(ආරියරත්න රණබාහු - සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව විගඩමක් කර ගන්න එපා යැයි කතානායක කරු ජයසුරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තරයේ අවවාද කරමින් අද (23) කියා සිටියේය.
වීරවංශ මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් ඇදීම සඳහා කිහිපවරක් මයික්‍රෆෝනය ඉල්ලා සිටියද ඊට අවස්ථාවක් නොලැබුණු නිසා මහ හඬින්‘කතානායකතුමෝ‘ යැයි හඬ නඟා පැවසු අවස්ථාවේදී නොරිස්සුම් තත්ත්වයට පත් වු කතානායකවරයා රීතී ප්‍රශ්නයට ඉඩ දී එය රීතී ප්‍රශ්නයක් නොවේ යැයි පවසමින් ඒ බව සඳහන් කළේය.
කතානායකවරයා විරවංශ මන්ත්‍රීවරයාට අවවාද කරමින් මෙසේද කීය.
‘මේක ශීලාචාර ස්ථානයක්. පාර්ලිමේන්තුව විගඩමක් කරගන්න එපා. ඉස්සෙරලාම මට කතා කරන්න දෙන්න .ඔබතුමා වාඩි වෙන්න මං තුන්වෙනි වතාවට කියන්නේ. ඉන්පසු විමල් වීරවංශ මන්ත්‍රීවරයා නහඩව අසුන්ගනු දකින්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු කතානායකතුමනි, පිරුණු කලේ දිය නොසැලේ කියන පාඨය ඔය සභාවේ හැමෝටම පෙනෙන තැනක ලියලා තිබ්බොත් (හැම මේසයකම ඇලෙව්වොත්) තමයි හොඳ... ආ !! එ්ත් අට පාස් කට්ටියට කියවගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ...
උපතෙන් ගෙනා වාචාල ගතිය නවත්වන්න කිසිවෙකුට බැහැ මහත්තයෝ.
මහරජාගේ වාසල කවටයින්, වන්දි භට්ටයින් බම්මන්නෝ රාජ සභාවට ආවහම මේ වගේ තත්වයක් ඇති වෙනවා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකෙන විදිහේ ජනතා නියෝජනයක් අද නැහැ.
විමල්ට නොවෙයි, අවවාද කරන්න ඕනෙ.. එයාව පාර්ලිමේන්තු ගෙනෙන්න ඡන්දෙ දුන් අයටයි.
උණු දිය හැලියේ කකුළුවාගේ කතාව මතක් වුණා..
මෙවන් අසාමාන්‍ය ආපදා අවස්ථාවක පාර්ලිමේන්තුවේදී විපක්ෂය කිසිඳු වගකීමක් නැතුව දේශපාලන කථා පැවැත්වීම සියලු දෙනාම හෙළාදැකිය යුතුයි.
ඉතින් කතානායකතුමෝ, අශීලාචාර අය, ශීලාචාර ස්ථානයක් ගැන කොහොමද දන්නේ?
පාර්ලිමේන්තුව විගඩමක් බවට පත්කළේ මේ කතානායක සහ අගමැතියි. අගමැති දෙන හස්ත සංඥාවලට අනුව කතානායක තීන්දු දෙන්නේ මේ පාර්ලිමේන්තුවේ විතරයි. කලින් හිටපු හැම කතානායකවරයෙක්ම ඒ තනතුරේ ගෞරවය උපරිමයෙන් රැකෙන විදියට කටයුතු කළා.
ඕකට තමයි කියන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා.
කියමනක් තිබෙනවා වැඩිම ශබ්දය පිටවන්නේ හිස් බැරල් වලින් කියා එකනේ බෙර වලිනුත් විශාල ශබ්ද පිටවන්නේ
මේක නූගත් කම සහ වාචාල කම.මේ වගේ අය පාර්ලිමේන්තුවට එවන්න ඡන්දෙ දුන්න මිනිස්සු පව්!
විපක්ෂයට කතා කරන්න නොදෙන එකම පාර්ලිමේන්තුව රනිල්ගේ පාර්ලිමේන්තුව. එකේ කතානයකට අවවාද කරන්න කෙනෙක් නැද්ද?
පළපුරුදු මන්ත්‍රීවරයකු සහ ඇමතිවරයකු ලෙස කටයුතු කළ කෙනෙක්, පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක ගරු කතානායකවරයාට උපහාස්මක අයුරින් ඇමතීම කිසිසේත් අනුමත කළ නො හැකිය. මෙවැනි අප්‍රසන්න, කට පාලනය කරගත නොහැකි බාලයන්ගෙන් බලාපොරොත්තු විය හැකි සදාචාරය කුමක්ද? කුමාරතුංග මුනිදාසයන් ලියු පරිදිම " හොඳ නරක දැනුමෙන් - නො ලැබී නුවණ නැතහොත් -එහෙයින් හොඳය සලකා - කරන දෙයද නොහොඳ වේ."
අර මොකද ? විමල් විතරක් ඔතන සිටින වැඩි හරියක් විගඩම් කරයෝනේ .මේ තියෙන්නේ පාර්ලිමේන්තුවක් කියල කාටද කියන්න පුළුවන් . වැදගත් කමට කීයෙන් කිදෙනාද කතා කරන්නේ . අගමැතිව බලන්න . කොහොමද කතා කරන්නේ කියා . ජනධිපතිව බලන්න එත් එහෙමනේ . ඉතින් අනිත් අය ගැන කවර කතාද
කතා නායක වැදි බණ දෙසයි.මුළු පාර්ලිමේන්තුවම විගඩමකි
කතානායක තුමනි ඔබගේ කතානායක පුටුවේ හැසිරීම අනුව ඔබට ලැජ්ජාවක් නැත්ද? අනිත් අයට මෙසේ කීමට "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට"
අර පාර්ලිමේන්තුවේ කව්ද හොරා කියා කියා අගමැතිතුමා බෙරිහන් දීපුවෙලාවේ ඔබතුමා කතානායක පුටුව යටද හිටියේ. මීට පෙර අවස්ථා කීපයකදීත් අපි දැක්ක ඔබතුමාගේ ක්‍රියාකලාපය. සමහර වෙලාවට අගමැතිතුමා පාර්ලිමේන්තුව ඇතුළෙම මුනටම බනිනවා. කතා නායක පුටුවෙන් අයින් කරනවා කියලත් බැන්න. පාර්ලිමේන්තුව විගඩමක් කරගෙන තියෙන්නේ ඔබතුමාම තමයි.