අංජුල මහික වීරරත්න
අසීමාන්තිකව ණය ගෙන ඒවා ගෙවා ගන්නට නොහැකිව දුක් විඳින කාලයකට නැවත ගමන් කරන්නට ජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය.
තඹ සතයක්වත් නැති රටක් බාරගෙන අනාගතයක් ලබා දීමට යහපාලන රජයට හැකියාව ලැබුණු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේ මෝදර ‘‘ මෙත් සඳ සෙවන‘‘ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විනි.
ජනාධිපති , අගමැති සහ පාඨලී චම්පික රණවක මහතා අතින් නිවාස ඒකක 722 කින් යුතු නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මොනවද මේ දොඩවන්නේ? මේ රටේ "වැදගත් යයි " කියාගන්නා මිනිසුන් නේද මෙසේ පිස්සන් සේ නන්දොඩවන්නේ? අවංකව සිතය හැකි මහත්ම, මහත්මීන් (තම තමන් වන්දනා මාන කරන පක්ෂ ගැන නොසිතා) දන්නේ නම් මේ ඔලමොට්ටල කතා පිළිබඳව සත්‍ය, අසත්‍යතාවය අපගේ දැනගැනීම සඳහා දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
දැන් අවුරුදු 3ක් ගෙවනවා නේද? හා කියමු බලන්න රටට කරපු එක දෙයක්.
මේ මහත්තුරු කරපු දේවල් නම් මොනාද කියල නම් දන්නේ නෑ. හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා. අපි ණයක් ගත්තොත් ඊලග මාසේ ඉදන්ම ණය ගෙවන්න ඕන. හැබැයි රජයක් වෙන රටකින් ණයක් ගත්තොත් සහන කාල සීමාවක් තියෙනවා ණය ගෙවන්න පටන් ගන්න. මහින්ද ආණ්ඩුවෙන් රටට දරන්න බැරි තරම් ණය ගත්තා. සහන කාල සීමාවේ නිසා ණය නොගෙවා වැඩත් ගොඩක් කරා. දැන් සහන අවුරුදු කීපය ඉවර නිසා ඒවා ගෙවන්න ඕන. දැන් මහින්ද මහත්තය හිටියත් පාරවල් පාලම් හදන එක නතර කරලා ණය ගෙවන්නම ඕන. ණය ගෙවන්න නම් බදු ගහන්නම ඕන.
දැන් තියෙන්නේ ගෙවාගන්න බැරි හොරකම් කරන අහන ඉන්න බැරි පම්පෝරි ගහන කාලයක් නේ.
ලංකාවේ තිබෙන තිබෙන සීමිත ඉඩම් සහ නිවාස ප්රශ්නය විසදීමට ඇති එකම සහ ප්‍රයෝගික ක්‍රමය ශක්තිමත් මහල් නිවාස යෝජනා ක්‍රම ඇති කිරීමෙන් බොහෝ දුරට නිවාස ප්රශ්නය විසදිය හැකිය. රටේ දියුණුවත් සමග වැඩකරන ජනතාව නගරය කිට්ටුව පදිංචිවීම සිදුවේ. විශේෂයෙන්ම වතුකරයේ තිබෙන ඉතා කුඩා නිවාස ලයින් කාමර වෙනුවට සක්තිමත් මහල් නිවාස ඉදිකිරීමට රජය මැදිහත්විය යුතුය. වතුකරයේ නිතර ඇතිවන කාලගුණ විපර්යාස සහ කඳු නාය යාම් ඇතිවන නිසා සුදුසු පරිසරයක ඉක්මනින් මහල් නිවාස යෝජනා ක්‍රමයක් ඇතිකිරීම කාලෝචිත ක්‍රියාවකි. ඉන්දියාවෙන් ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු නිවාස 10,000 වෙනුවට මහල් නිවාස යෝජනා ක්‍රම කීපයක් ඇතිකිරීම යෝග්‍යය. වතුවල සේවය කරන සේවකයන්ට එම සමාගම් මගින් නිවාස සංකීර්ණයේ සිට වතුවලට සේවයට යාම සදහා මගී සේවයක් ඇතිකලහැකිය. ඉතා කටුක ජිවිතයක් ගත කරන මේ අසරණ මිනිසුන් වෙනුවෙන් රජය සහ වතු සමාගම් එක්ව වතුකරයේ තිබෙන නිවාස ප්‍රශ්නයට විසදුමක් දීම වටී. රටට විසල අදායමක් ගෙනෙන තේ කර්මාන්තයේ තිරය පිටුපස සිට අවුව වැස්ස නොබලා කටුක අපහසුම රාජකාරියක නිරතවන වතුකර දෙමල ජනතව වෙනුවෙන් යමක් රජය විසින් කල යුතුව ඇත.
එහෙමනම් මොකටද අපේ බැංකු පොලියටයි හැම දෙටමයි අමුතුවෙන් බදු ගහන්න පටන් ගත්තේ?
එක්කො මේ අයට පිස්සු. එහෙම නැත්නම් හරියට කියනව නම් මේ අයව පත්තර ගන්නා මහජනයාට පිස්සු.
ගිය ආණ්ඩුවේ වැඩනේ අවුරුදු 3ක් ගිහිල්ලත් විවෘත කරන්නේ . තාම විවෘත කරපු නැති එත් වැඩ ඉවර කරපුව තව ගොඩක් තියෙනවා.
ඔව් දැන් මොන යකාද අපිට නය දෙන්නේ ?
අපට ගෙවා ගන්න බැරි එකම ණය ඕගොල්ලෝ. ඕගොල්ලෝ චුතවෙලා යනවානම් අපි ලොකු නයක් ගෙව්වා වගෙයි
ඔව් ඉතින් නුඹලා ණය ගෙවන එකක්යැ...... රටේ ජනතාවනේ වන්දියත් ,ණයත්,පවත් ගෙවන්නේ.
එහෙම නම් ඉතින් ඔය ණය ටික ගෙවන්න මෙතරම් ලොකු අමාත්‍ය මණ්ඩලයක් ඕනෙද ?
පහුගිය කාලේ මහා විශාල පාරවල්, ගුවන් තොටුපළවල් වරායවල් හැදුවේ රජතුමාගේ සල්ලි වලින් වත් ජනතාවගේ බදු මුදල් වලින්වත් නෙමෙයි ගත්තු ණය වලින්.
එහෙනම් කිව්ව තරම් ලොකු ණය කන්දරාවක් නොතියෙන්න ඇති. සියළුම මහජනතාවට දැන ගන්න ඔබ තුමාට කියන්න පුළුවන්ද, කොයිතරම් ණයක් තිබුනාද, එය ඔබතුමන්ලා කියන මේ තත්වයට ගෙන ආවේ කෙසේද කියලා.
අනේ පව්! අපේ හිටපු මුදල් ඇමති තුමා තෙමිච්ච කුකුලෙක් වගේනේ. ඇයි මේ? ඔබ තුමා ඉන්නකෝ ටිකක් හුස්ම අරගෙන පපුව පුම්බල එඩිතරකම පෙන්නගෙන.
හැමෝම අලුත් ආණ්ඩුවක් හැදුවම කියන්නේ භාණ්ඩාගාරය හිස් . දැන් ණය ඔක්කොම ගෙවල ඉවරද? එතොකොට දැන් ගන්න ණය ගෙවන්න පුළුවන් ඒවාද? තව ආණ්ඩුවක් ඉසරහට ආවමත් කියයිද මේ කතාවම? දැන් අමාරු ණය ගෙවල ඉවරනම් මහජනතාවට සහන දෙන්න පුළුවන්නේ?