(ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි හතලිස් හතර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් තොගයක් මාලදිවයින බලා රැගෙන යෑමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටි එරට වැසියකු අද (22) සවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි එම කාර්යාංශයේ උසස් නිලධාරියකු පැවසීය .
මෙම 33 හැවිරිදි මාලදිවයින් ජාතිකයා එරට බලා යෑම සඳහා ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එම ප්‍රකාශකවරයා පැවසීය .
මෙම පුද්ගලයා විසින් රැගෙන විත් තිබූ සිය අත් බෑගයේ කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 39 යි මිලි ග්‍රෑම් 340 ක් බර හෙරොයින් තොගයක් සඟවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු අද (23) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd