ආප්ප න්‍යායෙන් සහයෝගය දෙන්න’යි ගම්මන්පිල ඉල්ලයි ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති්රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය. 23 March 2018
පකිස්තානයේ ජනරජ දින සැමරීමට ප්‍රධාන ආරාධිත ලෙස ජනපති එක්වෙයි පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය. 23 March 2018
‘හරිගියත් වැරදුණත් අගමැති ඉවත් කිරීමේ සටන දිගටම කරනවා‘ - නිශාන්ත මුතුහෙට්ටිගම ‘අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා. 23 March 2018
මුදල් අවභාවිත කළැයි ගෝඨාට එරෙහි නඩුව 20 වැනිදා තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධ නඩුව ජුලි 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (23) නියෝග කළාය. 23 March 2018
රංජන්ට නඩු දැමීමේ හැකියාව සොයා බලන්න’යි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ ඔහු විසින් සිදු කළා වූ ප්‍රකාශ විමර්ශනය කර සොයා බලා අධිකරණයට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) නියෝග කළේය. 23 March 2018
කෝටි පහක රට මත්පැන් කොටහේනෙන් අල්ලයි කොටහේන ප්‍රදේශයේ කළ වැටලීමකදී නීති විරෝධීව තබා ගෙන සිටි මත්පැන් බෝතල් 15400ක් සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 23 March 2018
ජානක පෙරේරා ඝාතන නඩුවේ දේශනවලට දින දෙයි රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනෙකුට තුවාල සිදු කිරිමේ සිද්ධියේ නඩුව ලබන මැයි 22 වැනි දා කැඳවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (23) නියෝග කළේය. 23 March 2018
මීගමු නගරාධිපති දයාන් ලංසා මීගමුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ දයාන් ලංසා මහතා තේරි පත් විය. 23 March 2018
ඇපැල් උසාවියේ සභාපති නැතිව ඇලෝසියස්ගේ ඇපෑල කල්යයි මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සළකා බැලීම ලබන 29 වැනි දා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය. 23 March 2018
විස වායුවක් අඝ්‍රාණය වී දෙදෙනෙක් මරුට දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පිහිටි විදේශීය රටවලට කුළුබඩු අපනයනය කරන කර්මාන්ත ශාලාවක විස වායුවක් ආඝ්‍රාණය වීමෙන් එහි සේවය කළ සේවිකාවක හා සේවකයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. 23 March 2018
ලක්ෂ 30ක අයිස් මත්කුඩු තලෙයිමන්නාරමෙන් අල්ලයි ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් රැගෙන විත් බෙදාහැරීමට රැගෙනයමින් තිබූ රුපියල් ලක්ෂ 30කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමඟ සැකකරුවන් දෙදෙනකු තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදී අත්ඩංගුවටගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි. 23 March 2018
ගාල්ල නගරාධිපති පොහොට්ටුවෙන් - එජාප නියෝජිත පරදී ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය. 23 March 2018
ගාල්ල නගරාධිපති ධුරයට නම් දෙකක් ගාල්ල මහා නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජිලිත් නිශාන්ත මහතාගේ සහ පොදු ජන පෙරමුණේ ප්‍රියන්ත සහ බන්දු මහතාගේ නම යෝජනා කෙරිණි. 23 March 2018
වැලිගොඩ දැමීමෙන් හානි වු මහියංගන පාලම අලුත් වැඩියාවට පියවර මහවැලි ගඟ හරහා ඉදිකර ඇති මහියංගන මහ පාලම ආසන්නයේ සිදු කරන නීතී විරෝධී වැලි ගොඩ දැමීම නිසා හානී වී තිබු පාලමේ ආධාරක කුළුණුවල පාදම කොටස කොන්ක්‍රීට් ආස්තර යොදා යළි පිළිසකර කිරීම මේ වන විට අරඹා ඇත. 23 March 2018
පුජාපිටිය පළාත් සීමා නිර්ණයට එරෙහි විරෝධතා පෙත්සමක් පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණයේදී පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකට කඩා අකුරණ සහ හතරලියද්ද කොට්ඨාස දෙකට එක් කිරීමට විරෝධය දක්වා ජනතා විරෝධී පෙත්සමකට අත්සන් තැබීම පුජාපිටිය ඓතිහාසික බෝසමිඳු ඉදිරිපිටදී ඇරැඹිණි. 23 March 2018
ගුවන්තොටෙන් රත්තරන් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි පුද්ගලයෙක් අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ රේගුව කියයි. 23 March 2018
සපුගස්කන්ද කම්හලක ගින්නක් සපුගස්කන්ද මාබිම කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 22 March 2018
ඇමරිකාව නාමල්ට බාධක දමයි රුසියාවේ සංචාරයකින් පසුව තමා ඇමෙරිකාව බලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඇමෙරිකන් බලධාරීන් ඊට අවසර නොදුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්පතට පවසා ඇත. 22 March 2018
මිනුම් කටයුතු විදෙස් සමාගම්වලට නොදෙන බව ඇමැති කියයි මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු විදේශීය සමාගම්වලට පවරා නොදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 22 March 2018
අයිස් කිලෝ දෙකක් මුන්දලමින් අල්ලයි “අයිස්” නමින් හඳුන්වන මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි. 22 March 2018
අලුත් ඡන්ද ක්‍රමය ගැන සමාලෝචනයක් ඕනෑ - අගමැති ඉදිරි මැතිවරණ පැවැත්වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(22) කොළඹදී පැවසීය. 22 March 2018
අගමැතිට සහය පළකරමින් එජාපෙන් අත්සන් ලේඛනයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 85 දෙනෙකු අද(22) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලේඛනයකට අත්සන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා ලංකාදිපයට පැවසීය. 22 March 2018
අනධ්‍යන සේවක සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය දිගටම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු මහතා සමග අද පැවති සාකච්ඡාව ද අසාර්ථකවූ බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය. 22 March 2018
ලක්ෂ 12ක කේරළ ගංජා ජින්තුපිටියෙන් අල්ලයි රුපියල් ලක්ෂ 12ක අධික වටිනා කේරළ ගංජා තොගයක් ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශ නිවසක සඟවා තිබියදී අද (22) පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි. 22 March 2018
එජාපය සහ සන්ධානය එක්ව ගාල්ලේ බලය පිහිටුවයි ගාල්ල මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව එකසත් ජාතික නිදහස් පෙරමුණේ ද සහයෝගය ඇතිව ලබා ගැනීමට අද (22) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී රැස්වූ එම මන්ත්‍රීකණ්ඩායම් විසින් ඒකමතිකව තීරණය කරන ලදී. 22 March 2018
කුරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ පොලිසියක රඳවාගෙනලු මුලතිව් නයාරු මුහුදු වෙරළෙන් මුහුදු ගොස් අතුරුදන් වූ හලාවත කරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ කඩලුර් ආසන්නයේ පොලිසියක රඳවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔවුන්ගේ ඥාතීහු පවසති. 22 March 2018
හින්දු පූජකයා මැරූ හමුදා සෙබළා ඇතුළු තිදෙනෙක් පෝරකයට හින්දු පූජකවරයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා හතරකට වරදකරුවන් වූ යුද හමුදා සාමාජිකයකු ඇතුළු තිදෙනකුට යාපනය මහාධිකරණය මරණ දඬුවම නියම කළේය. 22 March 2018
දිවා ආහාරය තවත් පාසල් 1000කට නොමිලේ පාසල් සිසුන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන යටතේ මේ වසරේදී තවත් පාසල් 1000ක සිසුන්ට දිවා ආහාරය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 22 March 2018
කංසා අවසරයේදී කල්පනාකාරී වන්න - වන්නිලඇත්තෝ කාංසා වගාවට අවසර දෙන්නේ නම් රජය එය කල්පනාකාරීව සිදු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තෝ පවසති. 22 March 2018
සිසුවා අපයෝජනය කළ සැකකරුගෙන් පාපොච්චාරණයක් හලාවත - ඉරණවිල පාසල් සිසුවකු අපයෝජනය කළැයි අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ නිල මැදිරියේදී පාපොච්චාරණය කළේය. 22 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026