(සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තුවට නව වේත්‍රධාරී නිලධාරියෙකු ලබන 30 වැනිදා පත් කරන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නිලධාරියා ලෙස දැනට කටයුතු කරන අනිල් පී. සමරසේකර මහතා ලබන 29 වැනිදා විශ්‍රාම යන බැවින් නව වේත්‍රධාරී නිලධාරියෙකු මෙසේ පත් කෙරෙන බව ද එම නිලධාරියා පැවසීය.
නියෝජ්‍ය වේත්‍රධාරී නිලධාරියා ලෙස දැනට කටයුතු කරන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නව වේත්‍රධාරී නිලධාරියා වශයෙන් පත් කිරීමට නියමිතය.
වේත්‍රධාරී අනිල් පී. සමරසේකර මහතාට සමුදීමේ උත්සවයක් ලබන 24 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේත්රධාරිවරය කරන්නේ මොනොවද? දන්නේ නැති නිසා අහන්නේ.