ඉන්ෆ්ලුවන්සාව නිසා උදුගොඩ රාජසිංහ විද්‍යාලයේ 1 ශ්‍රේණිය වසා දමයි කෑගල්ල , උදුගොඩ , කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට ඉන්ෆ්ලුවන්සා (ඒ) වෛරස් උණරෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ එම විදුහලේ පළමු ශ්‍රේණිය අද (26) වසා දැමීමට පියවර ගෙන තිබිණි. 26 June 2018
එළවලු ගිනි ගණන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල එළවලූ මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇතැයි පාරිභොගිකයෝ චෝදනා කරති. 26 June 2018
‘මා සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම ආණ්ඩුව බාරගත යුතුයි‘ තමන් සිරගත කිරිමේ වගකීම අනිවාර්යයෙන් ආණ්ඩුව භාරගත යුතු යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 26 June 2018
ඇවන්ට්ගාඩ් නඩුව ජූලි 25 දාට කල්යයි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ලබන ජුලි මස 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (26) නියම කළේය. 26 June 2018
එක්දින හැඳුනුම්පත් සේවයෙන් වසරකදී කෝටි 25 ක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ එක් දින සේවාව මගින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමෙන් ගිය වසරේදී රුපියල් විසිපන් කෝටි පනස් හතර ලක්ෂ තිස් අට දහසක මුදලක් උපයා ගෙන ඇත. 26 June 2018
අගමැතිගේ සමීපතමයන් අඟේ ඉඳන් කන කනවා ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යා ලේඛන දෙමින් අගමැතිවරයාගේ ප්‍රතිරූපයට හානිකිරීමට ඔහු සමීපයේම සිටින නිළධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය. 26 June 2018
සිසු විරෝධතාවෙන් නාවල මාර්ගය අවහිර වෙයි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් නාවල අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. 26 June 2018
අනතුරට පත් නෞකාවේ සිටි 11 ක් නාවික හමුදා සහයෙන් බේරා ගනිති කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබු ‘‘මුතා පයනියර්’’ නැමැති වෙළෙඳ නෞකාවේ සිටි කපිතාන් ඇතුළු නාවිකයන් 11 දෙනෙකු අද (26) අලුයම නිරුපද්‍රිතව බේරාගත් බව නාවික හමුදාව කියයි. 26 June 2018
‘උදයංග වීරතුංග ගෙන්වීමට හිට්ලර්ගේ සොහොයුරාට බාධාවක් නෑ‘ මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට අදටත් ඔහු සමඟ සමීප සබඳතා පත්වන හිට්ලර්ගේ සොහොයුරාට කිසිදු බාධාවක් තිබිය නොහාකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අද (26) පැවසීය. 26 June 2018
බැතිමතුන් ජල අනතුරුවලින් වළක්වා ගැනීමට ජීවීතාරක්ෂක බලෑණියක් පොසොන් සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් දිය අනතුරුවලින් වළක්වා ගැනීම සඳහා හැත්තෑ පස් දෙනෙකුගෙන් යුත් ජීවිතාරක්ෂක බලඇණියක් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් අමුණු සඳහා යොදවා තිබෙන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය. 26 June 2018
කාසල් රෝහලේ ප්‍රතිකාර ඩිජිටල් තාක්ෂණයෙන් කාසල් කාන්තා රෝහලේ සෞඛ්‍ය වාර්තා සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල් තාක්ෂණය යටතේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 26 June 2018
නකල්ස් ලෝක උරුමයෙන් ඉවත් වීමේ අවදානමක නක්ලස් වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්විමේ අවදානමක් මතුව ඇති බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය. 26 June 2018
සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුන් තිදෙනා ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඝාතනයේ සැකකාර සිසුන් තිදෙනා ජුලි 3 වැනි දා තෙක් රජයේ ළමා නිවාසයක රඳවා තැබිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් අද ( 12) නියෝග කළේය. 26 June 2018
මහින්දානන්දගේ නඩුවේ තීන්දුවෙන් පසු නඩුව වෙනත් අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පවරා ඇති නඩුවේ තීන්දුව ලැබුණු පසු නඩුව වෙනත් අධිකරණයකට මාරුකර යැවීමට නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු වෙත යොමු කිරිමට පියවර ගන්නා බව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේය. 26 June 2018
ලෝටස් පාර වහයි ආබාධිත රණවිරුවන් පිරිසකගේ පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් මේ වන විට වසා දමා තිබේ. 26 June 2018
දකුණේ පෞද්ගලික බස් වර්ජනය දිගටම දකුණු පළාතේ සිට කොළඹ දක්වා දෙවන පුද්ගලික සාමාන්‍ය සේවා බස් රථ වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්ම වන අතර මේ වන විට පුද්ගලික බස්රථ කිසිවක් ධාවනය නොවන බව මගීහු පවසති. 26 June 2018
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි- දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ් රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 07 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි අධිකරණය නියෝග කර තිබේ. 26 June 2018
ක්‍රීඩකයාගේ පියා ගැන ඔත්තු දුන් දුරකතනය සොයාගනී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා කේ රංජන්ද සිල්වා ඝාතනය කිරීමට ඔහු සිටිනා තැන ගැන තොරතුරු ලබා දුන්නේයැයි සැක කරන දුරකතනයක් රත්මලානේ ඇළක තිබී අද උදේ සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 26 June 2018
හොර ඒජන්සියක් වටලා ගමන් බලපත් 49 අත්අඩංගුවට නීති විරෝධී ආකාරයට, වලංගු බලපත්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙක් විදෙස් ගමන් බලපත්‍ර 49 ක් සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 26 June 2018
යාපනයේ ළිඳක හය හැවිරිදි දැරියකගේ සිරුරක් යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී පාසල් නිල ඇඳුමින් සිටි හය හැවිරිදි දැරියකගේ සැක සහිත මළ සිරුරක් ළිඳක තිබියදී හමු වූ බවට වඩුක්කොඩෙයි පොලීසිය පවසයි. 26 June 2018
ලංවිමට ජෙනරේටර් 50 ක් ගැනීම නවතී විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ජෙනරේටර් පනහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තෝරාගත් සමාගමට එරෙහිව වැඩිමිල ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගම අධිකරණයට සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට යෑම නිසා එම ජෙනරේටර් මිලදී ගැනීම නැවතී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ලංකාදීපයට පැවැසීය. 26 June 2018
ශ්‍රී ලංකන් අතිරේක සේවකයෝ ඉවතට වියදම් අඩු කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ අතිරේක සේවකයන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 26 June 2018
පාසල් සිසුන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට පාසල් සිසුන් ඇතුළු බාලවයස්කරුවන් සඳහා අඩු මිලට ඇපල් පෙති විකිණීමේ නිරත ජංගම අලෙවිකරුවෙකු ඇපල් පෙති 100 ක් ද සමඟ අද (26) අලුයම ඒත්තුකාල කජුවත්ත දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 26 June 2018
මහින්ද උදයංගට එන්න කියයි මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි. 26 June 2018
බැදුම්කරවල ආයෝජනය ගැන ආචාර්යවරු පරීක්ෂණයක් ඉල්ලති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අර්ථසාධක අරමුදල අවභාවිත කරමින් බැදුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. 25 June 2018
මාතර පොලිස් වීරයාගේ දරුවන්ගේ අනාගතය ව්‍යාපාරිකයෝ බාරගනිති මාතර නගරයේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ බිරිඳ හා දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 20 මුදලක් මාතර ව්‍යාපාරික ප්‍රජාව විසින් ලබා දීමට ඉදිරිපත්වී ඇති බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 25 June 2018
ළඟම තැපැල් කාර්යාලට වාර්තා කරන්න - තැපැල්පති තමන් සේවය කරන තැපැල් කාර්යාලවල රාජකාරීවලට වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින්ට ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලවලට වාර්තා කළ හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බවද තැපැල්පති ඩි.එල්.පී ආර් අභයරත්න මහතා පවසයි. 25 June 2018
වෙඩි ප්‍රහාරයකින් මධූෂ්ගේ දකුණේ ප්‍රධානියා මරුට දකුණේ ප්‍රබල පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයා වශයෙන් හැඳින්වෙන සුදුහකුරගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්නා අද (25) රාත්‍රීයේ කඹුරුපිටිය අකුරැස්ස පාරේ විල්පිට රක්ෂිත ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති බව පොලිසිය කියයි. 25 June 2018
සංවර්ධන නිලධාරී කඩඉමේ වෙනසක් නෑ සංවර්ධන නිලධාරී සේවයේ 1 වැනි කාර්යක්ෂමතා කඩඉම් විභාග කලින් තීරණය කර තිබූ පරිදි මේ මස 30 වැනිදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 25 June 2018
ළමාරක්ෂක අපේක්ෂකයෝ මහානාහිමිවරුන්ට දුක කියති ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට තමන් තෝරාගෙන තිබියදී මාස හයකට අධික කාලයක් තිස්සේ සිය පත්වීම් අසාධාරණ ලෙස පමාකරමින් සිටීම ගැන මැදිහත්වන්නැයි ඉල්ලා පත්වීම් අපේක්ෂිත සුදුසුකම්ලාභීහු ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති. 25 June 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026