(ඩයනා උදයංගනී)
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රත්නපුර,, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, කළුතර, දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
මේ අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහි ඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරණායක, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කඩවත්සතර, ගාල්ල නාගොඩ, නෙලූව, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ස`දහා නායයාමේ අවදානම් ඇති බවට රතු නිවේදන නිකුත් කර තිබේ.
මෙම දිස්ත්‍රික්කයන්හි ඉවත් විය යුතු ස්ථාන හා ඉවත්වීමේ සූදානමින් සිටිය යුතු ස්ථාන පිළිබඳ වෙන වෙනම ජනතාව දැනුම්වත් කර තිබෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.
මෙම ප්‍රදේශයන්හි බෑවුම් ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මීට වඩා වහිනවා. හැබැයි ඔය වගේ නාය යෑමේ තර්ජන තිබ්බේ නැහැ නේද?