(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ගං වතුර ඉන්ධන සහ කිරිපිටි මිල වැඩිවිම ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන ඒකාබද්ධ විපක්ෂය කඩිනම් විවාදයක් දෙන ලෙස දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (22) සවස දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් එකවර සභා ගැබේ නැගී සිටිමින් මෙම ඉල්ලීම කිරිම හේතුවෙන් සභාව පාලනය කිරිම සඳහා කතානායක කරු ජයසුරිය මහතාට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවිය.
පාර්ලිමේන්තුව ආරම්භ වී විනාඩි පහකින් පමණ පසු ආරම්භ වු මෙම තත්ත්වය පැය භාගයකට ආසන්න කාලයක් පැවතිණි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඒ සම්බන්ධ ඉල්ලීම කතානායකවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ එය පක්ෂ නායක රැස්වීමේ දී වෙනත් දිනයක කිරිමට එකඟවු බවත් කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කිරිමෙන් පසු මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවු වැසි ඇතිවෙන එකටත් කණ කොකා හඩන්න වගේ. අට පාස් අය එකෙනුත් ගානක් හොයාගන්න වගේ දඟලන්නේ?
ඔතන කුණු හරුප කියාගෙන චන්ඩි පාර්ට් දන්නා වෙන්න ඇති.