(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති.
මේ වන විට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේතු පොලිසියේ නිලධාරියකු පැවසුවේ එවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සියලු දේ සුදානම් කර තිබෙන බවයි.
නිරන්තර විමසිල්ලෙන් සිටීමට විශේෂ කණ්ඩායමක් යෙදවූ බවද එම නිලධාරීයා කීවේය.
දියවන්නා ඔයේ ජල මට්ටම ගැන නාවික අංශ නිලධාරීහු ද මේ දිනවල අවධානයෙන් පසුවෙති. ගංවතුර සමඟ දියවන්නා ඔයේ කිඹුල් බියක්ද ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහූ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණි ගඟේ වතුර වැඩිවෙන කොට දියවන්නාවෙ වතුර වැඩි වන එක කාටද නවත්තන්න පුළුවන්.
කැළණි ගගේ ගංවතුර පාලනයට එකම විසඳුම කිතුල්ගල ඉදන් කුරුණෑගල වයඹ කලාපයට උමගකින් වැඩි වතුර ගෙනියන එකයි......
රට කන, රට කබසීනියා කරන රැල එක්කම ඕක යටවෙලා උන් ටික චුත වෙලා ගියානම් මේ රටට හොද කාලයක් උදා වෙවි.
හාරත බුරුවො ඔක්කොම ඉන්න කොට හරක් මඩුවේ වහලත් නොපෙනෙන මට්ටම වතුර ගලන්න ඕනේ.............
තරහවන්න එපා මෙහෙම කීවට පාර්ලිමේෙන්තුව ගිල ගන්නවනම් හොදයි
දුප්පත් අපි ගංවතුරින් බැට කනකොට මෙයාලට ගංවතුර ආවාම මොකද ? එතකොටවත් තෙරෙවිනේ දුක කියන දෙය .මේ නිවට පලකයින්ව දියවන්නවටම් ගියාවේ .
ජයවර්දන පුර කියල ජේ ආර් ජවර්ධන කරපු ගොන් වැඩේ ප්‍රතිපල තමයි ඔය තියෙන්නේ. ඔතන තිබුණු මඩ වැගුර වැඩි වන වර්ෂා ජලය සෙමින් බැස්සවීමට තිබුණු හිස් වගුරක්.
යට වෙලාම ගියා නං හොඳයි . කිසිම වැඩකට නැති තැනක් ඕක .
සභාව පැවැත්වෙන වෙලාවක ගංවතුර ගලලා, යටවෙලා කිඹුල්ලු සභාව ඇතුලට ඇවිල්ල 225ම ගිලලා දැම්මනම් කොහොමද...?
රටේ ගංවතුර සහ අනික් ප්‍රශ්න විසඳන්න තිබුණු සල්ලි වලින් කෝටි ගණන් දීල ගත්ත වාහනවල නැගලා ඒ ඇමතිලා ටික යාවිනේ. අනික් අයටත් මොනවහරි වෙන්නේ නැතැයි.
ඔකේ ඇතුළේ ඉන්න අය ඔක්කම යට වෙලා යන්න ඕනෑ !!!!!
අපේ මන්ත්රීතුමන්ලව කොහොම හරි බේරා ගමු.
යට වෙනවනං දෙයියනේ කට්ටිය ඉන්න වෙලාවකම වෙන්ඩෝ.
වතුර කෝප්පයක් හරි දාලා මේ පින්කමට සහය දෙන්න
කිඹුලෝ............. ඔය දියවන්නාවේ ඉන්න ඔක්කොම කන්න ඕනා...........
මේ හොරුටික යටවෙන්නෙ නැහැ.තව කන්න පින තියෙනවා. දැක්කනේ කලින් පාර ගින්නෙනුත් බේරුණා. බැලුවහම සාමාන්‍ය ජනතාව වන අපි තමයි පවුකාරයෝ.