දියවැඩියාව වැළැක්වීමට උදව්වන නව වී ප්‍රභේදයක් දියවැඩියා රෝගය වැළැක්වීමට උපකාරී වන නව වී ප්‍රභේදයක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 23 July 2018
වලපනේ ශ්‍රිලනිප ආසන සංවිධායකට 12 වසරක සිරදඬුවම් වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමරහේවා මහතාට වසර 12 සිරදඬුවමක් හා ලක්ෂ 105 ක දඩයක් ගෙවීමට නුවරඑළිය මහාධිකරණය අද (23) නියම කළේය. 23 July 2018
ශ්‍රී ලංකාවට ලකුණු 199 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය. 23 July 2018
යාපනය මුහුමාලෙයි බිම් බෝම්බයක් පුපුරා සේවකයෙක්ට තුවාල යාපනය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි අන්තර් ජාතික සංවිධානයකට අයත් ශ්‍රී ලාංකික සේවකයකු අද (23) උදෑසන බිම්බෝම්බයක් පුපුරා යාම නිසා තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි. 23 July 2018
ජල අනතුරුවලින් ජීවිත බේරා ගැනීමට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක් පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ පොලිස් පරිසර ඒකකය වෙනම පොලිස් කොට්ඨාසයක් බවට පත් කිරීමේ සුදානමක් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් සිටින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. 23 July 2018
ශෂින්ද්‍ර ඇතුළු 3 ක් විපක්ෂයට යති ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති. 23 July 2018
මියන්මාර් - නොර්වේ රටවලට නව තානාපතිවරු දෙදෙනක් මියන්මාරය සහ නොර්වේ රටවල් සදහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 23 July 2018
කොළඹ-නුවර මාර්ගය වරකාපොළින් අවහිර වෙයි වරකාපොල නගරයේ වාහන නැවැත්වීමේදී කි‍්‍රයාත්මකවන ඔත්තේ ඉරට්ටේ නීතිය ඉවත් කර දෙන ලෙස හෝ විධිමත් අතුරු මාර්ගයක් ඉදිකර කොළඹ මහනුවර මහා මාර්ගයේ පවත්නා වාහන තදබදයට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා වරකාපොල වෙළෙද සංගමයේ සාමාජිකයින් (23) විරෝධතාවයක යෙදීම නිසා පැය හතරකටත් වැඩි කාලයක් වාහන ගමනාගමනයට බාධා එල්ලවිය. 23 July 2018
පොලිස් දඩ පොත ඉරා පළාගිය විශ්‍රාමික සෙබළා අත්අඩංගුවට රථවාහන වරදකට දඩ කොළයක් ලබාදීමට යාමේදී පොලිස් නිලධාරියාගේ දඩ පොත උදුරා ඉරාදමා පලා යමින් සිටි විශ්‍රාමික හමුදා සෙබලෙකු දක්ෂිණ අධිවේගී මාර්ගය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන වැලිපැන්න පොලිසියට බාරදී තිබේ. 23 July 2018
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළැයි කියන 37 හැවිරිදි හමුදා භටයකු ඉලුකේගමදී අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 23 July 2018
භික්ෂුණී උපසම්පදා පිංකමක් දඹුල්ලේදී ශ්‍රී ලංකාවේ භික්ෂුණි ශාසනය ආරම්භ කොට වසර 800 පසුව මීට වසර විස්සකට ඉහත දී මෙරට ආරම්භ කළ භික්ෂුණි සසුනේ 22 වැනි උපසම්පදා උත්සවය අද දඹුල්ල රජ මහා විහාර උපෝසථාඝාරයේ දී සිදුකෙරිණි. 22 July 2018
බෝම්බ ප්‍රහාරයෙන් ඇෆ්ගන් උප ජනාධිපති නූලෙන් බේරෙයි කාබුල් ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගැනීමට ඇෆ්ඝනිස්තානයේ උප ජනාධිපති අබ්දුල් රෂීඩ් දොස්තම් සමත්විය. 22 July 2018
කළු ගඟ ජලාශයට ජලය පිරවීම හෙට ඇරැඹේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කළුගඟ ජලාශයට ජලය පිරවීමේ කටයුතු ආරම්භ කිරීම සහ මොරගහකන්ද - කළු ගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් හෙට (23) පෙරවරු 9.00ට සුබ මොහොතින් සිදු කෙරේ. 22 July 2018
එල්ලුම් ගහ ගේන්නේ නොහැකියාව නිසයි - කැප්පෙටියාගොඩ නාහිමි එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වන්නේ රට තුල නිසියාකාරව පාලනයක් කර ගැනීමට රජයට ඇති නොහැකියාව නිසා බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ. 22 July 2018
විභාග මධ්‍යස්ථාන වලට දුම් ගහන්න යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂයත්ව විභාග පැවැත්වෙන සියලුම විභාග මධ්‍යස්ථාන දූමායනය කිරීමට අවශ්‍ය පිවර ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 22 July 2018
බදුලු දුම්රියේ නැරඹුම් මැදිරිය පීලි පනී බදුල්ලේ සිට කොළඹ බලා එමින් තිබූ දුම්රියක නැරඹුම් මැදිරිය හැටන් සහ රොස්ඇල්ල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 22 July 2018
කොස්තාපල්ට කරදර කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගන්න යයි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට ලිංගික බලපෑම් කළ බව කියන බදුල්ල කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 22 July 2018
විභාග වැටඩ විශ්‍රාමික හමුදා නිලධාරීන් ගැනීමට විරෝධය ජාතික විභාග පැවැත්වීමේදී විභාග ශාලාවල විශ්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය. 22 July 2018
අධ්‍යාපන වෘත්තිය සමිති ලෙඩ නිවාඩුවකට සැරසෙති දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන කේෂත්රය සඳහා වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති එක්ව ලබන 26 වනදා ලෙඩ නිවාඩු දමා යළි දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සිදුකරන බවත් එදිනට මෙම සියලූ නියෝජිතයන් කොළඹට කැඳවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය. 22 July 2018
මිලියන 85ක දැන්වීමක් පළ කළාට මුදල් ඇමැතිට එරෙහිව ඒකාබද්ධයෙන් නඩු පැවරීමට යයි පසුගිය රජයේ ඉන්ධන මිළ අඩු වැඩිවීම පිළිබඳව අසත්‍ය තොරතුරු ඇතුළත් කර රුපියල් මිලියන 85 මුදලක් වැයකර පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 22 July 2018
ලොරියකට යට වී කොස්තාපල් රෝහලේ අනුරාධපුර ඇල්ල ප්‍රධාන මාර්ගයේ අඹන්පොල , ගැට දිවුල්වැව පොලිස් මුරපොලේ දී , පරීක්ෂාව සඳහා ලොරි රථයක් නවත්වන අවස්ථාවේ එම ලොරියටම යට වීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියෙක් කුරුණෑගල රෝහල් දැඩිසත්කාරයට ඇතුළත් කර ඇති බව අඹන්පොල පොලීසිය පවසයි. 22 July 2018
මධ්‍යම පළාත් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ගැටළු රැසක් මෙවර පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යම පළාතේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වු පෙරහුරු විභාගයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් පැවතීම නිසා ගුරුවරුන් මෙන්ම විභාගයට පෙනී සිටි දරැවන් දැඩි අපහසුතාවට පත් වුහ. 22 July 2018
තහනම් භාණ්ඩ තොගයක් චීනයට ගෙන යන්න හැදු කතක් රේගුවේදී අල්ලයි ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ විදේශයන් වෙත රැගෙන යෑමට තහනම් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස චීනය බලා ගෙන යෑමට සූදානම් වූ එරට ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ. 22 July 2018
අලින්ට කෑම ගෙනියන්න තෙවරප්පෙරුම දඹුලු යයි හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වන අලින්ගේ ආහාර සඳහා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පළලතුරු රැගෙන යෑමට වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද ( 22) අලුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේය. 22 July 2018
කොටි සැඟවු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී කොටි සංවිධානය යුද සමයේ මුලතිව් , පුදුකුඩිරිප්පු , සුගන්ධිපුරම් අක්කර 10 ප්‍රදේශයේ පවත්වාගෙනයනු ලැබූ භූගත ආයුධ ගබඩාවක් තුළ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි. 22 July 2018
1990 ගිලන් රථ සේවයේ දෙවැනි අදියර ඇරැඹේ සුවසැරිය 1990 ගිලන්රථ සේවාව රටපුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී අද උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 21 July 2018
ඉන්දියානුවාගෙන් අයිස් ගන්න ගිය ලාංකිකයාත් අල්ලයි කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් අයිස් නම් මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට පැමිණි පන්නල පදිංචිකරුවකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 July 2018
කවුරුන් එපා කිව්වත් මරණ දඬුවම ගෙනෙන බව ජනපති කියයි මොනවිදියේ විරෝධතා ආවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පොලොන්නරුවේදී අවධාරණය කළේය. 21 July 2018
සැමියාගේ පෝරෝ පහරින් බිරිය මරුට බෙලිඅත්ත ගලගම නැගෙනහිර නාකුළුගමුව ප්‍රදේශයේදී අද(21) පොරෝ ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 21 July 2018
ලක්ෂ 96ක අයිස් සමඟ ඉන්දියා ජාතිකයා සැකපිට රුපියල් ලක්ෂ 96 ක් වටිනා අයිස් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ . 21 July 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026