උතුරුමහ ඇමැති පොලිස් බලතල ඉල්ලයි පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේ දී කීවේය. 02 August 2018
වාහන තීරුබදු ඉවත් කළ හැකි දින දැනුම් දෙන ලෙස අගමැතිගෙන් උපදෙස් එන්ජින් ධාරිතාවය 1000ට අඩු මෝටර් රථ සඳහා පැනවු බදු ඉවත් කළ හැකි නිශ්චිත දින වකවානු දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට අද (2) උපදෙස් දුන්නේය. 02 August 2018
ජර්මන් තරුණියට අතවර කළ දෙදෙනා අත්අඩංගුවට ඉදුරුව යාලේගම ප්‍රදේශයේ පවත්වා ගෙන යන සම්භාහන මධ්‍යස්ථානයකදී 21 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් එම සම්භාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සහ තෙරපිකරු අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි. 02 August 2018
යාපනයේ සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (2) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත. 02 August 2018
යාපන කොටුව යුද හමුදාවට තහනම් කලාපයක් බව අසත්‍යයක් යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යාපනයේ දී පැවසීය. 02 August 2018
ස්වීඩනයේ රාජකීය කිරුළු දෙකක් සොරාගෙන ස්වීඩන රාජකීය පවුලට අයත් කිරුළු දෙකක් ඇතුළු වටිනා භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇතැයි එරට පොලිසිය අද (1) ප්‍රකාශ කළේය. 01 August 2018
පරිසරය වෙනුවෙන් හඬ නැගූ තරුණයාට මැර ප්‍රහාරයක් තංගල්ල බෙලිඅත්තේ රිලාගලයාය පාරිසරික පද්ධතියේ පිහිටි ගල් කන්දක් අධිවේගී මාර්ගය සඳහා කැඩීමට එරෙහිව දිගින් දිගටම සටන් කළ ගැටමාන්නේ තරුණයකු (30) පහරකෑමට ලක්ව තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. 01 August 2018
රතන හිමියන්ගේ ජාතික සභාව 7 වැනිදා රැස්වෙයි රට නගා සිටුවීම සඳහා අලුත් වැඩපිළිවෙළක් හඳුන්වාදීමට එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ජාතික සභාව ලබන 7 වැනිදා රැස්වීමට නියමිතය. 01 August 2018
පෙම් පලහිලව්වකට කල්පිටියේ දෙපිරිසක් ගැටෙති කල්පිටිය - තලවිල සහ ඒත්තාල කජුවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (01) රාත්‍රීයේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කල්පිටිය පොලිසිය කියයි. 01 August 2018
විපක්ෂ නායක ගැන තීන්දුව 7 වැනිදා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ විපක්ෂ නායකවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 01 August 2018
ප්‍රභා මැරුනත් ත්‍රස්ත ජාලය ක්‍රියාත්මකයි - මැලේසියා හිටපු පොලිස්පති එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්රභාකරන් මියගිය ද ඔහුගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකව පවතින බවට තමන් සැක පළ කරන බව මැලේයාසියානු හිටපු පොලිස්පති මුසා හසන් ප්‍රකාශකර ඇතැයි එරට ජාතික ප්රවෘත්ති ඒජනසිය වන බර්නමා පුවත් සේවය අද වාර්තා කළේය. 01 August 2018
ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ ගනිද්දී විශේෂ සහනයක් දැනට පවතින ඉන්ධන සහිත ත්‍රී රෝද රථයෙන් ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථ වෙත මාරු වන රියදුරන් වෙනුවෙන් විශේෂ සහන ලබා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 01 August 2018
ඇල්ටෝ මෝටර් රථයක් ලක්ෂ 25ට නඟී - වැගන් ආර් ලක්ෂ 36යි මෝටර් රථ සඳහා අයකරන නිෂ්පාදන බද්ද අද (01) සිට ඉහළ නැංවීම නිසා ජපානයෙන් අනයනය කරන එන්ජින් ධාරිතාවය 660 වාහනයක මිල රුපියල් දෙලක්ෂ පනස් දහසකින් පමණද, ජපානයෙන් අනායනය කරන එන්ජින් ධාරිතාවය 660 පෙට්‍රල් වාහනයක මිල රුපියල් දෙලක්ෂ හතලිස් දහසකින් පමණද ඉහළ නගින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා පැවසීය. 01 August 2018
පොලොන්නරුවේ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පොලොන්නරුව දිස්ති‍්‍රක්කය පුරා රුපියල් මිලියන 3000කට අසන්න මුදලක් වැය කරමින් ආරම්භ කරන ලද ව්‍යාපෘති 180 ක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරිම අද (1) සිදු විය. 01 August 2018
ව්‍යාපාරිකයන්ට දෙන්න ගිය නකල්ස් ඉඩම් පරිසර සංවිධාන ඉල්ලයි රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් ව්‍යාපාරිකයන්ට බදු දීමට සූදානම් වන නකල්ස් රක්ෂිතයේ පේ‍්‍රරණ කලාපයට අයත් ඉඩම් දැනට ලබාදී ඇති තක්සේරුවටම බදුගැනීමට සිවිල් සංවිධාන සූදානමින් සිටින බව මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව කියයි. 01 August 2018
කෝටි 5 ක් ඉල්ලා මහින්දානන්ද නඩු පවරයි පොදු දේපළ පනත යටතේ මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 5 ක මුදලක් දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු 01 August 2018
ඇවන්ගාඩ් අවි ගබඩාවේ සැකකරුවන්ට ඇප ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නීති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින එම අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු ඇප මත මුදා හරින ලෙස දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියෝග කළේය. 01 August 2018
කථිකාවත් පනත ගේන්නේ හිමිවරුන් දඬුකඳේ ගහන්නයි - මැදගොඩ අභයතිස්ස හිමි යෝජිත භික්ෂූ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතින් භික්ෂූන් වහන්සේ යටත් කර භික්ෂූන් වහන්සේ දඬු කඳේ ගැසීම සඳහා කූඨ සැලසුමක් රජය සතු බව මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. 01 August 2018
කලුතර කම්හලක ගින්නක් කලුතර උතුර පැල්පොල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගත් බව කලුතර උතුර පොලිසිය පවසයි. 01 August 2018
‘කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවත් පුදුමයක් නෑ’ පක්ෂග්රාහීව කටයුතු කිරීම නිසා ඉදිරියේ දී කතානායකතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවද පුදුම වීමට හේතුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (1) පැවසීය. 01 August 2018
ගාමිණී සෙනරත් ඇතුළු 4කට විශේෂ මහාධිකරණයෙන් සිතාසි ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි 01 August 2018
ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවී දරුවා මියයයි කිලිනොච්චිය මුලංකාවිල් අන්බුපුරම් ප්‍රදේශයේදී අද (1) 13 හැවිරිදි පාසල් දරුවෙකු ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 01 August 2018
පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණියාය. 01 August 2018
ජනපති කොමිෂන් සභාවේ නිල කාලය මාස 5 ක් දිර්ඝ කරයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම සහ ශ්‍රී ලන්කන් කෙටරිස් සමාගම යන ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය තව මාස පහක් දීර්ඝ කර තිබේ. 01 August 2018
වන සංරක්ෂණය ගත් ඉඩම් යළි ගොවීන්ට පුත්තලම දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව විසින් වගා කරමින් සිටියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ගත් ඉඩම් යළි නිදහස් කිරීමට සංරක්ෂක ජනරාල්වරයා එකඟතාව පල කළ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 01 August 2018
අධිකරණයට මත්කුඩු රැගෙන ආ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂයකට අධික වටිනා මත්කුඩු තොගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයකු අද (1) දහවල් අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 01 August 2018
වාහන තීරු බදු ඉහළට එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු අද (1) සිට ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. 01 August 2018
මහරගම මන්ත්‍රීවරුන්ගේ පත්කිරීමට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණින් තේරී පත්වූ නාගරික මන්ත්‍රීවරු 23 දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම එම පෙත්සම්කාර පාර්ශවය විසින්ම අද (01) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගන්නා ලදී. 01 August 2018
වැඩතහනමකට ලක්වු කොස්තාපල් හෙරොයින් සමඟ අත්අඩංගුවට පාතාලය සාමාජියන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හොරොයින් මත්කුඩු සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 01 August 2018
මඩු දේවස්ථාන පෙදෙස පුජා භුමියක් ලෙස ප්‍රකාශයට මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 01 August 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026