රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියකු අද (3) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 03 August 2018
දැරියට අතවර කළ පුද්ගලයා මවගේ පිහි පහරින් මරුට පස්හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර කළැයි කියන පුද්ගලයකුට එම දැරියගේ මව එල්ල කළ පිහි ප්‍රහාරයකින් සැකකරු රෝහල් ගත කිරිමෙන් පසු මිය ගිය බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 03 August 2018
මෝදර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට මෝදර මතුවැල්ල ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මිය ගිය බව මෝදර පොලිසිය කියයි. 03 August 2018
ඉඩෝරය නිමා කරමින් මුලතිව් දිස්ත්‍රීක්කයට අයිස් වැස්සක් මාස තුනකට වැඩි කාලයක් පුරාවට මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ අධික පෑවිල්ල නිමාවට පත් කරමින් ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අයිස් ද වැටුණු බවට මුලතිව් වැසියෝ පවසති. 03 August 2018
වවුනියාව සතොස ගබඩාවේ සීනි මළු මුද්‍රා තබයි වවුනියාව සතොස සුපිරි වෙළෙඳ සැලෙහි අලෙවි කිරීමට තිබූ සීනි සමඟ යූරියා පොහොර කවලම් කර පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම හේතුවෙන් එම වෙළෙඳසැලේ ගබඩාවෙහි තිබූ සීනි මළු සියල්ලට මුද්‍රා තැබූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි. 03 August 2018
පර්පෙචුවල් ට්‍රෙෂරීස් දුරකතන සංවාද මැකුවාට ඇලෝසියස් පලිසේන ඇතුළු 5 ක් සැකකරුවෝ ජනාධිපති බැඳුම්කර වංචා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබාදුන් එම සමාගමට අයත් දුරකතන සංවාද ඇතුළත් ඩීවීඩී තැටිවල ඇතැම් සංවාද මකා දමා විනාශ කළැයි 03 August 2018
මිලියන 10ක ’’අයිස්’’සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 10 කට අධික වටිනා ’’අයිස්’’ නැමැති මත්ද්‍රව්‍ය සමඟ ඉන්දිය ජාතිකයෙකු (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 August 2018
සංධානයේ මතය සෙසු පක්ෂ සමඟ සාකච්ඡාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂනායක ධූරය ඉල්ලීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය සංධානයේ සෙසු නායකයන් සමඟ සාකච්ඡා කර කතානායකවරයාට දැනුම් දෙන බව එහි මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. 02 August 2018
නවසීලන්ත අගමැතිනිය බිළිඳා සමඟ රාජකාරියට තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම බිළිඳා සමඟ රාජකාරියට පැමිණියාය. 02 August 2018
වසර තුනට පොලිසියට එරෙහි පැමිණිලි 4437ක් ජාතික පොලිස් කොමිෂන් සභාව අලුතින් පිහිටුවීමෙන් පසු පොලිසියට එරෙහිව ලැබුණු මහජන පැමිණිලිවලින් සියයට 89ක් විමර්ශනය කර අවසන් බව එම කොමිෂන් සභාව කියයි. 02 August 2018
තද සුළඟකින් අම්පාරේ ගෙවල් 100කට හානි අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සීමාවේ නවගම්පුර ගම්මානය හරහා හමා ගිය සුළගක් නිසා නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් හානි වි ඇති බව අම්පාර දිසාපති තුසිත පී වනිගසිංහ මහතා පැවසිය. 02 August 2018
මරණ දඬුවම පිළිගත නොහැකියි - පාප්තුමෝ කියති “මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි වතිකානය අද (2) සඳහන් කළේය. 02 August 2018
ජාතික සම්පත් මිලදී ගත්තොත් මම ආවම ඒවා අපසු ගන්නවා - මහින්ද ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවැත ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (2) පැවැසීය. 02 August 2018
මැති ඇමැති වැටුප් වැඩි කිරීමට මුදල් ඇමැතිගේ විරෝධය මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන්ගේ තබා කාගේවත් වැටුප් වැඩි කිරීමට තමා විරෝධය දක්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (2) පැවැසීය. 02 August 2018
ලාඕස රජයෙන් ලංකාවට වීසා සහනයක් ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍ර ලාභීන්ට ලාඕස ජනරජයට පැමිණී මෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 02 August 2018
කෝටියකට විකුණන්න ගිය වාලම්පුරියක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි රුපියල් කෝටියකට අලෙවි කිරිමට සුදානම් කර තිබූ වාමාවෘත්ත වාලම්පුරියක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අද (02) දහවල් අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි. 02 August 2018
මහැදුරු කොල්වින් වෛද්‍ය සභාවෙන් ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 02 August 2018
පර්පචුවෙල් ප්‍රධාන ගැනුම්කරුට - තොරතුරු තාක්ෂණ නිලධාරීට ඇප ජනාධිපති බැදුම්කර වංචා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ලබාදුන් එම සමාගමට අයත් දුරකතන සංවාද ඇතුළත් ඩී වී ඩී තැටිවල ඇතැම් සංවාද මකා දමා විනාශ කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ හිටපු ප්‍රධාන ගැනුම්කරු සහ හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරීවරයා එක් අයකුට රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (02) නියෝග කළාය. 02 August 2018
කොළඹ විපක්ෂ නායක ධූරය ශ්‍රීලනිපයේ මන්සිල්ට කොළඹ මහ නගර සභා සභාවේ විපක්ෂ නායක ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රී එම්.එච් මන්සිල් මහතා පත්ව ඇත. නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත. 02 August 2018
රවිරාජ් ඝානතන නඩුවේ ඇපෑල දෙසැම්බර් 04 විභාගයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු මන්ත්‍රීවරයාගේ භාර්යාව ගොනු කළ ප්රතිශෝධන පෙත්සම දෙසම්බර් මස 04 දින විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය. 02 August 2018
භික්ෂු කතිකාවත් පනත ලත් තැනම ලොප් කරනවා - මුරුත්තෙට්ටුවේ හිමි පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු භික්ෂු කතිකාවත් පනත වහා ඉවත් කර ගන්නට කටයුතු නොකළ හොත් එහි පනවන නීති රීති ලත් තැනම ලොප් කරන්නට සංඝ සමාජය කටයුතු කරන බව සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. 02 August 2018
මන්ත්‍රී වැටුප් වැඩිකිරීමට රතන හිමිගේත් විරෝධය ජනතාව දැඩි ජීවන බරින් පෙළෙන අවස්ථාවක මැති ඇමැති වැටුප් වැඩිකිරීමට තමා විරුද්ධ යැයි ජනාධිපති හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ. 02 August 2018
කතානායක විපක්ෂනායක ධූරය ගැන සන්ධාන මතය විමසයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධූරය ලබාදෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අදහස කතානායක කරු ජයසූරිය මහතා එහි මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයාගෙන් ලිඛිතව විමසන්නට අද කටයුතු කර ඇත. 02 August 2018
‘ශ්‍රී ලංකාවේ අරමුණට චීනය සහය දෙනවා’ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථීක කේන්ද්‍රස්ථානය බවට පත් කිරිමේ ශ්‍රී ලංකාවේ අරමුණට චීන කොමියුනිස්ට් පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව චීන කොමියුනිස්ට් පක්ෂ අභ්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති ග්ඕ යෙජු මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (2) පැවසීය. 02 August 2018
සාකච්ඡා සාර්ථක මට්ටමක - පේරාදෙණි උපකුලපති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාව හා විශ්ව විද්‍යාලීය සිසුන් සමඟ සාකච්චා වට කිහිපයක් ඇරඹූ බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමේ ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා පවසයි. 02 August 2018
18 සන්නියට මුද්දර 18 ක් ශ්‍රී ලංකාවේ ශාන්තිකර්ම ගණයට ගැනෙන 18 සන්නියෙහි වෙස් මුහුණු හා අවස්ථා නිරූපණය කරමින් මුද්දර 18 ක් හා සිහිවටන පත්‍රිකා තුනක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. 02 August 2018
රන්ජන් වැඩිවන වැටුප් එපා කියයි මැති ඇමැතිවරුන්ට ලබාදීමට නියමිත සියයට 215 ක වැටුප් වැඩිකිරීම ද තමා ප්‍රතික්ෂේප කරන බවත්, ඒ බව සඳහන් ලිපියක් කතානායක කරු ජයසූරිය මහතාට යොමු කළ බවත් සමාජ සවිබලගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. 02 August 2018
'මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරිම අසාධාරණ ක්‍රියාවක්' ජනතාව බදු බරින් මිරිකී සිටින මොහොතකදී රජය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට තීරණය කිරීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 02 August 2018
ආවා කල්ලියේ 7 ක් අත්අඩංගුවට යාපනය මාණිප්පායි ප්‍රදේශයේ නිවාසවලට පැන දේපලවලට අලාභ හානි සිදුකළ ආවා කොල්ල කල්ලියේ සාමාජිකයින් හත්දෙනකු යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාණිප්පායි පොලිසිය කියයි. 02 August 2018
මුලතිව් ධීවරයෝ සහකාර පරික්ෂක කාර්යාලය වටලති මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් ධීවරයින් මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස ඉල්ලා අද (2) මුලතිව්හි සියලුම ධීවරයෝ උද්ඝෝෂණයක නිරත වෙමින් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා එම කාර්යාලයට දැඩි අලාභ හානි සිදු කර ඇති බවට මුලතිව් පොලීසිය කියයි. 02 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026