(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වූ නඩු තීන්දු රැසක් ලබාදුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු තරණතුරට සමුදීමට සිදුව ඇත.
යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමූදීමට සිදුව ඇත්තේ එම්.ඉලන්චේලියන් මහතා මේ මස 28 වැනි දා ත්‍රීකුණාමලයේ මහාධිකරණ විනිසුරු වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත්කර තිබේ.
ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු තුමන් 2015 වසරේ ජුනි 1 වැනි දා යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාරගත්තේද ත්‍රීකුණාමළයේ සේවය කිරීමෙන් පසුවය.
එමෙන්ම ඉලන්චේලියන් මහතා යුද සමයේදී ද වව්නයාව දිස්ත්‍රීක්කයේ මහෙස්ත්‍රාත්වරයා වශයෙන්ද සේවය කර ඇති අතරම යුද සමයේදී මහත් සේවයක් කළ විනිසුරුවරයෙකි. එවකට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි අයෙකි.
අනතුරුව යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසුව ආන්දෝලනයකට ලක් වූ විද්‍යා දැරියගේ නඩු තින්දුව ලබා දුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කලේද ඉලන්චේලියන් මහතාය.
ඉන් පසුව ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබූ සිදුවීමේදීද විනිසුරු වරයාගේ කම්පා වීම හා ලෙන්ගතුබාවය දුටු ලෝකවාසී ජනතාවගේ මහත් ජනාදරයට පත්වූ මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් එතුමන් හැඳින්විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කරන මනුස්සයට ඔහොම තමා වෙන්නේ මේ රටේ. හැමදාම එක තැන පල් වෙන්න වෙලා තියෙන්නෙත් ඕව නිසා තමා!
මාතෘකාව දැක්ක සැනින් කණගාටුවක් ඇතිවුණා. නමුත් එතුමා මේ ක්ෂේත්රය තුළ සිටින බව දැනගත් නිසා සතුටු වෙමි. තවත් මෙවැනි මහාධිකරණ විනිසුරුවරුන් අවශ්‍යයි.
ඔබ තුමා වඩාත් සුදුසු වන්නේ කොළඹ මහාධිකරණයටයි
මෙතුමාට මහාධිකරණ විනිසුරු ධූරයෙන් ඉහළට එන්න දෙන එකක් නැහැ රට කරවන අයියලා රැල නම්.
ඔබතුමා කොච්චර ජන ප්‍රසාදයට පත් උනත් කමක් නෑ. එක එක්කෙනාගේ ලණු කාල දේශපාලනයට එහෙම එනවා නෙවෙයි.
මෙතුමාට අපි හදවතෙන්ම සුබ පතමු!
ගුණගරුක විනිසුරු තුමෙක්. අප ඔබට සුබ පතනවා.!!!!
කිසියම් කටයුත්තක් සඳහා දැනට දින කිහිපයකට පෙර අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ගියවිටදී, යාපනය ප්‍රදේශයේ අධිකරණ නිලධාරියෙකු මෙපුවත මා හට කියා සිටියා. ඔබතුමාගේ සාධාරණ සහ කාරුනිකත්වයටත්, අපක්ෂපාතිත්වයටත් අපි ඔබතුමාට හිස නමමු. විනිසුරු තුමනි,ඔබතුමා අප රටේ නීති ක්ෂේත්රයේ මිණි පහනකි.
මේ විනිසුරු තුමා කොළඹට මාරු කලානම් දැන් බේරී බේරී ඉන්න ලොකු ලොකු තෝරු මෝරු ටිකක් දැලට අල්ලගන්න තිබ්බා. එහෙම වුනා නම් දේශපාලකයන් හුගදෙනෙක් භය වෙනවා.
මේ වගේ විනිසුරුවරු ලෝකයට සාමය ඇති කරයි. කවද හරි දිනයක ඒජි වීමට සුබ පැතුම්
මෙතුමා අගවිනිසුරු කමට වුවද සුදුසුය.............
එතුමාට දිගාසිරි සහ ජය ප්‍රාර්ථනය කරනවා.
මිනිසුන්ට නොඅසුනාට දෙවියන්ට ඇහෙනවා, ඒ නිසා ශබ්ද දුෂණය කරන්න එපා කියල පුසාරිට කියන්න තරම් එඩිතර, අපක්ෂපාත, යුක්ති ගරුක වූ ඔබතුමන් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!
ජාතිය ආගම කුලය නොතකා රටේ බහුතරයේ ගෞරවයට ආදරයට පත්වු උතුම් මිනිසෙකී. ඔබට දීර්ගායූ පතමී.
මෙන්න නීතියේ ලොකු පුටුවට සුදුස්සෝ ! මෙතුමාගේ දෙමව්පියන්ටත් අපේ ආචාරය ! මනුස්සකම් නැති උගත්කම් රේස් එකේ දරුවන් යවන ලංකාවේ නුතන මව්පියන්ට හොඳ ආදර්ශයක්.
ඔබතුමා කවදා හෝ දිනක ලංකාවේ අග්‍රවිනිශ්චයකාර තුමා වෙන්න ඕන කෙනෙක් . එසේ වීමට අපගේ උණුසුම් සුභ පැතුම් .
යුක්තියට වැඩ කරන අයුක්තියට හිස නොනමන අපේ කාලයේ වීරයෙක් , මේකේ දමල තිබෙන කමෙන්ට්ස් ටික බැලුවම පෙනෙනවා ඔබතුමාට මිනිස්සු කොපමණ ගරු කරනවද ආදරේද කියල
අපි ප්‍රර්ථනා කරමු ඔබතුමා විග්නේෂ්වරන් නොවේවා කියලා. උතුරු මහා ඇමැති විග්නේෂ්වරනුත් හිටුපු විනිශ්චය කාරයෙක් දැන් දේශපාලනයට ඇවිල්ල නඩු අවුස්සනවා
විශිෂ්ඨ විනිසුරු වරයෙක්...........ඔබ ජනාධිපති සඳහා සුදුසුයි.....
මේ අදහස්ම ඇති එතුමාට සතුටුවෙන්න. ජාතිය ආගම නෙවෙයි මිනිස් ගතිගුණ හොද ගතිගුණ වලට මිනිස්සු සදාකාලික ගරුකරනවා