ලොම්බොක් දුපතේ භූමි කම්පාවෙන් 82 ක් මරුට ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට බලපෑ භූමි කම්පාවෙන් මියගිය ගණන 82ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට ආපදා බලධාරිහු පවසති. 06 August 2018
මුස්ලිම් කොංග්‍රසයෙන් වෙරළබඩ දිස්ත්‍රික්කයක් ඉල්ලයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුව අද මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලාවේදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී, නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉක්මනින් නිර්මාණය කරන ලෙස ඉල්ලීම, පළාත් සභා සඳහා ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරෝධය දැක්වීම ඇතුළු යෝජනා අටක් සම්මත කර ගනු ලැබීය. 05 August 2018
සයිටම් කණ්ඩායමක් හෙට කොතලාවලට - අධ්‍යාපනය යළි මුල සිට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් හෙට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය. 05 August 2018
රන් ජාවාරමට භූවිද්‍යාවේ දෙදෙනකුගේ වැඩ තහනම් රන් කැබලි මිශ්‍ර පස් පිටරට යවා ඇත්තේ එම රන් කැබලි ඉවත් කර රත්තරන් නිෂ්පාදනය කිරීමට යැයි ශ්‍රී ලංකා රේගුව සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. 05 August 2018
ශිෂ්‍යත්වයේ අක්‍රමිකතා වාර්තා වී නැහැ - විභාග කොමසාරිස් අද පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් කිසිදු අක්‍රමිකතාවක් වාර්තාවී නැතැයි විභාග කොමාසරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදීපයට අද පැවසීය. 05 August 2018
ලක්ෂ 18ක දේපොළ සොරාගත් ත්‍රීරෝද රියදුරා අත්අඩංගුවට ගාල්ල දෙවටේ සංචාරක නිකේතනයක කුඩා සේප්පුවක තිබූ රන් අබරණ තොගයක් සමග දේශිය සහ විදේශිය මුදල්ඇතුලු රුපියල් ලක්ෂ 18ක් පමන වටිනා දේපොළ සොරකම් කිරිම සම්බන්ධයෙන් ත්‍රි රෝද රථ රියදුරෙකු අද (5) අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි. 05 August 2018
උසස් පෙළ හෙට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2018 විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2268 දී හෙට (6) ආරම්භ කෙරේ. 05 August 2018
ලංවිම මිලදී ගැනීම් ගැන විගණකාධිපතිගෙන් විමර්ශනයක් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලි මිලදී ගැනීම සහ එවැනි මිලදී ගැනීම්වලදී ගෙවා ඇති ගාස්තු සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 05 August 2018
ආවා කල්ලියේ යැයි සැක අටකගෙන් ප්‍රශ්න කරයි යාපනය අර්ධද්වීපයේ සමාජ විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ආවා කල්ලියේ යැයි සැකකෙරෙන 08 දෙනෙකු පොලිසිය භාරයට ගෙන ප්‍රශ්න කරමින් පවතින බව උතුරේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 05 August 2018
විපක්ෂ නායක ගැන සන්ධාන තීන්දුව හෙට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂනායක ධූරය ඉල්ලීම පිළිබඳව හෙට (6) සවස පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජනාත නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 05 August 2018
ළමාරක්ෂකය තොරතුරු පනත කඩතැයි අමාත්‍යංශයට පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම අධිකාරියෙන් තොරතුරු ඉල්ලා සිටිය ද එම තොරතුරු ලබා නොදෙන්නේ යැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශට ලිඛිතව පැමිණිලි කර ඇත. 05 August 2018
පියාගේ දේහයට වැඳ දියණිය ශිෂ්‍යත්වයට යයි වන අලි පහරදිමකින් අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ දී මියගිය අරුණ ශාන්ත මහතාගේ දියණිය අද අම්පාර මහානාගපුර විදුහලේ දී ශිෂ්‍යත්වට පෙනි සිටියාය. 05 August 2018
පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡාවක් 9 වැනි දා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ලබන 9 වැනි දා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය. 05 August 2018
කොටි සංවිධානයට පනවා තිබු තහනම මාස 6 කින් දිර්ඝ කෙරේ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරමින් එම සංගමය මත පනවා තිබූ තහනම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට යුරෝපා කවුන්සිලය තීරණය කර ඇත. 05 August 2018
අකුරම්බොඩ අමුණකට වැටී දරුවෙක් මරුට මාතලේ අකුරම්බොඩ ඔලගන්වත්ත ප්‍රදේශයේ අමුණකට කුඩා දරුවකු වැටී මියගොස් ඇති බව පොලිසිය කියයි. 05 August 2018
වසර 12කින් තිරසාර රටක් තිරසාර සංවර්ධනය සඳහා වූ තිරසාර වැඩපිළිවෙළ සහිත ‘‘තිරසර දැක්ම කෙටුම්පත ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) පස්වරු 3 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කෙරේ. 05 August 2018
බැතිමතෙකුට පහර දුන්නැයි දෙවිනුවර දේවාලයේ කපුවා අත්අඩංගුවට ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී පූජා වට්ටියට තබන ලද පඬුරක් ගැට ගැසීම සඳහා රෙදි පටියක් ඉල්ලා සිටි සිව් දරු පියකුගේ හිසට යකඩ බන්දේසියකින් පහරදී තුවාල සිදු කළැයි දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි. 05 August 2018
හොර ගුවන් බලපතකින් බෙල්ජියම් යන්න ගිය ලාංකිකයා අත්අඩංගුවට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබේ. 05 August 2018
නවකවදය දෙන සිසුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියා කරන්න යයි විශ්ව විද්‍යාලයක දී හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකදී නවකවදය දී හසුවන සිසුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තිරණය කර ඇත. 05 August 2018
විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වෙයි වසර තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද වු විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වී ඇත. පාර්ලිමේන්තුවේ දී සම්මත වු විගණන පනතට කතානායකවරයා අත්සන් කළ පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය ද ඊට ලැබී තිබේ. 05 August 2018
රජරට උප කුලපති ධුරයට නාම යෝජනා කැඳවයි රජරට විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය කලක සිට පුරප්පාඩු වී පවතින බව වාර්තා වෙයි. 05 August 2018
පොලිස් කොමිසමෙන් විශේෂ කමිටු හතක් මහජනතාව මුහුණ දෙන මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙමින් පොලිස් දෙපාර්තමේන්තුව වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ජාතික පොලිස් කොමිසම යටතේ කමිටු හතක් පත්කර ඇත. 05 August 2018
සේප්පුව කැපීමට ගිය අධිකරණ ආරක්ෂකයා රිමාන්ඩ් උණවටුනේ පිහිටි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ අංගනයේ තිබු සේප්පුවක් කපා සොරකම් කිරිමට තැත් කිරිමේ දී අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ අංගනයේ අධිකරණ ආරක්ෂකයා 13 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය. 05 August 2018
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට යටියන හන්දියේ වෙළඳසැලක් ඉදිරිපිට දී අද (5) පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් 65 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 05 August 2018
හුංගම ලුණු ගබඩාවට සීල් තබයි මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරිම සඳහා සූදානම් කරමින් තිබූ හුංගම නගරයේ පිහිටි පෞද්ගලික වෙළඳසැල් හිමියකුට අයත් ගබඩාවකට අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සීල් තබන ලදී. 05 August 2018
බදුල්ල ප්‍රා. සභා මන්ත්‍රීට පහර දුන් දෙදෙනාට ඇප බදුල්ල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී බාලක්‍රිෂ්ණන් මුරලිදරන් යන අයට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. 05 August 2018
වන අලි ප්‍රහාරයට ලක් වු දැරිය විභාගයට පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා අද (5) උදෑසන සිය මව සමඟ පාපැදියක නැගී පාසලට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා මහියංගන මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය ප්‍රතිකාර 05 August 2018
වාද්දුවේ හෝටල් සාදයකට ගිය දෙදෙනෙක් මරුට වාද්දුව හෝටලයක පැවති සායකදී හදිස්සියේ රෝගී වු සිව් දෙනෙකු පානදුර මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දෙදෙනකු මිය ගොස් අනෙක් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පානදුර මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි පියල් සමරවීර මහතා පැවසීය. 05 August 2018
ශිෂ්‍යත්වය ලියන්න ගිය දැරිය වන අලි ප්‍රහාරයෙන් රෝහලේ අද (5) පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිය මව සමඟ පාපැදියක යමින් සිටි මහියංගනය බ/ හද්දත්තාව මහ විදුහලේ දැරියක් සහ ඇගේ මව වල් අලි ප්‍රහාරයකට ලක්වී රෝහල් ගත කළ බව මහියංගනය පොලීසිය පවසයි. 05 August 2018
මැති ඇමති වරුන්ගේ වැටුප් සතපහකින් වත් වැඩි කරන්නේ නැහැ - ජනාධිපති මැති ඇමති වරුන්ගේ වැටුප් සත පහකින් වත් වැඩි කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය. 04 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026