(හලාවත ඔගස්ටින් ප්රනාන්දු)
කුරුණෑගල හලාවත මාර්ගයේ කොක්කාවිල හංදියේදී අද ( 22 දා ) රාත්රි පමණ පාර හරහා කහ ඉර මතින් ගමන් කළ පුද්ගලයෙකු වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුවු ස්ථානයේදීම මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි .
යතුරු පැදියේ පැමිණි අයත් බරපතල ලෙසින් තුවාල ලබා හලාවත දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් කියයි.ඔහු මුගුණුවටවන පුලියන්කාර ප්රදේශයේ පදිංචි වලාකුළු පේඩිගේ සුපුන් බුද්ධික ( 32 ) නමැති අයයි .
අනතුරෙන් මිය ගොස් ඇත්තේ බිංගිරිය වැල්ලරාව ප්රදේශයේ විසු හොරතල් පේඩිගේ කිංස්ලි මුණසිංහ (38) නමැති අයයි. මෙම දෙදෙනාම විවාහකයින් බවත් කියයි.
යතුරු පැදිය හලාවත දෙසින් පැමිණි අතර එය කොක්කාවිල හංදිය අසලට එන අතර බසයකින් පැමිණ ඉන් බැස පාර මාරු වීමට කහ ඉර මතින් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදිය ඔහුගේ ඇගේ හැපි විසිවි පෙරැළි ඇති බව අනතුර සිදුවු ස්ථානයේ සිටි අය දැක ඇති බවත් පොලිසිය කියයි.
හලාවත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මෝටර් සයිකල් කාරයෝ ඒවා පදිනවා නෙමෙයි ඉගිලෙනවා. කොහොමටත් පළපුරුද්ද අඩු තරුණ කොල්ලෙක් එන්ජින් ධාරිතාවය 200 විතර බයික් එකක් වාහන අධික මහා පාරක පැයට කිලෝමීටර් 100ක වේගයෙන් පැද්දොත් කිලෝමීටර් 20ක් යන්න ඉස්සරවෙලා ඇක්සිඩන්ට් වෙනවමයි.
මෙවැනි රියදුරන් හට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරිය යුතුයි.