( රංජිත් රාජපක්ෂ)
තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් නොලැබුණු වැඩිහිටි දිමනාව එම ආධාර ලාභින්ට ගෙවිම් කටයුතු පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ ගිනිගත්හේන ප්‍රාදේශිය කාර්යලයේ නිලධාරින් විසින් අද (21) ආරම්භ කර තිබේ.
බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් පහකට අයත් වැඩිහිට දිමනා ලාභින් 875 දෙනෙකුට ගෙවිම් කටයුතු මෙහිදී සිදු කෙරේ.
බගවන්තලාව ධර්මරාජ විහාරස්ථානයේදි මෙම වැඩිහිටි දිමනාව ලබා දිම අද සිදු කළ අතර අද එම මුදල ලබා ගැනිමට නොහැකි වු වැඩිහිටයන්ට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය වෙත පැමිණ ලබා ගැනිමට හැකි බවත්, ඉදිරි දින කිහිපය තුළ තම ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සියලුම වැඩිහිටි දිමනා ලාභින්ට එම මුදල ලබා දිමට අවශ්‍ය කටයතු කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්. අනේ මේ අහිංසක වැඩිහිටියන්හට එසේ ලබාදීම විශාල පිනකි.