( උපාලි ආනන්ද)
වැලිඔය පොලිසිය අත්අඩංගුවේ සිටි තමා එදින රාත්‍රියේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් බරපතල ලෙස අපයෝජනය කළ බවත් එම තත්වය නිසා තමන් දැඩි වේදනාකාරි තත්වයක පසු වන බවත් 12 හැවිරිදි පිරිමි දරුවකු උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට සහ පරිවාස නිළධාරීන්ට ප්‍රකාශ කර තිබේ.
දරුවා තවදුරටත් පරිවාස බලධාරීන්ට පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය 8 දා අත් අඩංගුවට ගත් බවයි.
එසේ අත් අඩංගුවට ගෙන පසු දින (09) පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය පොලිසිය තුළ රදවා තබා ගත් බවද ප්‍රකාශ කර ඇති දරුවා එදින රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු තමන් බරපතල ලෙස අපයෝජනය කළ බවද සදහන් කර ඇත.
තමන් අපයෝජනය කළ මෙම සිද්ධිය යමෙකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද, දරුවා තවදුරටත් පරිවාස නිලධාරින්ට කියා ඇත.
දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් නිවාසයට යොමු කර ඇත්තේ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මනෝජ් ප්රභාකරන් මහතා පසුගිය 9 දා පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය.
පොලිස් නිලධාරියෙකු විසින් තමන් අපයෝජනය කරන ලද බව දරුවා පරිවාස නිලධාරින්ට පැවසීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු කටයුතු සඳහා පරිවාස නිලධාරීන් විසින් නොපමාව දරුවා අනුරාධපුර කොට්ටාස ළමා හා කාන්තා කාර්යංශයට බාර දී තිබේ.
පසුව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ නියෝග මත අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මිය සිද්ධිය පිළිබඳව දරුවාගෙන් දීර්ඝව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අනතුරුව දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර ඇත.
වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සනාථ කර ඇත්තේ 12 හැවිරිදි මෙම පිරිමි දරුවා බරපතල ලිංගික අපයෝජනයකට ලක් වී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පොලිස් නිලධාරින්ගෙන් පලිගන්නවෝ !! කෝ මේ අපේ විමලා?
මේ උදේට භාවනා කර වැඩ පටන් ගන්න අය නේද?
අද ගොඩ නැගී තිබෙන්නේ තමන්ගේම පියාගෙන් සහ පොලිසියෙන් දූෂණය වන සමාජයකි.
උදේට බැටන් පොල්ල... හවසට පොලිස් පොල්ල... වැටත්, නියරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ අමාරුව... පොලිස්පතිතුමනි පොල්ල අතට ගන්න කාලය හරි...
වහාම එල්ලා මැරීමේ නීතිය ගේන්න ඕනේ...
ආදරය, කරුණාව, දයාව, දරු සෙනෙහස අද සමාජයෙන් ගිලිහිලා... මෛත්‍රී බණ භාවනා නමට විතරයි. නමුත් අපි බෞද්ධ රටේ අයයි...
රටක නීතියෙන් පවා ආරක්ෂාව කඩවුණු මෙවන් දරුවන්ට යුරෝපයේ රැකවරණ සඳහා තානාපති කාර්යාල හරහා ඉල්ලුම් කරන්න පුළුවන්... මෙම භයානක අවස්ථාවම තම දියුණුවට උපයෝගී කර ගැනීමට ලංකාවේ පුළුවන් කෙනෙක් මේ ළමයාට උදව් කරන්න.
සතුන්ව අත්අඩංගුවට ගන්න නීතියක් තියෙන්නේ කොහේද?
මුල්ම මානවයාගේ රංචුවෙන් පරිණාමයට ලක් නොවී ශේෂ වූ එකෙක් විය හැකිය