(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යෑම ශ්‍රී ලංකාවට පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවන බවත් එය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට බලපාන බවත් ඇමැති සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.
මුදල් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇතිවු සංවාදයකට පිළිතුරු දෙමිනි.
මේ සම්බන්ධයෙන් ඇමැති පාඨලි චම්පික රණවක මහතා ද පැහැදිලි කර ඇති අතර ඇමෙරිකාවේ පොලි අනුපාතය ඉහළ යාමත් සමඟ ඇමෙරිකාවට මුදල් ඇදි යාම වැඩි වී ඇතැයි පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බොරු කියන්නේ විදේශ රටක ඉන්න කෙනෙක් ගිහින් බලන්න වෙස්ටන් යුනියන් වගේ පිටරට මුදල් අරින ස්ථාන බංගලි, ඉන්දියා, පකිස්තාන් මේ රට වල මුදල් සත ගානකින් වැඩි වෙන්නේ කලාතුරකින්. ලංකාවේ උදේට තියෙන මිල නෙමේ හවසට.
දිගටම ගෙනියන්න බැරි බව අපි දන්නවා. ඒක නිසා මේක කරන්න පුළුවන් කෙනෙකුට දීලා ගියොත් නරකද ?
ඔතන ප්‍රශ්නේ "ශ්‍රී ලංකා රුපියල" නේ බාල්දු වෙන්නේ . ඔන්න ඕක "ශ්‍රී ලංකා ඩොලර්" කරලා දාන්න!!!
අපේ ප්රශ්නය ඩොලරයේ වැඩිවීම 2015 සිටම ලෝකයේ අනික් රටවල මුදල්වලටත් බලපෑවද කියන එකයි. 2015 දී රු 130 තිබුණු ඩොලරය 2018 දී රු 166 ට නැග්ගේ ඩොලරය ඉහල ගිය නිසාද? රුපියල බාල්දුවීම නිසාද? දැන් අර රු ලක්ෂ හයාමාරට ගෙවන්න ගිය පුටුව කීයක් වේවිද? අර ලක්ෂ 83 දොර කීයක් වේවිද? මේ දුප්පත් රටට ඔය නාස්තිකාර වියදම් එපා
අද ලංකා රුපිඅල් 2.28ක් ඉන්දියානු රුපියල් එකයි. පසුගිය අප්‍රේල් මාසයේ මැදදී ලංකා රුපියල් 2.40ක් ඉන්දියානු රුපියල් එකක් විය.
අවංකව වැඩකරන මිනිසා කිසිවිට නිදහසට කරුණු නොකියයි
ඉන්දියාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව පහල යාම මේ රජයට සතුටු බව මම කලින් මේ පිටුවේ සඳහන් කලා. දැන් මේ රජය ඇඟ බේරගන්න ඉන්දියාවේ රුපියලේ බාල්දුව ගැන කතාකරනව.
ඩොලරය ශක්තිමත් වෙද්දි රුපියල පිරිහීම ස්වභාවිකයි. ඒත් මෙතන ගැටළුව ලංකාවේ අපනයනාභිමුඛ නිෂ්පාදනය ශක්තිමත් නොවීමත් අනෙක් අතට අසීමාන්තිකව විදේශ සැපයුම් මත රැඳී සිටීමත් නිසා දැවැන්ත වෙළෙඳ හිඟයක් නිර්මාණය වීම. රුපියල පිරිහෙන අවස්ථාවක් රටට වාසිදායක ලෙස යොදාගන්න නම් ආනයන සඳහා වන දේශීය ඉල්ලුම නම්ය කරගන්නත් අපනයන සඳහා අනම්‍ය ඉල්ලුමක් තබා ගන්නත් වෙනවා.
මොනවද දන්නේ නැහැ කරන්න පුළුවන්. 2015දී කොහොමද කිව්වේ? ඉන්දියානු රුපියල මෙහෙම බාල්දු වෙලා නැහැ. අපේ රුපියල අද උදේ තියෙන ගණන් නෙවෙයි හවස් වෙනකොට තව කියකින් හරි බාල්දු වෙලා.
අඩුම වශයෙන් අනවශ්‍ය ඔරොත්තු නොදෙන මිල වාහන ගෙන්වීම සිමා කල නොහැකිද?