සිරංගිකා ලොකුකරවිට
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම කැඳවා තිබෙන ආකාරය නීත්‍යානුකූල නොවන බවටත් පසුගිය සභා වාර්තාව අවුල් සහගත ලියවිල්ලක් බවටත් මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ එම රැස්විම සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් ලබන බදාදා (29) දක්වා කල් තැබීමට තීරණය කළේය.
රැස්විම සඳහා මන්ත්‍රීවරුන් කැඳවීමේ ලිපියේ දිනයක් හෝ වේලාවක් සටහන්ව නොතිබිම සහ පසුගිය සභා වාර්තාවේ අඩුපාඩු රැසක් සහිත වීම යන කරුණු පෙන්වා දෙමින් මන්ත්‍රීවරුන් 10දෙනකුගේ අත්සනින් යුතුව විරෝධතා ලිපියක් සභාවට ඉදිරිපත් කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හය දෙනකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු මෙම ලියවිල්ලට අත්සන් කර ඇත.
සභාව ආරම්භ වූ වහාම නැගී සිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා මෙම විරෝධතාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
"ප්‍රාදේශීය සභාව නෛතික ලියවිල්ලක්, එය නීත්‍යනුකූල විය යුතුයි, මෙම සභාව කැඳවීමේ න්‍යාය පත්‍රයේ වෙලාවක් හෝ දිනයක් සඳහන් කර නැහැ. පසුගිය සභා වාර්තාව අසංවිධානාත්මක ලියවිල්ලක්, එහි සභාපතිතුමා සහ මන්ත්‍රීවරු කථා කරපු සමහර වැදගත් දේවල් සටහන්ව නැහැ.
පසුගිය 9 වැනි දා පවත්වපු මුදල් හා ප්‍රතිපත්ති කමිටුවත් එහි ගන්නා ලද තීන්දුත් නිත්‍යනුකූල නැහැ. ඒ හේතුවෙන් මෙම සභාව පැවැත්වීම නිත්‍යනුකූල නැහැ. අපි මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පළාත් පාලන කොමසාරිස්ටත් පැමිණිලි කරනවා. සභාපති තුමා මේ සම්බන්ධව මධ්‍යස්ථව ක්‍රියා කරාවි යැයි අප බලාපොරොත්තු වෙනවා."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd