චමිල් රූපසිංහ
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළමු සැසි වාරයේ සභා වාර්තාව පිළිගත නොහැකි බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මන්ත්‍රීන් පිරිසක් සභා වාර්තාව ගිනි තබමින් සභාපතිවරයාගේ මේසය මත වාඩිව අද (22) විරෝධය පෑහ.
විරෝධය පෑ මන්ත්‍රීවරුන් තේපැන් පානය කරන අවස්ථාවේදී උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කේක් කවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව ) මන්ත්‍රීවරුන් සතුටු සාමීචියේ යෙදෙනු දක්නට ලැබුණි.
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභාවේද, පාර්ලිමේන්තුවේ හැම තැනම වෙන්නේ මේක තම. තිරයෙන් පිටිපස්සේ මෙයාල එකම පවුලේ කට්ටිය. අපේ මෝඩ ජනතාව මෙයාලගේ රංගනයන්ට රැවටිලා ඡන්දෙ දීල හැමදාම දුක් විද විද රෑට පුවත් වලින් මෙයාලගේ නාට්‍යක් බලල සැනසිල ඉන්නවා.
ඉතින් හොඳයිනේ. ගහගන්නවට වඩා මෙහෙම හොඳ නැද්ද?
ශ්‍රී වික්‍රම රජ්ජුරුවන් හිටියා නම් මේ නුඋගත්තුන්ට බෝගම්බර වැවේ පිහිට්යි
අනේ මන්දා අපේ රටේ ජනතාවට කවදා මොලයක් ලැබෙයිද කියලා
ඡන්දදායකයන්ට තණකොළ කවලා මෙයාලා කේක් කනවා !
දවල් මිගෙල් රෑ දැනියෙල්
මේගොල්ල කොහොමත් හවුලෙනේ අපේ රිරි මාංශ උරාබෝන්නේ , මේගොල්ල පාර්ලිමේන්තුවේ, පළාත්සභාවේ , ප්‍රාදේශීය සභාවේ රඟපාන ජවනිකා රඟපාන්න රජිනිකාන්ත්ටත් අමාරුය, හොලිවුඩ් ඩිරෙක්ටර් කෙනෙක් එහෙම මේවා දුටුවොත් , ටොම් කෘස් , බ්‍රැඩ් පිට්, බ්රුස් විලිස්ලට වෙන්නේ ගෙදරට වෙලා ඉන්න.
අනේ අපේ රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටයි.
ගහගෙන කේක් කවා ගන්නා අතර මහජනතාවගේ ඔලුව අතගාමින් ඔවුන්ට තණකොල කවයි.
රැවටුනේ අපි එයාලා හොදින්.
ජනමාධ්‍යවේදියකුගේ කැමරාවක් එල්ල වුනොත් මේ අප්‍රසිද්ධ නළුවෝ ටික රංගනයක යෙදෙන එක දැන් සාමාන්‍ය දෙයක්. 'පාන් නැත්නම් කැවුම් කාපල්ලා ' අපි බලාගෙන ඉන්නම්.