(සිතුම් චතුරංග)
කිලිනොච්චිය ,ධර්මපුරම් යුනිට් හත ප‍්‍රදේශයේ හිටපු කොටි සාමාජිකයකුගේ නිවස ආසන්නයේ වළදමා තිබූ ලෝහ උපකරණ සෙවීමට ගන්නා ස්කෑනර් යන්ත‍්‍රයක් හා ජීව පතුරම් තොගයක් අද (23) දහවල් පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සිදුකළ පරීක්ෂාවකදී සොයා ගනු ලැබීය.
වවුනියාව පරයානම්කුලම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝගය යටතේ ආරක්ෂක අංශ නිලධාරීන් හා පොලිසිය නිවස ආසන්නයේ සැක සහිත ස්ථානයක් බැකෝ යන්ත‍්‍රයක ආධාරයෙන් සිදු කළ කැණීමකදී පොළව අභ්‍යන්තරයේ යකඩ පෙට්ටියක සූක්ෂම ලෙස අසුරා තිබූ ස්කෑනර් යන්ත‍්‍රය හා පිස්තෝල සඳහා යොදාගන්නා ජීව පතුරම් කිහිපයක් ද සොයා ගෙන තිබේ.
ජීව උණ්ඩ හා ස්කෑනර් යන්ත‍්‍රයේ කොටස් නොදිරන ලෙස පොලිතින් හා ග‍්‍රීස් යොදා අසුරා තිබූ බවද පොලිසිය පවසයි.
පොලිසිය පැවසූයේ නිවස හිමි හිටපු කොටි සාමාජිකයා වසර ගණනක් විදේශ ගතව සිටින බවත් ඔහුගේ බිරිඳ හා ඥාතීන් අදාළ නිවසෙහි පදිංචිව සිටින බවත්ය.
යුද සමයේදී මෙම උපකරණ තොගය නිවස අසල වළදමා ඇති අතර මෑත කාලයේ දී නිවැසියන් විසින් එම ස්ථානයට ඉහළින් සිමෙන්ති අසුරා ඇති බවද සඳහන් කළේය.
නිවස හිමි හිටපු කොටි සාමාජිකයා විසින් මෙම උපකරණ සඟවා තැබුවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පැවසීය.
සොයාගත් ස්කෑනර් යන්ත‍්‍රය පසුගිය යුද සමයේ කොටි සංවිධානය විසින් බෝම්බ සෙවීම සඳහා යොදාගත් යන්ත‍්‍රයක් විය හැකි බවට ආරක්ෂක අංශ සැක පළ කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න තමයි ඕවා ඔහොම හොඳටම අසුරලා තියෙන්න ඇත්තේ...
වලෙන් අවිආයුධ ටික ගොඩට ගෙන කොටියා වලට දමා වසා දමන්න.
යහපාලකයින් සංහිඳියාවක් ගැන කතා කරනවා. අපේ ඉඩම්වලින් හමුදාව අයින්කරගෙන නැවත ඒ අයට දෙන්න කතා කරනවා.
දැන් ඉන්න පාලකයින්ට තේරෙනකොට පරක්කු වැඩියි. යුද්ධය දෙමළ අය දින්නා නම් සිංහල අපට බල්ලෝ වගේ ඉන්න තමයි වෙන්නේ... හැබැයි යුද්ධය දිනපු ජාතිය සිංහලයෝ වෙලත් මේ රජය නිසා සිංහලයාට ඉන්න වෙලා තියෙන්නේ.... බල්ලන්ටත් වඩා පහත් විදියටයි.
බමුණුසිංහ මහත්තයාගේ උපහාසය නම් අගෙයි.