ප්‍රසාද් මුතුකුඩ
රුපියල් ලක්ෂ ගණනින් මුදල් අයකර ඉතාලිය ,කැනඩාව, ඕස්ට්‍රේලියා වැනි යුරෝපීය රටවලට පුද්ගලයින් යැවීම සඳහා වීසා බලපත්‍ර ඇතුළු ලියකියවිලි ව්‍යාජ ලෙස සාදන ලද හොර කච්චේරියක් වැටලු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් සැකකරුවෙක් ඇතුළු දේපළ අද (21) අත්අඩංගුවට ගනු ලැබීය.
මීගමුව වැල්ලවීදිය කීර්තිසිංහ පෙදෙසෙහි මෙලෙස ව්‍යාජ කච්වේරියක් පවත්වාගෙන ගිය සැකකරු 44 වියැති අවිවාහකයෙකි. ඔහු හිටපු වාප්පු නිලධරයකු බව ද පොලීසිය කියයි.
ධීවර ගම්මානයක් මැද පිහිටි මෙම නිවසේ සැකකරු විසින් දිගු කලක සිට මෙය පවත්වා ගෙන ගොස් තිබු බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
මීගමුව කොට්ඨාසය බාරව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ ද නම ඇතුළත් කරමින් පොලිස් මූලස්ථානය් නම සඳහන් ශිර්ෂ පත්‍රිකා ව්‍යාජ ලෙස මුද්‍රණය කර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් වෙත යොමු කිරීමට සැකසු ලිපි ලේඛන, උසස් නිලධාරින්ගේ නම සඳහන් රබර් මුද්‍රා, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනද , කොළඔ උසස් පාසල්වල විදුහල්පතිවරුන්ගේ නම සඳහන් ලියකියවිලි කරන ලද මෙහෙයුමේදී සොයා ගෙන තිබු බවත් මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල දෙන ලැදැයි පැවසෙන විදේශ රටක සිටින පුද්ගලයකු පිළිබඳව ද සැක පළ කරන බවත් ඒ පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරලාහරි මිනිස්සු මේ රටින් පැනගන්න හදන්නේ මේ නරාවලේ ලැගගෙන ඉදලා මේ ආත්මෙකට ගොඩ එන්න බැරි නිසානේ. අනික පිටරටවල වැඩ කරන අය දන්නවා, ඔය ඉන්දියාවෙන් සහ තවත් ආසියානු රටවලින් උපාධි සහතික හදාගෙන එන අයට වඩා අපේ රටවලින් යන සාමාන්‍ය සේවකයින් දක්ෂයින් බව. වැරදි දේ වැරදීයි තමයි.
මේක ජාතික සේවයක්. මොවුන් නැත්නම් රටට විදේශ විනිමය එන මාර්ග ගොඩක් අඩු වෙනවා.
මීගමුවේ මාර වැඩකාරයෝනේ ඉන්නේ.
රජයේ ආයාතන වල කාර්යක්ෂමතාවය නැති නිසා පෞද්ගලික අංශයේ කච්චේරියක් විවෘත කරන්න ඇති කාර්යක්ෂමව ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න ඒකටත් මේ යහාපාලන ආණ්ඩූවෙන් ඉඩක් නැති හැඩයි.