අමදෝරු අමරජීව
සිය දියණිය වසර දෙකක සිට වරින් වර ලිංගික අපයෝජනයට ලක් කරමින් වද හිංසා දුන් පියෙකු ජුනි 4 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මුතුර් මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එම්.එච්.එම්.සම්සුදින් මහතා නියම කළේය.
මෙසේ බන්ධනාගාර ගත වුයේ මුතුර් අක්කරචේන පදිංචි රපයිඩීන් ඉල්ලියාස් (35) නැමැති අයයි.
මෙසේ ලිංගික අපයෝජනය ලක් වු සැකකරුගේ මුල් විවාහයේ වයස අවුරුදු 12ක් වන දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා මුතුර් රෝහලටත් වැඩිදුර පරික්ෂණ සදහා ත්‍රිකුණාමලය මහා රෝහලටත් යොමු කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීමෙන් පසු අදාළවෛද්ය වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා මෙහිදි නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවගේ සුරක්ෂිත භාවය තහවුරු නොවූ රටක අපි අසරණව සිටින්නෙමු." අපි අසරණ වෙලා වගෙයි සිතට දැනෙනවා."
තමන්ගේම ලෙයින් උපන් දරුවාට මෙහෙම කරනවානම් ,පිටස්තර දරුවෙක්ව කොහොම අපයෝජනය කරයිද.? මිහිකත කම්පා වෙලා අනෝරා වැහි වසින එකත් පුදුමයක්ද.?