හිටපු ජනපති නොපැමිණීමෙන් උත්සවයේ විරෝධතාවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වු පරිදි නොපැමිණීම නිසා ඇඹිලිපිටිය හීන් දලූක්හින්න නාග විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බුද්ධ ප්‍රතිමා නිරාවරණය කිරීමේ උත්සව සංවිධායකයන් දෙදෙනකු ඒ අසල තිබූ කොහොඹ ගසක නැග විරෝධය පෑමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාව නිසා උත්සවය කල් දමනු ලැබීය. 29 July 2018
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයකින් 10 දෙනකු මරුට ඉන්දුනීසියාවේ අද (29) උදෑසන ඇතිවූ ප්‍රබල භූ කම්පනයකින් 10 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 29 July 2018
සංඝ රත්නය ආරක්ෂා කිරිමට රක්ෂණ ක්‍රමයක් මහා සංඝ රත්නය ආරක්ෂා කර ගැනීම සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා අනුරාධපුර අභයගිරියේ දී පැවසීය. 29 July 2018
නීතිවිරෝධි දුම්වැටි සමඟ දෙන්නෙක් අත්අඩංගුවට නිතීවිරෝධි අයුරින් මෙරටට රැගෙන ආ රුපියල් 50,000 ක් වටිනා සිගරට් කාටුන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරාය නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 July 2018
ගිරිහඬු සෑය පූජා භූමි සංවර්ධන සැලැස්ම වසර 33කට පසු පණ ලබයි ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය ලෙස සැලකෙන බුදුරදුන්ගේ කේශ්ධාතු නිදන්ගත තිරියාය “ගිරිහඬු සෑය“ පුදබිමේ යුද ගැටුම් නිසා ඇණහිට තිබු පූජා භූමි සංවර්ධන සැලැස්ම වසර 33කට පසු යළි ලබන අගෝස්තු 25 වැනි දා ආරම්භ කිරිමට නියමිත බව 29 July 2018
හොරෙන් ඉන්න අයට ගෙදර යන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මාස තුනක පොදු සමාකාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන මස පළමු වැනිදා සිට මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 29 July 2018
බීමතින් සිටි මිතුරා වැවට දැමීමෙන් මරුට කණ්ඩලම වැවේ දියනෑමට ගිය තරුණයකු අද (28) පස්වරුවේ දියේ ගිලී මිය යෑමත් සමග තරුණයා සමග වැවේ මත්පැන් පානය කරමින් සිටි හා බීමතින් සිටි මිතුරා වැවට දැමු කීපදෙනකු ඇතුළු තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ . 28 July 2018
කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් 2 ක් මියයති. 3 ක් අතුරුදන් ඇමරිකාවේ උතුරු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි නිවා දැමීමට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ගින්නට හසුව මියගොස් ඇති අතර තිදෙනකු අතුරුදන් වී ඇත. තද සුළං හේතුවෙන් ලැව්ගිනි ඉතා වේගයෙන් පැතිරුණු බවත් දහස් ගනන් පිරිස් නිවාස අතහැර පලා ගිය බවත් වාර්තා වේ. 28 July 2018
අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපති තෝරාගැනීමෙන් පසු කලබලයක් අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපති තෝරා පත්කර ගැනීමේ ඡන්දයෙන් පසු ගල්කිස්ස අධ්‍යයන වැඩසටහන් මධ්‍යස්ථානය අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. 28 July 2018
කිරි ඉබ්බන් 96 ක් සොයා ගැනේ කිසියම් අයෙකු විසින් නොගැඹුරු වලකට දමා සිටි ඉබ්බන් 96 දෙනෙකු සොයා ගැනීමට හම්බන්තොට වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට හැකි වී තිබේ. 28 July 2018
දුම්රියට ගල්ගැසූ සිසුවා අත්අඩංගුවට කොලඹ කොටුව සිට තලෙයි මන්නාරම බලා ධාවනය වූ දුම්රියට ගල්ගැසූ බව කියන 15 හැවිරිදි සිසුවෙකු මන්නාරම පේසාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 28 July 2018
ඇසළ අවසන් මහ පෙරහැර නිමාවෙයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය ඊයේ (27) රාත්‍රි අවසන් මහා පෙරහැර පැවැත්වීමෙන් පසුව නිමාවට පත්විය. 28 July 2018
ත්‍රි රෝද රථ අනතුරින් දැරියක මරුට දෙවුන්දර දේවාලයේ ඇසළ පෙරහර නරඹා යලි නිවස බලා යමින් සිටි එකම පවුලේ පස්දෙනෙකු ගමන්ගත් ත්‍රි රෝද රථයක් ඊයේ (27) රාත්‍රි 11.30 පමණ දැඩැල්ල ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන ගල්වැටියක වැදිමෙන් වු අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන්ගත් දස හැවිරිදි වියේ පසුවු දැරියක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය කියයි. 28 July 2018
සිය වසරකට පසු පුර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රීයේ වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද (27) සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 27 July 2018
2020දී දේශපාලනයෙන් සමුගන්නවා 2020 දී දේශපාලනයෙන් සමුගන්නා බව වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණය රජ්‍ය අමාත්‍ය ආණමඩුව ආසන සංවිධායක පාලිත රංගේ බංඩාර මහතා පැවසීය. 27 July 2018
කුවේට් ජාතිකයකුගේ පහරදීමකින් රේගු නිලධාරීන් 5ක් රෝහලේ ශ්‍රී ලංකාවට බල්ලෙක් රැගෙන පැමිණි කුවේට් ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපොළේදී අද (27) රාජකාරියේ නියැලී සිටි රේගු නිලධාරීන් පිරිසකට පහර දී තුවාල සිදු කර ඔවුන්ගේ රාජකාරියටද බාධා කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 27 July 2018
‘‘ගම් උදාව‘‘ 97 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට සැමට සෙවන ගම් උදාව යටතේ 97 වන ආදර්ශ ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම කුරුළුවැව ප්‍රදේශයේ රන්සිළුගම නමින් අද (27) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. 27 July 2018
වෛද්‍ය , කලා, නීති පීඨවල ඉසෙඩ් ලකුණු නිකුත් වේ විශ්ව විද්‍යාලයන් හි 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ ඉසෙඩ් ලකුණු වලට අනුව කොළඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය , කලා, නීති පීඨවලට ඇතුළත් කර ගන්නා වැඩිම ඉසෙඩ් ලකුණු පහත දැක්වේ. 27 July 2018
ඉම්රාන් ඛාන් පකිස්තාන මහ මැතිවරණය දිනයි ඉම්රාන් ඛාන් ප්රමුඛ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය මහ මැතිවරණයෙන් ජය ලබා ඇතැයි එරට මැතිවරණ කොමිසම අද (27) නිල වශයෙන් නිවේදනය කළේය. 27 July 2018
ඩුබායි සේප්පුවකින් දියමන්තියක් සොරා ගත් ලාංකිකයෙක් අත්අඩංගුවට ඩුබායිහි නිදහස් වෙළඳ කලාපයේ පිහිටි සමාගමක සේප්පුවකින් සොරකම් කළ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 320ක්ට වැඩි) වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමටත්, එම 27 July 2018
මත්තල ගුවන්තොටුපොළ හිමිකාරීත්වය නොගන්නා බව ඉන්දීය රජය කියයි ශ්‍රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලන හිමිකාරිත්වය අත්කර ගැනීමට ඉන්දිය රජය අපේක්ෂා නොකරන බව එරට ගුවන්සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා මහතා ඉන්දීය පාර්ලිමේන්තුවේදී ( ලෝක් සභාවේදී ) ප්‍රකාශ කර ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද (27) වාර්තා කළේය. 27 July 2018
විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධයට ඉල්ලා කතානායකට ලියවිල්ලක් විපක්ෂ නායක ධුරය ඇතුළු විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි ඉල්ලමින් එම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අස්සනින් සකස් කරන ලියැවිල්ල පාර්ලිමේන්තුව රැස්වන ලබන 7 වැනි දා කතානායක කරු ජයසුරිය මහතාට බාරදෙන බව එහි ජාතික සංවිධායක, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 27 July 2018
කඩඉම් ලකුණු අනුව 30141 ක් සරසවියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2017 විභාගයේ ප්‍රතිළුල මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කළ අවම ලකුණූ අනුව මෙවර සිසුන් 30141 දෙනෙකු විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය. 27 July 2018
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ත්‍රිවිධ හමුදාවේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනකුට ගිය වසරේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි 27 July 2018
ධනුෂ්කට තරග 6 ක තහනමක් ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග හයක් තහනම් කර තිබේ . 27 July 2018
සිංහලෙන් කතාකළ වරදට මිලානෝහිදී ශ්‍රී ලාංකිකයාගේ අතපය කඩයි ජුලි මස විසි හතරවැනිදා මිලානෝ නගරයේ වීදියක තම ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයකුට සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් පහරදී, අතපයට බරපතල හානි සිදුකර ඇති බව මිලානෝ පොලිස් මුලස්ථානය වාර්තා කරයි. 27 July 2018
ඉන්දීය ධීවර යාත්‍රා 174 ක් මුදා හරී සිව් වසරක් පුරා ශ්‍රී ලංකා බලධාරීන් බාරයේ තිබූ ඉන්දීය ධීවර යාත්‍රා 174 ක් වහා මුදා හැරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව ඉන්දීයාවේ පළවන ඉන්දියන් ටුඬේ පුවත්පත අද (27) වාර්තා කර තිබිණි. 27 July 2018
ලක්ෂ 15ක මත් කුඩු සමඟ දෙන්නෙක් අත්අඩංගුවට මීගමුව බන්ධනාගාර නිළධාරියෙකුගේ සෘජු සහය ලබා ගනිමින් එහි සිටින රැදවියන්ට මත් කුඩු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්ගෙන ගොස් සිටි පතාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ලක්ෂ 15 වටිනා බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 56 මිලි 820 සමඟ අද (27) අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරිහු සමත් වූහ. 27 July 2018
කොළඹ විදුලිය විසන්ධිය අද නොවේ හෙට කොළඹ ප්‍රදේශයේ අද සිදු කිරීමට නියමිතව තිබු විදුලි විසන්දි කිරීම අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. 27 July 2018
පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාල්‍ය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ. 27 July 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026