(බිඟුන් මේනක ගමගේ)
ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුර සඳහා තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ප්‍රමාද කිරීම ගැන සොයා බලන්නැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ප්‍රාදේශීය ළමා ආරක්ෂක තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනි දා පුවත්පත් දැන්වීමක් මගින් අයැඳුම්පත් කැඳවා ඔක්තෝම්බර් 12 වැනි දා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත් එයින් තෝරාගත් 116 දෙනෙකුට ඒ බව දෙසැම්බර් 12 වැනි දා ලිඛිතව දැන්වීමට ළමාරක්ෂක අධිකාරිය කටයුතු කර ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
තනතුරට අදාළ විධිමත් පත්වීම් ලිපියක් යථා කාලයේදී නිකුත් කරන බව එහි සඳහන් වුවද මාස පහකට අධික කාලයක් තිස්සේ පත්වීම් පමා කිරීමෙන් සුදුසුකම්ලාභීන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි සංගමය අවධාරණය කරයි.
එම නිසා එම උපාධිධාරීන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි පත්කිරීම් කඩිනම් කිරීමට මැදිහත්වන්නැයි එම සංගමය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රධාන පක්ෂ දෙකම කතා කරගෙන යම් ආසන ප්රතිශතයක් උපාධිධාරීන්ට දෙන්න. පසුව ටිකෙන්ටි ක එය පොදුවේ වැඩිකරන්න. ලිස්ට් ක්රමයක් වුණත් අනුගමනය කළ හැකියි.
මෙයාලගෙන් වැඩිදෙනෙක් බලාපොරොත්තුවෙන්නේ ගුරු පත්වීම්. උදේ හත හමාරේ ඉඳලා එක හමාර වෙනකම් විතරයි ඉස්කෝලේ ඉන්න ඕන. ඊට පස්සේ ප්රයිවට් ටියුෂන් දෙනවා නැත්නම් වෙන බිස්නස් එකක් කරගන්නවා.
උපාධිය දක්වා රජයේ මුදලින් ඉගෙන ගෙන ඊට පස්සේ රජය අනිවාර්යයෙන් රැකියාවකුත් හොයල දිය යුතුද ? ඔහොම ගියොත් ඉදිරියට කියාවි රජය උපාධිධාරීන්ට පරස්ථාවකුත් හොයල දීල දැවද්දකුත් දෙන්න කියල , ඊට පස්සේ පවුල ලොකු වුනහම රජයෙන් නිවසකුත් දීල , දරුවන්ට ජනප්රිය පාසලකුත් දෙන්න කියාවි