රෝවන් පෙරේරා
පුත්තලම සාලියවැව නීළබැම්ම අමුණ වාන් දැමීමට පටන් ගෙන ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය.
ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රාජංගනය ජලාශයේ ජලමට්ටම ඉහළ යෑමෙන් ජලාශයේ වාන් දොරටු විවෟත කිරීමත් සමඟ කලාඔයේ ජලමට්ටම ඉහළ යෑමට පටන් ගෙන ඇත.
කලාඔය හරස් කරමින් ඉදිකර ඇති නීලබැම්ම අමුණ නිරන්තරයෙන් වාන් දැමීම සිදු වුවද දින කිහිපයක පටන් අමුණෙන් පහළට ගලායන ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.
පුත්තලම මන්නාරම් මාර්ගය වසා දැමීමට එය හේතුවක් වී ඇති අතර ඉදිරියේදී අධික වැසි පතිත වුවහොත් නීළබැම්ම ගොවි ජනපදයට ද ගම්වතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්ථමේන්තුව පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd