කොරියා යන්න තැරැව්කරුවන්ට හසු වෙන්න එපා දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කරන සංවිධානාත්මක කල්ලි කි‍්‍රයාත්මක වෙමින් පවතින බැවින් ඔවුන්ට අසු නොවන්නැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලීමක් කරයි. 31 July 2018
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන අතරතුර හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (31) ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 31 July 2018
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ අයෙක්ට 12 වසර සිරදඬුවමක් ජංගම දුරකථනයක් සහ රුපියල් 500 ක් ලබාදී රවටා තම 12 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු නීත්‍යනූකූල බාරකාරත්වයෙන් බැහැරට ගෙන ගොස් අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා 31 July 2018
පක්ෂ නායකයෝ අද පස්වරුවේ අගමැති හමුවෙති පළාත් මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සියලුම දේශපාලන පක්ෂ නායකයෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (31) පස්වරුවේ හමුවෙති. 31 July 2018
කොලොන්නාව තෙල් ගබඩාවට කැමරා පරිපථ 66 ක් කොලොන්නාව තෙල් ගබඩාවේ විවිධ වර්ගයේ කැමරා පරිපථ 66 ක් සවි කිරිමට කටයුතු කෙරෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 31 July 2018
මෙරට ඇෆ්ගන් තානාපති අධිකරණ ඇමැතිනිය හමුවෙයි ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති මුනිර් ගෝෂී මහතා, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය හමුවේ පවසා ඇත. 31 July 2018
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හෙට ශ්‍රී ලංකාවට එයි ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය බදාදා (1) ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 31 July 2018
කටුනායක අවට අහසේ සරුංගල් යැවීම අවදානම් කටුනායක ගුවන් තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීම, ගුවන් යානාවල ගමන් වලට බාධා ඇති කරන නිසා මෙම ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. 31 July 2018
දිය බොන්න ආ ගවයින්ට වස දී සිව් දෙනෙක් මරුට වව්නියාව, සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේදී ජලය පානය කිරීමට පැමිණි ගවයින්ට වස මිශ්‍ර කර ජලය ලබාදීමෙන් ගවයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි. 31 July 2018
ගිංතොට ගැටුමින් දේපළ හානි වූ 126කට වන්දි ගාල්ල ගිංතොට ඇතිවූ සිංහල හා මුස්ලිම් ගැටුමින් දේපළ හානි වූ පුද්ගලයන් 126 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 38ක වන්දි මුදල් ප්‍රධානය කිරීම අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරිණි. 30 July 2018
හිටපු ඇමැතිගේ ගෙදර හොර තැබෑරුමක් හිටපු ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (30) සොයාගන්නා ලදී. 30 July 2018
දින 365න් 350ක්ම ගාලු ක්‍රීඩාංගනය වහලා - ඇමැති වජිර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය. 30 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන හොයන්න අතිරේක සොලිසටර් ජනරාල්වරයක් එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ සිද්ධියේ නෛතික කටයුතු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයකු ලෙසින් අතිරේක සොලිසටර් ජනරාල්වරයක් නිතිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ. 30 July 2018
කම්කරු නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි අල්ලස් ගත් බව කියමින් කම්කරු නිලධාරීන් දෙදෙනකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා දිවයින පුරා සේවය කරන සියලුම කම්කරු නිලධාරීන් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට කම්කරු විනිශ්චය සභාවේ නඩු කටයුතු වලට සහභාගී නොවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමයේ සභාපති කියයි. 30 July 2018
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක් පළාත් සභා සීමා නිර්ණ සමාලෝචන කමිටුවට සීමා නිර්ණ කමිටුවේ සභහපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කමිටු සමාජිකයන් ලෙස පත් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පැෆරල් සංවිධානය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 30 July 2018
සංචාරකයන්ට හිතකාමී ත්‍රී රෝද රථ සේවාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරක හිතකාමී ත්‍රී රෝද රථ සේවාවක් හදුන්වා දීම අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) පස්වරුවේ ගාලූ මුවදොර පිටියේදී සිදුකෙරිණ. 30 July 2018
රතු ග්‍රහයා හෙට පෘථිවියට ළඟින්ම ගමන් කරයි රතු ග්‍රහයා හෙවත් අඟහරු ග්‍රහයා මේ දිනවල පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන අතර එය හෙට (31) රාත්රියේදී ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 30 July 2018
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී හෙට (31) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතිය. 30 July 2018
පොලිසියේ ඉල්ලීම ඉවතට - ඉංගිරිය පොලිසියේ තිදෙනාට ඇප යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු දෙදෙනකුට පහර දුන්නැයි අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලිසියේ තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 30 July 2018
මත්තල ආදායම ලක්ෂ 12යි - වියදම ලක්ෂ 2500යි මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 30 July 2018
අස්වීමේ ලිපිය මේ සතියේ ජනපතිට - රතන හිමි ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වීමේ ලිපිය මේ සතියේදී ජනාධිපතිවරයාට යවන බව එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීප‘‘ යට පැවැසූහ. 30 July 2018
නිධන් සොයන්න ගිය තිදෙනා පොලිස් කූඩුවේ පොලොන්නරුව මහ රෝහල පිටුපස පිහිටි පෞද්ගලික ඉඩමක නිධන් සෙවීමේ අරමුණින් කැණීමක් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (30) දහවල් අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි. 30 July 2018
කම්කරු නිලධාරීන් දෙදෙනකු අල්ලස් දැලේ කම්කරු අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට පැමිණීමට අල්ලස් වශයෙන් රුපියල් අටදහසක් සහ රුපියල් දහසක් ඉල්ලා ලබාගත් බව කියන නුවරඑළිය සහ කල්මුණේ කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරීන් දෙදෙනකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම නුවරඑළියේදී අත්අඩංගුවට ගෙන ඇත. 30 July 2018
වතුර නැතිව පොළොන්නරුවේ 2525ක් අමාරුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක පවුල් 885 කට අයත් පුද්ගලයන් 2525 ක් පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 30 July 2018
දුම්රිය වෘත්තිය සමිති ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි රටත් රටේ ජාතික සම්පතුත් ගැන අවංක හැඟීමක් ඇති නම් දුම්රිය බලධාරීන්, ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් සම්බන්ධ කරගත් කඩිනම් සාකච්ඡාවක් තමන්ට ලබාදෙන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී. 30 July 2018
කෝප් කමිටුව පාර්ලිමේන්තුවෙන් එළියට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) පාර්ලිමේන්තුවට සීමා නොවී මහජනතාව අතරට ගොස් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් ඉදිරියේදී දියත් කරන්නේ යැයි එහි සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 30 July 2018
තරුණයන් අතුරුදන් කිරීමේ සිද්ධියේ නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට ඇප පසුගිය සමයේ කොළඹ ප්‍රදේශයේ සිටි ළමුන් ඇතුළු පුද්ගලයින් 11 දෙනකු සුදුවෑන් වලින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඞ් බාරයට පත් කොට සිටින හිටපු නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියම කළාය. 30 July 2018
නවක වදයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා - විජයදාස රාජපක්ෂ විශ්ව විද්‍යාලවල නවක වදය මේ වන විට මිලේච්ඡ හිංසනයක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදී ඊට එරෙහිව නවක වද පනත අනුව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 30 July 2018
ඡන්දය ඉල්ලා ජී. එල්. උසාවි යන්න යයි නිල කාලය අවසන්ව තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත් වීමට ක්‍රියානොකරන්නේ නම් මැතිවරණ කොමිසම් සභාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 30 July 2018
කංගැට්ටා අල්ලන්න වරෙන්තු ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වී පෞරාණික භාණ්ඩ සොරකම් කරන ලදැයි කියන සිද්ධියේ පළමු සැකකරු වූ ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කංගැට්ටා’ නොහොත් ‘බලවලූවා’ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළේය. 30 July 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026