(මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිලක් රණසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් පැවති විවාදයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා කළ ප්‍රකාශයක් නිසා අද (22) පැවති හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් බරිගම පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණ.
මෙහිදී එජාප මන්ත්‍රී තිලක් රණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ උඩුවාවල ප්‍රදේශයේ පිහිට ඓතිහාසික අම්බලමක් කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් කළ යෝජනාවකදී විජිත කුමාර නඳුන්ගේ මහතා දිගින් දිගටම කතා කරමින් ‘ගොන් නාම්බෝ’ කතාව ප්‍රකාශ කළේය.
එහිදී මන්ත්‍රීවරයා කීවේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්ව අයගේ ගෝලයොත් ගොන් නාම්බෝ වෙන්න ඕන යනුවෙනි මෙම කතාවට උරණ වූ එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු නොසන්සුන් වූ අතර එයත් සමඟ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ එජාප මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් ප්‍රහාරයක් ඇති විය.
විනාඩි විසස්ක පමණ කාලයක් සභාව තුල දැඩි උණුසුම් තත්ත්වයක් පැවැති අතර පසුව සභාපති ආනන්ද ජයවිලාල් මහතා දැඩි වෙහෙසක් දරා සභාව පාලනය කිරීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටු මන්ත්‍රීගේ කතාව සහතික ඇත්ත
ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියන එකේ සත්‍යතාවයක් තිබෙනවා. මමත් කුඩා කාලයේ දැක තිබෙනවා ගොන්නු ගොන්නු ඇනගන්නවා, එකත් එක්තරා විදිහක යුද්ධ කිරීමක්. දැන් ගවයන් අඩු නිසා එම දර්ශනය නිතර දකින්න ලැබෙන්නේ නැහැ.
"ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් " කියන ගොන් කතාව කල කෙනා නිසා තමයි මේ ප්රශ්නය වැඩිදුර ගියේ. මේ කතාව කීම ගැන අදාළ පුද්ගලයා ජාතියෙන් සමාව ගෙන එය නිවැරදි කිරීම නේද හොඳ.
කණ්ඩායම එකට එකක් වැඩි කලේ "ගොන් නාම්බෝ වෙච්ච අපි තමයි" ජාතික කොඩිය ඉදිරිපසින් තබාගෙන කිරි කොක්කු වගේ ආර්ය සිංහල අඳුම ඇඳගෙන ගංවතුර බැහැල යනකම් නටන්න මහතුනේ.