(තිළිණි ද සිල්වා)
මාස කිහිපයක් තිස්සේ හිස්ව පැවති කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට සුනිල් ද සිල්වා මහතා නම් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.
චූල පත්මේන්ද්‍ර දහනායක මහතා මීට පෙර කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ අතර ඒ මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් පසුව මාස කිහිපයක් තිස්සේ සිට කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය හිස්ව පැවතිණි.
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට නම් කෙරුණු සුනිල් ද සිල්වා මහතා මේ වන විට දකුණු අප‍්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරමින් සිටි.
වසර 2 1/2 ක් තිස්සේ එම ධූරය හොබවන සුනිල් ද සිල්වා මහතා ලබන 31 වැනිදා යින් සිය එම ධූර කාලය අවසන් කිරීමෙන් පසුව හෙතෙම කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස රාජකාරී බාර ගනු ඇතැයි ද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. සුනිල් ද සිල්වා මහතා වෘත්තීයෙන් ප‍්‍රවීණ බැංකුකරුවෙකු වේ.
මීට අමතරව ලොව ප‍්‍රධාන පෙළේ රටවල් වල ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය,රුසියාව සහ බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානපති සහ මහ කොමසාරිස් තනතුරු මාස කිහිපයක් තිස්සේ සිට පුරප්පාඩුව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ තානාපති තනතුර හිස්වී දැන් මාස 10ක්. පුරවන්නේ නැත්තේ ජනාදිපති සහ අගමැති දෙපලට ඇමරිකාව වැදගත් රටක් බව නොතේරෙන නිසාද? ඇමරිකාව දේශපාලනයමය සහ ආර්ථිකමය ලෝකෙයේ ප්‍රධානතම රටයී. ඇමරිකාව පස්සේ ගිහින්, 2015 ජනවාරියේ කළා මෙන් අපේ රටේ පාලනය වෙනස් කරන්න විතරද ඕනේ?