංහල එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වි තිබේ. 21 March 2018
ජයවර්ධනපුර මහා නගර සභාවට එරෙහි පෙත්සමක් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සඳහා මන්ත්‍රීව ධුර බෙදී ගිය ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. 21 March 2018
විශ්වාසභංගය ගැන කතා කරන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හෙට රැස්වෙති අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවට සාර්ථකව මුහුණ දී පරාජයට පත් කිරීම සඳහා සාකච්ජා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හදිසි රැස්වීමක් හෙට කැඳවා ඇත 21 March 2018
ලංකා රජයේ තීරණය ඇමෙරිකාව පිළිගනී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාව සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ පිළිගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය තමන් පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය ජීනිවාහිදි අද (21) ප්‍රකාශ කළේය. 21 March 2018
සැප රියෙන් කුඩු ඇද්ද අයෙක් දැලේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹසිට මාතර දක්වා සුබෝපභෝගී මෝටර් රථයකින් හෙරෝයින් මත්කුඩු රැගෙනවිත් ඊ සී කෑෂ් මුදල් හුවමාරු ක්‍රමයයටතේ එම මත්කුඩුපැකට් විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අද (21) මාතර ගොඩගම අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන ඇත. 21 March 2018
දිගන සිදුවීමට සම්බන්ධ මන්ත්‍රීවරයකු ගැන රාජිත ඉඟි කරයි මහනුවර දිගන ප්‍රදේශයේ ඉකුත්දා පැවැති නොසන්සුන්කාරී සිදුවීම්වලට සම්බන්ධ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 21 March 2018
තේ සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක් තේ වගාව සඳහා පවතින ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිම සම්බන්ධයෙන් ලබන සතියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(21) කොළඹදී පැවසීය. 21 March 2018
රතන හිමියෝ ඒකාබද්ධය සමග පෙරහැරේ යන්න සැරසෙති ග්ලයිෆොසේට් කෘෂි රසායන සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ගෙනයන කටයුතුවලදී ඒකාබද්ධ විපක්ෂය තමා සමඟ එකග වන්නේ නම් තමන් ඒ පෙරහැරේ යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී අද පැවසූහ . 21 March 2018
ඇප ඉල්ලා ඇලෝෂියස් සහ පලිසේන ඇපැල් උසාවියට බඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔවුහු අභියාචනාධිකරණයට අද ප්රතිශෝධන ඇයැදුම් පත්‍රයක් ඉදිරිපත් කළහ. 21 March 2018
එජාප තීරණාත්මක කෘත්‍යාධිකාරී රැස්වීමක් 29 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරි රැස්වීමක් මෙම 29 වෙනිදා පැවැත්වේ. 21 March 2018
වස විසෙන් තොර ගොවිතැනක් ඇති කිරීමට මෙහෙයුම් කමිටුවක් වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමට ජනාධිපති මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ඇතැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි. 21 March 2018
පොලිස් ලොක්කන්ට ‘මධුෂ්ගෙන්‘ තර්ජන දකුණේ පාතාල කල්ලි නායකයකු වන මා කඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයින් අත්අඅඩංගුවට ගැනීම්, පොලිස් අත්අඩංගුවට ගැනීම් පොලිස් විශේෂකාර්ය බලකායේ වෙඩි ප්‍රහාරවලින් මිය යාම 21 March 2018
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (21) කතානායකවරයාට බාර දෙනු ලැබීය. 21 March 2018
දරුවා දමාගිය වෛද්‍ය සිසුවියට ජූලි 7 දා යළි උසාවි එන්න'යි නියෝග තම කුසින් ප්‍රසූත කළ දින 12 ක් වයසැති පිරිමි දරුවෙකු රාත්‍රී කාලයේ තනිකර බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සිසුවියට එරෙහි පවරා ඇති නඩුවට අවැසි නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 21 March 2018
ඉපැරණි යාග හෝම ගැන සීගිරියෙන් අනාවරණයක් සීගිරියේ ඇතුල් දිය අගලේ සිදුකරන කැණීම් වලින් ආදි කාලයේ ආගමික ක්‍රම සහ යාග හෝම ක්‍රම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය. 21 March 2018
අලුත උපන් බිළිඳිය වළදැමු මව රිමාන්ඩ් අලුත උපන් බිළිඳිය වළ දැමූ බවට සැක පිට අත්අඩංගුවට ගත් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ තිදරු මවක් දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. 21 March 2018
සමාජජාල වෛරී ප්‍රකාශ වලට ප්‍රංශ නීතී තර කෙරේ වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදයට අනුබල දෙන වෛරය හා ක්‍රෝධය ඇති වෙන අයුරින් අන්තර් ජාලයට සම්බන්ධ සමාජ ජාලා වල නීති විරෝධි ලෙස පළවන ප්‍රකාශන වලට එරෙහිව නව නීතී මාලාවක් ගෙන ඒමට ප්‍රංශ රජය ක්‍රියා කරමින් සිටී. 21 March 2018
කතරගම වෙඩි තැබීමකින් පොලිස් නිලධරයෙක්ට තුවාල කතරගම ප්‍රදේශයේ දී අද (21) අලුයම සිදු වු වෙඩි තැබීමකින් පොලිස් බුද්ධි අංශ නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 21 March 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 March 2018
මිනින්දෝරු වර්ජනයෙන් සංවර්ධනයට බලපෑම් මිනින්දෝරු වර්ජනය සංවර්ධන කටයුතුවලට දැඩි ලෙස බලපා ඇති බව ඇමැතිවරුන් ගණනාවක් අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. 20 March 2018
කොස් මල්ලීට වෙඩි තැබූ ගිනි අවිය සොයාගනී හිස කොටස පමණක් වෙන්කර එය කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා අංගොඩ කොස්මල්ලි හෙවත් ශාන්ත කුමාර නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ටී 56 ගිනි අවිය අද (20) අගුණකොළපැලැස්ස ගෝඨාභයගම ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 March 2018
ආණ්ඩුවේ ඉදිරි ගමන් මග ගැන කරුණු 45ක යෝජනාවලියක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට නම්, ආණ්ඩුව තුළත් පක්ෂ තුළත් ප්‍රතිසංස්කරණ සිද්ධිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත. 20 March 2018
රුසියා ජනපති පුටීන්ට ජනපති මෛත්‍රිපාලගෙන් සුබ පැතුම් පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. 20 March 2018
බැඳුම්කර නඩුවත් විශේෂ අධිකරණයේ නඩු විභාග කඩිනම් කිරීමේ විශේෂ අධිකරණය පිහිටුවීමෙන් පසු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයද එහිදී විභාග කළ හැකි බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (20) පැවසුවාය. 20 March 2018
‘සක්‍රීය බැරකම් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවේ’ - කතානායක සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වා ඇමැති කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 March 2018
විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත් අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගී කාන්තාවක් අද (20) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය . 20 March 2018
බැඳුම්කර - බරපතල වංචා දුෂණ විවාදය මාසයකින් කල්යයි බැඳුම්කරය සහ බරපතළ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල පරිවර්තන පිටපත් ලැබෙනතුරු ලබන 23 සිකුරාදා පැවැත්වීමට තිබූ ඒ පිළිබඳ විවාදය මාසයකට පමණ කල් දැමීමට සිදුවන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 March 2018
කොටි කළ අපරාධ ගැන කියද්දී ජිනීවා කමිටු රැස්වීම උණුසුම් වෙයි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ. 20 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026