අජන්ත කුමාර අගලකඩ
භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා අද (22) කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කර ඇත.
භුමිතෙල් ඩීසල් සමඟ කලවම් කර බස් රථ ධාවනයට යොදාගෙන ඇති නමුත් භූමිතෙල් මිල රුපියල් 57කින් වැඩි කිරිමත් සමඟ බස්රථ ධාවනයට භූමිතෙල් යොදා ගැනීමට අඩුවී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
මේ තත්ත්වය නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇති බව පවසා ඇති ඇමැතිවරයා,භූමිතෙල් සහනයෙන් වැරදි ප්‍රයෝජන ගෙන ඇති බව මින් පැහැදිලි වන බවද සඳහන් කර ඇත.
රුපියල් 44ක් වශයෙන් පැවැති භූමිතෙල් ලීටරයක මිල මීට සති දෙකකට පමණ පෙර රුපියල් 101 දක්වා වැඩි කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රටට ගිය කලක්.
අපිත් මෙච්චර දවසක් භූමිතෙක් ලිපක් පාවිච්චි කලා. දැන් නම් ගෑස් ලිපෙන් උයන එක ඊට වඩා ලාබයි
බලාගෙන ගියාම මේ භූමිතෙල් මිල අඩුවීමෙන් මෙතෙක් කල් ප්‍රයෝජන රැගෙන තිබෙන්නේ, ප්‍රයිවට් බස් මාෆියා කල්ලි, මේ තුලින් -පරිසරයට කොතරම් හානියක් සිදුවී ඇත්දැයි සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට නොහැකිවී ඇති මුත්, ලංකාවේ පරිසර වේදීන්ට මේ පරිසර දුෂණය අවබෝධවී නොතිබීම විහිළුවක්. ලංකාවේ සුවසේ ජීවත් වීමට නම් ඔබ කිසියම් මාෆියා කල්ලියකට සම්බන්ධ විය යුතුමයි. එවිට ඔබ කරන කිසිදු වරදකට දඬුවම් නොලැබේ.
භූමිතෙල් ඩීසල් කලවම් කිරීම නතර වූ එක නම් හොඳයි. ඒත් ඒකට විසඳුම අසරණ දුප්පතුන්ට බර දීම නොවෙයි. ඩීසල් භූමිතෙල් මිශ්‍ර කරන්නන්ට වෙනමම ආකාරයකට දඬුවම් දී, භූමිතෙල් මිල වැඩි නොකර සිටියා නම් කොතරම් අගනේද ?
ඇත්තෙන්ම බල්ලෝ මරා හරි මුදල් උපැයීමේ නිවට ප්‍රතිපත්ති වැජඹෙන පරිසරයක කෙසේ මෙවැනි දුෂණ නතර කරන්නේද ?? රටේ මුල් පුරවැසියාගේ සිට පහළටම හොරකම මුල් බැසගෙන ඇත්නම් එමගින් කියවෙන්නේ කුමක්ද ???රටක් කෙසේ දියුණු වන්නේද ??