රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 01 May 2018
අලුත් සැසිය ගැන සාකච්ඡා කරන්න හෙට පක්ෂ නායකයෝ රැස්වෙති පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට එහි පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට (02) පස්වරු 2.00ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය. 01 May 2018
ජන ගහන වර්ධන වේගය වසර දෙකක් වෙනසක් නෑ ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය පසුගිය වසර දෙකක කාලයේදී නොවෙනස්ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2018
නියම සමෘද්ධි හිමිකරුවන් හොයන්න එජාපෙන් කමිටුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (01) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අඩු ආදායම් ලාභීන්ට රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරය ලැබීමට නියම සුදුසුකම් ඇති පුද්ගලයන් ගැන සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ. 01 May 2018
ජාතික නීති සතිය 21 වැනි දා සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වාර්ෂිකව පවත්වන ‘‘ජාතික නීති සතිය ’’ ලබන 21 වැනි දා සිට 27 වැනි දා දක්වා දිවයින පුරා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති යූ.ආර්.ද සිල්වා මහතා පැවසීය. 01 May 2018
ඌවේ වෛද්‍ය වර්ජනයක් ඌව පළාතේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ගෙවිය යුතු සියලු හිඟ අතිකාල දීමනා මැයි 7 වැනි දා ට පෙර නොගෙවන්නේ නම් පළාතේ සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය. 01 May 2018
මාස 4ක් තිස්සේ ළමා ආරක්ෂණයට අධ්යක්ෂ මණ්ඩලයක් නෑ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්කිරීම මාස හතරක් තිස්සේ පමාවීමෙන් එහි පරිපාලනමය කටයුතුවලට දැඩි බාධා පැමිණ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 01 May 2018
දේශපාලන පලිගැනීම් කැබිනට් පත්‍රිකා යළි සලකන්නැයි ඉල්ලීක් දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරින් වෙත සහන සැලැසීමේ අරමුණෙන් නිකුත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පහ නැවත සමාලෝචනයට ලක්කරන්නැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටී. 01 May 2018
ටී. බී. ඉලංගරත්නයන්ගේ ගුණ සමරයි ටී. බී. ඉලංගරත්න ශූරීන්ගේ ගුණ සැමරීම අද (1) නවම් මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුව ඉදිරිපිටදී සිදු කෙරිණි. 01 May 2018
සාක්කි වසන් කළ පොලිස් ලොක්කාට ඇප දෙනවාට නීතිපතිගේ විරෝධය සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහත්වරුන් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 01 May 2018
සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට - ඇමැති රාජිත සෞඛ්‍ය සේවයේ ප්රගතිශීලී ගමනට නිලධාරිවාදය හරස් වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 01 May 2018
‘විද්‍යාත්මකව වෙනස් වු එකම අමාත්‍යංශය වනජිවීයයි’-මහින්ද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විද්‍යාත්මකව වෙනස්වූ එකම අමාත්‍යංශය වනජීවී අමාත්‍යංශය පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවැසීය. 01 May 2018
‘කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මක බව හොයන්නත් කමිටුවක් දාන්න වෙයි‘ දැන් වෙසක් පෝයත් ඉවරයි. සිංහල දමිළ අලුත් අවුරුද්දත් ඉවරයි. මේ වෙනකල් කැබිනට් සංශෝධනයක් ගැන කථා කර කර හිටියා. මහලොකු බලාපොරොත්තු දුන්නා. ලොකු කථා කිව්වා. 01 May 2018
ඇමැති වෙනස ලෝක විහිළුවක් - විජිත හේරත් නව කැබිනට් මණ්ඩල සංශෝධනය ජාතික රජයේ තවත් ලෝක විහිළුවක් බවත් ඉන් රටේත් ජනතාවගේත් ගැටලුවලට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ලංකාදීපයට පැවසීය. 01 May 2018
‘අවස්ථාවාදී පහත් දේශපාලන සංස්කෘතියක් රටේ බිහිවෙලා’-ජනපති ජනතා සිහින පසෙක තබා පෞද්ගලික දේශපාලන සිහින පමණක් සැබෑ කරගන්නා අවස්ථාවාදී පහත් දේශපාලන සංස්කෘතියක් රටේ බිහිවී තිබෙන බවත් හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා පෞද්ගලික සිහින පසෙක තබා ජනතා සිහින සැබෑ කිරිමට ගන්න දැරූ ශ්‍රේෂ්ඨ ජන නායකයකු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 01 May 2018
ජාතික උරුමය පිළිබඳ විෂය පථය ඇමැති අකිලගෙන් ඉවත් කෙරේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු සදහා වැඩි ඉඩක් ලබාදීම වෙනුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ජාතික උරුමයන් පිළිබඳ විෂය පථය ඉවත් කිරීමට තීරණය කර තිබේ. 01 May 2018
දුෂණ වංචා සනාථ කරන්න නීතීඥ සුගන්දිකාට සති දෙකක කාලයක් නීති ක්ෂේත්රයේ සහ පොලිස් නිලධාරීන් විසින් කළ බව කියන දුෂණ වංචා ගැන කතාකළ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීමට ඇති සාක්ෂි සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙතට ඉදිරිපත් කරන්නැයි 01 May 2018
‘කැබිනට් ඇමැති ධුරයකට ආරාධනා ලැබුණා‘- පා.ම තොණ්ඩමන් තමන්ට රජය සමඟ එක් වි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහිපයකදිම ආරාධනා ලැබුණු බව ලංකා කම්කරු කොංග්රස් සභාපති, මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය. 01 May 2018
වෘත්තීය සමිති තුනක් මැයි දිනය මහනුවරදී සමරති අදට (01) යෙදී තිබෙන ලෝක කම්කරු දිනය ලබන 07 වැනිදාට සැමරීමට රජය තීරණය කර තිබුණද වෘත්තීය සමිති තුනක සහභාගීත්වයෙන් මහනුවර දුම්රිය පොළ ඉදිරිපිටදී අද (01) මැයි දින සැමරුමක් පැවැත්විණි. 01 May 2018
සර්බියානු උප අගමැති හෙට දිවයිනට සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඊවිසි ඩාසෙක් මහතා සංචාරයක් සඳහා මෙම සතිය තුළ මෙරටට පැමිණෙනු ඇති බව සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 01 May 2018
කාන්තාවන් රැවටූ හොර කට්ටඩියෙක් අත්අඩංගුවට වෙසක් පුන් පොහෝ දිනට යෙදී ඇති විශේෂ නැකැත් අවස්ථාවකට අනුව දරුවන් නොමැති මව්වරුන්ට දරුවන් ලැබීමට සහ නිවෙස් වල පවතින ආරවුල් තුරන් කර සතුට සාමය ලබා දීමට යැයි පවසමින් මුදල් ලබා ගනිමින් ලිංගික අඩත්තේට්ටම් කර කාන්තාවන් රැවටු කට්ටඩියෙකු ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 01 May 2018
යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකරන උත්සවයට සියල්ල සුදානම් යුද්දය අවසන් වී වසර 9 ක් ගෙවීම නිමිත්තෙන් අවසන් යුද බිම වූ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද ස්මාරකය අසලදී යුද්දයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ උත්සවය වෙනුවෙන් සියල්ල සූදානම් බවට යාපනය ශිෂ්‍ය සංගමය පවසයි. 01 May 2018
නිතීඥ සුගන්ධිකා ප්‍රනාන්දුට අවවාද කර මුදාහරී අධික වේගයෙන් රිය පැදවීයැයි වරද පිළිගත් නීතීවේදී සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට අවවාද කර මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය. 01 May 2018
නාය යෑමේ අවදානමෙන් බදුල්ල ගිනිගත්ගල මාර්ගය වසයි හල්දුම්මුල්ල වල්හපුතැන්න හන්දියේ සිට කිලෝමීටරයක් පමණ දුරට මෙම මාර්ගය විටින් විට නාය යමින් පවතින බැවින් බදුල්ල ප්‍රධාන මාර්ගයේ 175 කිලෝමීටර් කණුවවට නුදුරින් මෙම අවදානම වැඩි වශයෙන් ඇතැයිද ඒ හෙයින් මෙම ස්ථානයෙන් ගමන් කිරීම වහාම නවතන ලෙසද මහජනතාවට දැනුම් දී තිබේ. 01 May 2018
සිසුවෙක් අපයෝජනය කළැයි බාලවයස්කාර 4ක් අත්අඩංගුවට තම ටැබ් පරිගණකයට වීඩියෝ ගේම් එකක් දමා ගැනීම සඳහා මිතුරකුගේ නිවසකට ගිය 13 හැවිරිදි පාසල් සිසුවකු නිරුවත් කොට එම දර්ශන වීඩියෝ කර අපයෝජනයට ලක් කළ බව කියන බාල වයස්කාර මිතුරන් සිව් දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය පවසයි. 01 May 2018
මාදම්පේ ළිඳකට වැටුණු කිරිඉබ්බන් තබ්බෝව ජලාශයට මාදම්පේ පොල් වත්තක අනාරක්ෂික ළිඳක වැටී සිටි කිරි ඉබ්බන් 14 දෙනකු පුත්තලම වනජීවී පාලන ඒකකය විසින් රැගෙන විත් තබ්බෝව ජලාශයට මුදා හැරිමට කටයුතු කර තිබේ. 01 May 2018
කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා ආදහන පූජෝත්සවයක් බෙලිඅත්තේදී කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා ආදාහනය කිරීමේ වැඩසටහනක් බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස වල හා විහාරස්ථානවල තිබූ කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා එකතුකර බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත්කර සෑයක් ඉදිකර සුදුහදුන් දර භාවිතා කර භික්ෂූන් නමක ආදාහනය සිදුකරන ආකාරයෙන්ම මෙම ප්‍රතිමා ආදහනය කිරිමට සියලු කටයුතු සංවිධානය කර තිබිණි. 01 May 2018
රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීම හෙට අලුත් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් හෙට පෙරවරු 10.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිතය. 01 May 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026