(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහත්වරුන් අතරේ අද (20) මැතිසබයේදී උණුසුම් බහින්බස් වීමක් ඇතිවිය.
උණුසුම් කතා බහ ඇතිවුයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී බිමල් රත්නායක මහතා අදහස් දක්වමින් රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ යම් යම් කටයුතු විවේචන කළ අවස්ථාවේදීය.
බිමල් රත්නායක මහතා
ග්‍රේරු ඇමතිතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. ඔබතුමා සයිටම් එක වෙනුවෙන් පෙනී සිටින එක වැරදියි.
(ග්‍රේරු ඇමතිවරයා යමක් කියයි)
බිමල් රත්නායක මහතා
ඔබතුමා වාඩි වෙන්න. මගේ කාලය ගන්න එපා. අනේ ඔබතුමා ඔය කරන වැඩේ කැතයි, කැතයි ලැජ්ජයි, ලැජ්ජයි නින්දිතයි .ඔබතුමා ඔයිට වඩා හොද වෙන රස්සාවක් හොයා ගන්න.
ග්‍රේරු ඇමතිතුමා කලක් ඔයත් ෆිසික්ස් (භෞතික විද්‍යාව) ගුරුවරයා තමයි නමුත් ඔබ මෙතන ඇත්ත කියන්න ඕනා.
ඇමති ග්‍රේරු මහතා
මෙතැන මඩ ගහන්න ලැහැස්ති වෙනවා එපා. බොරු මඩ ගහන්නේ නැතුව වාඩි වෙනවා.
බිමල් රත්නායක මහතා
ඔයා ඔයාගේ ලයිසියම් එක ගොඩ දාගන්න ඔපිස් අවේ නැද්ද? කියන්න කියන්න. ඔබතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. එහෙම කර කර සයිටම් එක පැත්ත වාඩි වෙනවා ලැජ්ජයි, ලැජ්ජයි කැතයි, කැතයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ උසස් පෙළ පාස් වෙන්න ඇත්තේ ටියුෂන් යන්නේ නැතුව වෙන්න ඇති . ග්‍රේරෝ සර් කියන්නේ ඉස්සර හිටිය හොද භෞතික විද්‍යා ගුරුවරයෙක්. ඕනෙනම් ඔහේලගෙ ළමයින්ට මුදලට උගන්වන්න එපා. කරුණාකර අනෙක් අයට ඉඩ දෙන්න. මුන්ට පිස්සු
එයා අධයාපනය විකුණු වෙළෙන්දෙක් තමයි .ඒ නිසාමයි. සයිටම් එකට පක්ෂව පෙනී ඉන්නේ. මේ අයට ලැජ්ජාව කියළා එකක් නැහැ ප්රශ්නය ඒකයි.
ඔය රණ්ඩු සරුවල් " දන්සලේ බත තැම්බෙනකම් " විතරයි. මේ හිගන්නොටික සම්භාවනීය නළු,නිලියෝ ටිකක්.
රජයේ පාසල් විශ්වවිද්‍යාල සියල්ලම පිරිහිලා. ලොකු කුඩා සියලුම පාසල්ම වල මත් ද්‍රව්‍ය ප්‍රසිද්දියේ අලෙවි වෙනවා. ළමා අපචාර අනන්තවත් වෙනවා.
බ්මල්ට පනත ගැන කියන්න දෙයක් නැති නිසා බොරුව පැටළුණා.
මෙයාලගේ දීමනාව තව ලක්ෂයකින් වැඩිකරන යෝජනාවක් ගෙනෙන්නකෝ බලන්න. ඔක්කොම එක පැත්තක.
නිදහස් අධ්‍යාපනය ඉදිරි පරපුරට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජවිපෙ කළ කාර්යභාරය අමතක කරන්න එපා. සයිටම් සටන සිහිපත් කරන්න.
ලයිසියම් කියන්නේ හොඳ පාසලක්. සල්ලි ගත්තට උගැන්වීම හොදා. ඒකට යැව්වට පාඩුවක් නැහැ.