අප්සරා යෝසිත් විජේසූරිය
නීතිවිරෝධීව මත්පැන් විකිණීම සම්බන්ධව පොලිසියට ඔත්තුවක් ලබාදුන්නැයි කිසියම් පිරිසක් ආයුධ වලින් කපා කොටා පහරදීමෙන් රත්නපුර ගොළුවාවිල ප‍්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් ඇති බව රත්නපුර පොලිසි පවසයි.
මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා වූයේ රත්නපුර ගොළුවාවිල පදිංචි ඞී.ඒ. විජයරත්න (38) යන අයයි.
නීති විරෝධී මත්පැන් විකිණීම සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර ආපසු සිය නිවෙසට ත‍්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක් පැමිණ ඔහුව රැගෙන ගොස් මෙසේ කපාකොටා පහරදීම සිදුකර ඇති බව පොලිසිය මේ සම්බන්ධව කළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ඔත්තුව දුන්න බවට ඔත්තුව යන්න ඇත්තෙත් පොලිසියෙන්ම තමයි.
ශ්රී ලංකා පොලිසියට.. දෙන සෑම ඔත්තුවකටම.. පොලිසියේ ආරක්ෂාව ලැබෙන බවට .. පොරොන්දුවක් තියනවා නේද..?