සිතුම් චතුරංග
කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප්‍රදේශවාසීහු කියති.
ගම්මානයේ ගවයින් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා ගම්වාසින් සිව්දෙනකුට ප්‍රථමයෙන් පහරදී සපාකා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.
පහරදීමෙන් පසු දිවියා ප්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිටි අතර එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ද හට ගැණින.
දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිදරන් මහතා ප්රමුඛ වනජීවි නිලධාරී කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම අතරවාරයේ දී දිවියා විසින් වනජීවි නිලධාරියකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
ගම්වාසීන් අවට ප්‍රදේශවල රැදී සිටීම හේතුවෙන් මෙහෙයුම සිදුකිරීමේ අපහසුතාවයක් ඇති බවට වනජීවි නිලධාරීන් ගම්වාසීන්ට දැනුම්දී ඉවත්වන ලෙස දන්වා තුවාලකරු රැගෙන වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියබව අම්බාලකුලම් ප්‍රදේශවාසීන් පවසා සිටියහ.
වනජීවි නිලධාරීන් ඉවත්වීමත් සමඟ ගම්වාසීන් පිරිසක් පොලූ මුගුරු අතැතිව දිවියා මරාදැමීම සඳහා සොයමින් සිටියදී එහි සිටි පිරිසට නැවත වරක් පහරදුන් දිවියා පුද්ගලයින් පස්දෙනකු සපාකෑහ.
දිවියාගේ පහරදීමත් සමඟ එම ස්ථානයට පැමිණි සෙසු ප්‍රදේශවාසීන් දිවියාට පොලූ මුගුරු වලින් පහරදී මරාදමණු ලැබීය.
දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප්‍රදේශවාසීන් කියති.
වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මරාදැමුණු දිවියා දිගින් අඩි පහක් පමණ හොදින් වැඩුණු සත්වයකු බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය සඳහන් කරති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවියාට පහර දීමට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට ගත යුතුයි
දැන් ඉතින් දෙන්නා වැඩේට බහීවි...........
අපට නුදුරු අනාගතයේදේම මෙවන් අලංකාර සත්වයන් මේ දිවයිනෙන් වදවී යාවී . අප සත්වයන්ගේ නිජබිම සංවර්ධනය කලේ ඔවුන්ගේ දිවි පෙවෙත ගැන කිසිදු විමර්ශනයක් නොකර.......... මම කම්පවෙමි.. දුක්වෙමි..................කඳුළු සලන්නෙමි.
අදහස් පල කර පලක් නැත. හරිම කණගාටුදායකයි...නිවන් සුව පතමි...
වනජීවී නිලධාරීන් හරිම දුර්වලයි දිවියා වුනත් අහිංසකයෙක්
කට්ටිය ලොකු වීරකමක් කරලා වගේ උස්සගෙන ඉන්නේ ... තිරිසන් සතුන් විදිහටම හැසිරෙනවා..
මිහිපිට බුද්ධිමත්ම සත්වයා මිනිසා යන කියමන් වෙනස් කල යුතු කාලය එළඹ ඇති බව මගේ හැඟීමයි. අපරාදේ වටිනා සතෙක් අහිමි වුණා.
දැන් මේ රටේ අමනුෂ්‍ය වෙස්ගෙන ඇති මිනිස්සු කරන නින්දිත සහ පාපතර ක්‍රියා නිසා වන අලි, දිවියන්, වලසුන් ආදී මොනයම්ම සත්වයෙක් නිසා අහිමිවන මිනිස් ජීවිත දෙස කරුණාවෙන් බැලීමට නොහැක. අහිංසක වන සතුන්ගේ වන ලැහැබවල් පාපතර ලෙස ආක්‍රමණය කරන මිනිස් ප්‍රේතයින් නිසා එම සතුන්ගේ මුල් වාසභූමි සහ ආහාර සොයාගත් ක්‍රම සියල්ලම ඒ සතුන්ට අහිමි වී ඇත. මේ නිසා එම සතුන් ගම්වදියි. බලන්න මරාදැමූ මේ අසරණයට වධදෙන ආකාරය. සතුන්ට මෙතරම් අකාරුණිකවන මිනිසා කෙසේ තම වර්ගයාට මෛත්‍රී කරයිද යන ගැටලුව ඇත. මේ සත්වයා මරාදැමූ සියලු නොමිනිසුන්ට යහපතක්නම් කිසිකලෙකත් නොවෙනු ඇත.! මේ අසරණ සත්වයාට මතු උපදින කවර ආත්ම භාවයකදීවත් මෙවන් තිරිසන් ආත්මයක් නොලැබේවා...!!!
මේ අපරාධය කල මිනිසුන්ව වහාම අත්අඩංගුවට ගන්න.
මනුස්සයන් කපා කොටා මරණ රටේ සතුන් ගැන කවර කතාද ?වනජීවී නිලධාරීන්ට පුහුණුවක් ලබාදෙන්න මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා .ඉතාම කනගාටුයි !
මෙවැනි සතෙකු මරා දැමීමට නීතියෙන් අවසරයක් නැත. මේ සතා මරා දමා ප්‍රසිධියේ සෙල්ෆිද ගනිති. පහර දී මරා දමන දර්ශනද ඇත. පොලිසිය හා නීතිය කොහිද ?
දිවියාගෙන් බේරෙන්න ඌව මැරූ බව ඇත්ත. ඒත් මරපු සතාව උස්සගෙන හිනාවෙවී ෆොටෝ ගහන එක ගැන නම් කණගාටුයි.
වන ජීවි නිලධාරීන් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කර නැත. "දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප්‍රදේශවාසීන් කියති." දිවියා බේරාගැනීමෙ මෙහෙයුම සඳහා සූදානම් නැති බව පෙනෙන්නට තිබේ. දිවියා ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ත්වයකි. එබැවින් අපි ජනතාව දැනුවත් කළ යුතු අතර මේ සත්වයාව ආරක්ෂා කළ යුතුය.
ලංකාවේ මිනිසුන්ගේ නොමිනිස්කම සහ නීතිය වල් වැදී ඇතිබව මේ පළකර ඇති දසුන් වලින් මානවට පැහැදිලිවේ. වනසතුන්ටත් වඩා පහත් මානසික තත්වයකින් කටයුතුකර ඇති බව පැහැදිලිවේ. පොලිසිය පැමිණ ගම්වාසීන් විසිරුවා හැර වනජීවි නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට වතාවරණය සකස් කරදිමවෙනුවට වනජීවි නිලධාරීන් සහ පොලිසිය ගම්මුන්ට කොටියා හෝ දිවියා අල්ලා ගැනීමට ගැනීමට බාරදී ඔවුන්ගේ රාජකාරිය මගහැර ඇතිබව මනාවට පෙන්නුම් කර ඇත. කොටියා හෝ දිවියා මරා දැමීමට අවස්ථාව සලසා දුන් වනජීවි නිලධාරීන් සහ පොලිසිය නිතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම සම්බන්දව රජය විසින් පරීක්ෂණයක් කළයුතුව තිබේ. මිනිසුන් නීතිය අතට ගන්නේ නීතිය ක්‍රියාත්මක කරන අයවලුන්ගේ නිසි මැදිහත්වීම නොමැතිවීම බව කණගාටුවෙන් කිවයුතුමය.
හරිම දුකඊ...