ඇමතිකමක් නොලැබීම ගැන පියසේන ගමගේ කනස්සල්ලෙන් කැබිනට් සංශෝධනයේදී යළිත් වරක් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දීම සඳහා තමන්ට ආරාධනා ලැබුණු බැවින් ඇමතිවරුන් දිව්රුම් දෙන අවස්ථාවට තමන් සම්බන්ධ නොවූ බව නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2018
ජපුර හිටපු නගරාධිපතිගේ පෙත්සම අස්කරගනි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සඳහා මන්ත්‍රී ධුර බෙදී ගිය ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු නගරාධිපති ජනක රණවක මහතා ගොනු කළ රිට් පෙත්සම ඉල්ලා අස්කරගන්නා බව අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී. 03 May 2018
ජනපති කාර්ය මණ්ඩල ප්රධානිගේ වැඩ තහනම් මෙරටදී ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි එම් කේ මහානාම මහතාගේ වැඩ තහනම් කළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2018
අල්ලස් ගත්තැයි ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති අත්අඩංගුවට මෙරට දී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියක් සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි එච් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන මහත්වරු අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ. 03 May 2018
කැබිනට් සංශෝධනය ගැන ඇමැති අලුවිහාරේ කනස්සල්ලෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු ආණ්ඩු පත් කිරිමට පමණක් මාතලේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නා බවත් සිදුවු කැබිනට් සංශෝධනය පිළිබදව කනස්සල්ලෙන් පසුවන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා අද (03) දා මාතලේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය. 03 May 2018
කාගීල්ස් ආයතනය නවගත්තේගම වට්ටක්කා සේරම මිලදී ගනී නවගත්තේගම කොන්කඩවල සහ ගාමිණි පුර වට්ටක්කා ගොවින්ගේ වට්ටක්කා වගාව අලෙවි කර ගැනීමට නොහැකිව විනාශ වූ බව ප්රවෘත්ති පළ වීමත් සමඟ එම වට්ටක්කා මිලදී ගැනීමට කාගීල්ස් ආයතනය ඉදිරිපත් වී තිබේ. 03 May 2018
ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක ගුවන් ගමන් ප්‍රමාදයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කිහිපයක ඇති වූ අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් අද (03) ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද කිරීමට සිදු වු බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි. 03 May 2018
තාජුඩීන් ලුහුබැන්ද පුද්ගලයා අඳුරගන්න බැහැලු රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය වීමට පෙර ඔහු ලූහුබඳින සැක සහිත පුද්ගලයාගේ දේහ ප්‍රමාණය මූලික කර ගනිමින් නිගමනයක් ඉදිරිපත් කළ නොහැකි බවත්, ඔහුගේ දේහයේ විශේෂිත ලාක්ෂණික වෙනස්කමක් හඳුනා ගැනීමට නොහැකි වූ බවත් ආණ්ඩුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂක එස්. ඒ. බටකන්ද මහතා වාර්තා කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 03 May 2018
මහඇමැතිගෙන් විදුහල්පතිනියට බලපෑම් ආ බව පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව කියයි ඌව පළාත් මහ ඇමැතිවරයාගෙන් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනියට කලක් තිස්සේ බලපෑම් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කෙරුණු අනුකමිටුවක වාර්තාවේ නිරීක්ෂණවල සඳහන් වේ. 03 May 2018
ලංකාවේ ඇනකොන්ඩා පැටවුන් 2ක් ඉන්දියාවට ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිටි ඇනකොන්ඩා පැටවුන් දෙදෙනෙකු ඉන්දියාවට ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය වාර්තා කර ඇත. 03 May 2018
වැටුප් නැතැයි ගිංතොට තුනී ලෑලී සමාගම් සේවකයෝ පාරට බසිති ගිංතොට තුනිලෑලි පෞද්ගලික සමාගමේ සේවකයින්ට මාස දෙකක වැටුප් ලැබි නොමැති බව එම සේවකයෝ පවසති. මාර්තු හා අප්‍රේල් යන මාසවල වැටුප් නොලැබුණු බව පවසන එම සේවකයෝ මේ හේතුවෙන් ඔවුන් දැඩි අසරණ තත්වයට පත්ව ඇතැයිද සඳහන් කරති. 03 May 2018
බාල තේ නිෂ්පාදනය ගැන සිදු කෙරෙන පරීක්ෂණ ගැන පසු විපරමක් ඇතැම් කම්හල් සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කර බාල තේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් තමන් සිදුකරන පරීක්ෂණ ක්‍රමවේදය ගැන පසු විපරමක් කිරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. 03 May 2018
මෙවර කැබිනට් සංශෝධන මේ රජයේ අවසන් සංශෝධනයයි - දුමින්ද මෙවර කැබිනට් සංශෝධනය වත්මන් රජයේ අවසන් කැබිනට් සංශෝධනය බවට පත්කරගෙන ඉදිරි කෙටි කාලයේ දී රට හා ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළ යුතු යැයි නව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම ධූරයේ වැඩ භාරගනිමින් පැවසීය. 03 May 2018
රන් සම්මානය සොයන්න නියොජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විමර්ශනයක් හෙළයේ මහා සිනමාකරු අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් ලැබුණු රණමයුර සම්මානය ඒ මහතාගේ ආදාහනය සිදුවූ ඊයේ (02) දිනයේදී අතුරදන් වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 03 May 2018
නේවි සම්පත් අල්ලන්න මහජන සහාය පතයි සිවිල් වැසියන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවකු අල්ලා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. 03 May 2018
‘ඇමැති නිල රිය භාවිත කළේ දින 8 යි‘: සරත් ෆොන්සේකා අමාත්‍යවරයකු ලෙස තමාට ලබාදුන් මෝටර් රථය ධාවනයට යොදවා ඇත්තේ දවස් 7 හෝ 8 ක් පමණක් බව තිරසාර සංවර්ධන වනජීවි හා ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා අද (3) පැවසීය. 03 May 2018
‘ග්ලයිෆෙසේට් තහනහම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමන් දන්නෙත් නෑ‘ - රතන හිමි ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම පිළිබඳව විමසූ අවස්ථාවේ තමන් එවැනි තීරණයක් නොගත්තේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසූ බවත් ඒ පිළීබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් විමසු අවස්ථාවේ තමන් කිසිවක් නොදන්නා බව ඔහු ද පැවැසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 03 May 2018
තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණයට හිටපු ජනපතිගේ පවුලේ ආරක්ෂකයන් ගැනත් සොයයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට වසර 3 1/2ක් පුරා ආරක්ෂාව සැළසු නාවික හමුදා නිලධාරීන් භාවිතා කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන රගර් කී‍්‍රඩක මොහොමඞ් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන බව රහස් පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 03 May 2018
උතුරු ඉන්දියාවේ දුවිලි කුණාටුවෙන් 76 ක් මරුට උතුරු ඉන්දියාවේ රාජස්ථාන් හා උත්තර් ප්‍රදේශ් හරහා හමා ගිය ප්රචණ්ඩ දූවිලි කුණාටුවක් හේතුවෙන් 76 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 03 May 2018
ශ්‍රීලනිප 16 දෙනා අපිත් එක්ක එක්වන බවට නිල දැනුම් දීමක් තවම නෑ. - ජී.එල්. කියයි අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වන බවට තවමත් දැනුම් දීමක් කර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (4) පැවැසීය. 03 May 2018
‘කෘෂි අමාත්‍යංශය පරණ ස්ථානයටම ගෙන යනවා‘ -මහින්ද අමරවීර ‘කෘෂිකර්ම අමාත්‍යංශයට හොඳම තැන කලින් අමාත්‍යංශය තිබු ගොඩනැගිල්ලයි. ඒ ස්ථානයටම නැවත අමත්‍යාංශය ගෙන යාමට උපරිම උත්සාහ කරනවා‘ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (03) පැවසීය. 03 May 2018
ලොකු ලූනු - අර්තාපල් ආනයන බද්ද ඉහළට ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කිරීමේදී පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත පෙර තිබු රුපියල් 40 දක්වා වැඩිකර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 03 May 2018
සීතාවක හිටපු ප්‍රා.සභාපතිට මරණ තර්ජන හංවැල්ල තුන්නාන දී ව්‍යාපාරිකයකුට පහර දුන් බව කියන සීතාවක ප්‍රාදේශීය සභාවේ එජාප ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු ඊයේ (2) රාත්‍රී සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සිව් දෙනෙකුට ගිනි අවියක් සහ තියුණු ආයුධ පෙන්වා මරණ තර්ජන කළැයි අද (3) පැමිණිලි කර ඇති බව පාදුක්ක පොලිසිය පවසයි. 03 May 2018
විදේශ සේවයට අලුතෙන් 21 ක් ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරීන් 21 දෙනකු අලුතින් බඳවා ගනු ලැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 03 May 2018
ලංකාවෙන් රත්රන් ඉන්දියාවට ගෙන ගිය 6 ක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගිය රත්රන් කිලෝ ග්‍රෑම් 32කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ‘‘ඉන්දියා ටුඩේ ‘‘ පුවත් වෙබ් අඩවිය අද (03) වාර්තා කළේය. 03 May 2018
කුලියාපිටියේ දී සිසුවාට පහර දුන් සිද්ධියේ පොලිස් පරික්ෂණ අරඹයි පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රීලනිපයෙන් තරඟ කර පරාජයට පත්වූ අපේක්ෂකයකු අමානුෂිය අන්දමින් කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යයකුට යම් සිද්ධියක් මුල්කර ගනිමින් පහරදුන් ආකාරය සටහන්ව තිබූ සීසීටීවී දර්ශන ඊයේ (2) මාධ්‍යට නිකුත් විය. 03 May 2018
කණ්ඩාවලෙයි ප්‍රා.ලේ.කා. භූමියේ හමු වු බෝම්බ කොටි සංවිධානයට අයත් බව තහවුරුයි කිලිනොච්චිය- කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙන් හමු වූ අමුතු ආකාරයේ බෝම්බ යුද සමයේදී කොටි සංවිධානය නිෂ්පාදනය කළ ඒවා බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 03 May 2018
සර්වඥ ධාතුන් වහන්සේලා නැවත ඉන්දියාවට වැඩම කරවති ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සිට පසුගිය දින ගුවන් මගින් මෙරටට වැඩම කරවු ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා මූලගන්ධිකුටි විහාරයට නැවත වැඩම කරවීම සඳහා අද (03) පැවති උත්සවයට බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ සිරිලක් මැදුරට පැමිණ සිටියහ. 03 May 2018
හබරාදූව වෙරළ තීරයේ අනවසර ඉදිකිරීමක් කළ විදේශිකයා අත්අඩංගුවට හබරාදුව දලවැල්ල වෙරළ තීරයේ අනවසර ඉදිකිරිමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ජාතිකයකු ඉදිකිරිම කරමින් සිටි බැකෝ රියදුරු බැංකෝ යන්ත්‍රය සමඟ හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 03 May 2018
කොටි ආයුධ සොයා කිලිනොච්චියේ පොළව හාරයි කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී යුද සමයේ කොටි සංවිධානයට අයත් ආයුධ තොගයක් වළදමා ඇති බවට මතු වූ සැකයක් හේතුවෙන් පොළව කැනීම් කටයුතු කළද මෙතෙක් කිසිවක් හමු නොවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 03 May 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026