හර්ෂණ තුෂාර සිල්වා
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමගම අතර අත්සන් තබන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ අවසන් වාරික මුදල වන ඇමෙරිකන් ඩොලර් මිලියන 584 මුදල ලැබුණු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අද (20) සඳහන් කළේය.
ඒ වෙනුවෙන් අදාළ චෙක්පත චයිනා මර්චන්ට් සමූහයේ ශ්‍රී ලංකා නියෝජිත රේ රෙන් මහතා අද (20) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වෙත බාරදුන් බව ද එම නිවේදනයේ දැක්විණි.
එහි පළමු වාරික මුදල වන එක්සත් ජනපද ඩොලර් මිලියන 292 පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීද දෙවැනි වාරික මුදල වන එක්සත් ජනපද ඩොලර් මිලියන 97 මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබිණි.
ඉකුත් දෙසැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාව නිල වශයෙන් හම්බන්තොට වරායේ වාණිජ කටයුතු සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් චීන සමාගම වෙත පැවරීය.
අදාළ සම්පූර්ණ ගිවිසුමේ වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.12කි . ඒ අනුව ඉතිරි එක්සත් ජනපද ඩොලර් මිලියන 146 ක මුදල වරාය සහ සාගර සම්බන්ධ කටයුතු සඳහා ආයෝජනය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකමට හිතුණ අගමැතිතුමා නිවාඩුවක් ගතකරන්න පිටරට යනවා කියල කියනකොට. දැන් අනිත් කට්ටියත් යයි මගේ හිතේ?
ඊට පස්සේ විකුනන්නේ මොකද්ද?
රටේ සම්පත් විකුණලා සල්ලි අරන්.... මාහා ලොකු හපන්කමක් කළා වගේ කතාව.