( සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද සහ සිරංගිකා ලොකුකරවිට )
දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පැතිරයෑම වැලැක්වීමේ පියවරක් වශයෙන් අධ්‍යාපන කළාප අටක පාසැලවල ප්‍රාථමික අංශ තවත් දින තුනක් වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි . වික්‍රමසිරි මහතා පැවසිය.
මෙම උණ රෝගය නිසා 22 සහ 23 යන දින දෙකේ පමණක් පාසැල් වසා තබා 24 වන දින එම පාසැල් නැවත විවෘත කිරිමට කර තිබූ තිරණය වෙනස් කර 24 25 සහ 28 වන සඳුදා යන දින තුන මෙසේ වසා තැබෙනු ඇත 29
වන දින පෝය දිනය බැවින් 30 වන බදාදා එම පාසැල් නැවත විවෘත කිරිමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ තත්වය යටතේ දකුණු පළාතේ ගාල්ල මාතර අකුරැස්ස මුලටියන තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් පාසැල්වල ප්‍රාථමික අංශ වසා තැබීමට තීරණය කර තිබූ නමුත් උඩුගම සහ මොරවක යන අධ්‍යාපන කලාප දෙකට අයත් පාසැල්වල ප්‍රාථමික අංශද වසා තැබිමට කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන් බවද වික්‍රමසිරි මහතා පැවසිය.
මේ අනුව අධ්‍යාපන කලාප අටක පාසැල්වල ප්‍රාථමික අංශ වසා තබනු ඇත.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි එම කලාප අටේ පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති මෙම දින තුන තුලදී වසා තබනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd