සානුකම්පිත හේතු මත පොලිස් ඇප වෙසක් පොහෝ දින මත්පැන් ළඟ තබා ගෙන විකීණීමේ නිරත වූ බව කියන 80 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් අසල විහාරස්ථානයකට ගොස් බුදුන් පුදා කළ වරදට සමාව ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ පුවතක් පාදුක්ක පොලිසියෙන් වාර්තාවේ. 01 May 2018
ජනපතිත් ජනපති ලේකම් කාර්යාලයට අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය. 01 May 2018
හිටපු ඇමැති විජයදාසත් ජනපති ලේකම් කාර්යාලයට අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහභාගී වීම සඳහා හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද කොළඹ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය. 01 May 2018
යතුරුපැදිය ගහේ වැදී මවත් දුවත් මරුට මව, පියා සහ කුඩා දියණියක ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මවත් දියණියත් අද (1) අලුයම මියගිය බව අරලගංවිල පොලිසිය කියයි. 01 May 2018
පරස්පර ඇමැතිධුර හෙට ගලපයි - විෂය පථවල ලොකු වෙනසක් හෙට පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 30 April 2018
ආණ්ඩුවේ ගිවිසුමට කුඩා පක්ෂත් ඇතුළු කරගන්නලු ආණ්ඩුවේ ඉදිරි මාස 18ක කාලය සඳහා ප්‍රධාන පක්ෂ දෙක අතර අත්සන් කිරීමට නියමිත එකඟතා ගිවිසුමට තමන්ද ඇතුළත් කර ගන්නැයි ආණ්ඩුවේ සිටින අනෙකුත් පක්ෂවලින් ද ඉල්ලීමක් ඉදිරිපත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 30 April 2018
බසය පල්ලමකට පෙරළී 32ක් රෝහලේ කටුගස්තොට කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මඩවල දී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 32කු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 30 April 2018
අලුත් දුම්රිය මැදිරි දින හතරෙන් වනසලා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර - මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර තිබේ. 30 April 2018
20ට සහාය දෙන්න දෙමළ සන්ධානයෙන් කොන්දේසියක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දීමට නම් ජාතික ප්‍රශ්නයටද ස්ථීර විසදුමක් ගෙනදිය යුතුයැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය. 30 April 2018
කොටින්ට අවි ආයුධ රැස් කළ සිව් දෙනෙකුට සිරදඬුවම් කොටි සංවිධානය වෙත අවි ආයුධ රැස් කර ඒවා ශ්‍රී ලංකාවට රහසිගතව රැගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ එම සංවිධානයේ ආධාරකරුවන් සිව් දෙනෙකුට එරෙහිව තමිල්නාඩුවේ රාමනාදන්පුරම් අධිකරණය විසින් වසර දහය , තුන සහ මාස හය බැගින් වූ සිර දඬුවම් නියම කර ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (30) වාර්තා කළේය. 30 April 2018
කාන්තාවන්ට පහර දුන් එප්පාවල පොලිස් ලොක්කාගේ වැඩතහනම් එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ දී ගම්වාසින් පිරිසකට පහර දීමේ සිද්ධියට එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය ඊයේ (29) සිට අත්හිටුවා තිබේ. 30 April 2018
පාර්ලිමේන්තුවේ දෙවැනි සැසියට පෙර විශේෂ පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය විවෘත කිරීමේ උත්සවය පිළිබඳ ත්‍රිවිධ හමුදාවේ විශේෂ පෙරහුරුවක් ලබන 06 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 30 April 2018
මැයි දිනය කල් දැමුවත් මැයි රැළි කිහිපයක් හෙටත් ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් උත්සව මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රජය විසින් කල් දැමුවද, කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කිහිපයක් හෙට (1) මැයි දින සැමරුම් පවත්වති. 30 April 2018
‘අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින්න‘ - ශ්රීපාදස්ථානාධිපති අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ අද (30) බැතුමතුන්ගෙන් ඉල්ලීමක් කළහ. 30 April 2018
ලෙස්ටර්ගේ අවසන් කටයුතු බදාදා නිදහස් චතුරස්රයේදී සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා (02) සවස කොළඹ නිදහස් චතුරස්රයේදී සිදු කෙරේ. 30 April 2018
දියණියගේ රන් බඩු සොරාගත් පියා අත්අඩංගුවට හක්මන පොල්කීරිපිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් හය ලක්ෂ හැත්තෑදහසක් වටිනා රන් ආභරණ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිවස හිමි කාන්තාවගේ පියා සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හක්මන පොලීසිය පවසයි. 30 April 2018
වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලීසියෙන් මාර්ග නීතී ගැන පාඩමක් වෙසක් පුන්පොහෝය නිමිත්තෙන් යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් වෙසක් පුන් පොහෝ දින හා පසු දිනවල වන්දනාවේ යනෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වෙසක්පුන් පොහෝදා සිට ආරම්භ කර තිබේ. 30 April 2018
හොර නෝට්ටු ළඟ තබා ගත් 4 ක් අත්අඩංගුවට රුපියල් 55000ක ව්‍යාජ නෝට්ටු සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි. 30 April 2018
දකුණූ සුපිරි මඟේ භික්ෂුන් රැගත් වෑන් රියක් අනතුරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ භික්ෂූන් වහන්සේලා රැගත් වෑන් රථයක් 64 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මීට සුළු වේලාවකට පෙර අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි. 30 April 2018
හිටපු ඇමැති වෙල්ගමගේ ඉඩමකින් හොරෙන් ගස් කැපූ අයෙක් අත්අඩංගුවට හිටපු ප්‍රවාහන අමාත්‍ය හා වත්මන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ඉඩමකින් රුපියල් 50000/- කට වඩා වටිනා මහෝගනී ගස් දෙකක් හොරෙන් කැපු පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි. 30 April 2018
බණ්ඩාරවෙල අධිකරණ ලේඛනාගාරයේ ගින්නක් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (30) උදෑසන හදිසියේ ඇති වු ගින්නක් විනාඩි 45ක කාලයකින් මැඩ පැවැත්වු බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 30 April 2018
ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් මෙවර ශ්‍රි පාද වන්දනා වාරය අද (30) උදෑසන ශ්‍රි පාද උඩුමළුවේ පැවැති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් කෙරිණි. 30 April 2018
ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි අක්කර පහකින් යුත් විශාල ගොවිබිමක වගා කළ වට්ටක්කා අස්වැන්න වෙසක් පොහෝ දින (29) දන්දීමට කටයුතු කළ ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පදිංචි පී.ජී. ජයවීර නමැති තරුණ ගොවි මහතකු පිළිබඳව ලංකාදීපයට වාර්තා වේ. 30 April 2018
ගාල්ලේ සුපිරි පාසලක පලහිලව්වක් ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක 3 ශේණියේ සිසුවකුට එම පාසලේම 8 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් දෙන ලදැයි කියන පෙති වර්ගයක් පානය කිරීමෙන් පසු එම සිසුවා මත්විම නිසා රෝහල් ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කරතිබේ. 30 April 2018
වෙසක්දා මාළු බෑමට ගිය තරුණයෙක් වැවේ හැංගෙයි වෙසක් පුන් පොහාය දින රත්තොට දන්කන්ද වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයකු වැවේ ගිලි අතුරුදන් වී ඇතැයි රත්තොට පොලිසිය කියයි. 30 April 2018
වෙසක්දා සූදු කෙළියේ යෙදුණු 16 ක් අත්අඩංගුවට වෙසක් පුන් පොහෝදා රාත්‍රීයේ කැටැන්දොළ නිවසක මිදුලේ මුදල් ඔට්ටුවට තබමින් මහා පරිමාණයෙන් සූදු කෙළියේ යෙදී සිටි පුද්ගලයින් 16 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි. 30 April 2018
ලෙස්ටර් සමුගනී හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අද (29) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රප්ත වූ බව ඉතා සංවේගයෙන් යුතුව වාර්තා කරමු. 29 April 2018
රජයක් තියෙනවාද කියා නොදන්න නිලධාරීන් ඉන්නවා - ගලබොඩ ඤාණිස්සර හිමි රාජ්‍ය ආයතනවල වත්මන් නිලධාරීන් රජයක් තිබෙනවාද හෝ රජයේ ලොක්කන් සිටීදැයි පවා නොදැන කටයුතු කරන වාතාවරණයක් ඇතැයි කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියෝ කොළඹදී අද (29) පැවැසීය. 29 April 2018
බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි කොළඹ අගරදගුරුතුමෝ කතෝලිකයන්ගෙන් ඉල්ලති බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි තමා සියලු කිතුණුවන්ට ආරාධනා කරන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝ වෙසක් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරති. 29 April 2018
කිම් ජොන් අන් - ට්‍රම්ප් හමුව මැයි මාසයේ උතුරු කොරියානු නායකයා හා තමන් අතර හමුව ඉදිරි සති තුන හතරක කාලයේදී සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. 29 April 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026