ජයන්ත සමරකෝන්
වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් පලා ගිය මත්කුඩු ජාවාරම්කරුවකු රටින් පිටව යන්නට ඇති බවට සැක කෙරේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් පස් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා පවසයි.
සැකකරුට පලායාම සඳහා බන්ධනාගාරය තුළින් සහයක් ලැබී ඇද්ද යන්න සොයා බලන බවද ඔහු කීවේය.
මෙම සැකකරු අධෝමුඛයේ මත්කුඩු සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒ බව පරික්ෂා කිරිම සඳහා රෝහල් ගත කර ඇත.
එහිදී මත්කුඩු ග්‍රෑම් 11.5 ක් සොයා ගත් අවස්ථාවක් සමඟම ඔහු පළා ගියේ ඉකුත් 5 වැනි දාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර නිලධාරීන් ඔක්කොම හොරු
කවුද මේ පලාගිය සිරකරු. වහාම එය රටට හෙළි කරන්න. වැලිකඩ සිර ගෙය එතරම්ම ආරක්ෂාව දුර්වල තැනක්ද..?