(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මුලු ලෝකය පුරාම ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ අගමැතිවරයා මෙසේද කීය.
‘‘ලෝකයේම ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් සියල්ල බාල්දු වෙලා ඉන්දියාව වගේම ලංකාවටත් ඒක බලපා තිබෙනවා. මේ නිසා හැම රටක්ම ප්‍රශ්න තිබෙනවා.
විපක්ෂයට අවශ්‍ය නම් මේ ගැන විවාදයක් තියන්න පුළුවන්.ඒ වගේම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි බලන්න අවශ්‍යයි.
තෙල් අලෙවි කරද්දී ගන්න ලාභය දිහා බලන්න.අපි කලින්ම කිව්වා ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩි වුවහොත් අවාසිය ගන්න වෙයි.අඩු වුනොත් වාසිය දෙනවා කියලා මෙතෙක් කල් ඒ වාසිය දුන්නා ‘‘යැයිද අගමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න රටේ නම් එහෙම බාල්දුවීමක් පෙනෙන්න නැහැ. ඇමරිකන් ඩොලරයකට මේ රටේ ඩොලරය 1.50. දැන් සෑහෙන කාලෙක ඉඳන් ඒ ගානමයි.
මම අද ලංකාවට යුරෝ එකක් දැම්මා රුපිඅල් 191.50 ගානේ. ඒත් මීට මාස 2කට කලින් 170යි.
මම වගකීමෙන් කියන්නේ මම ඉන්නේ ඉශ්‍රායලයේ, ගිය සතියේ ඉශ්රායලයේදී ඩොලරයට ඉශ්‍රායලයේ ශෙකල් 3.70ක් ගෙවුවා, අද ඩොලරයට ගෙවන්නේ ඉශ්‍රායලයේ ශෙකල් 3.60යි.
ඒත් 130 ඉඳන් 160ට වැඩි වුනේ ලංකාවෙන් පා කරපු නිසා නේ. 160-163 විතරයි ඒ ක්‍රමේට වැඩි වුනේ. වැඩි වෙච්ච 3න් 33ම මුවා කරන්න ලෑස්ති වෙන්න එපා.
ඉතින් ඔබ කලින් කීවේ රුපියල ශක්තිමත් කරනවා කියල.
මන් දන්නා කාලෙ ඉඳන් රුපියල් 35-36 අතර තිබ්බා එක්සත් එමීර් දිරම් එක දැන් රුපියල් 45 වෙලා. දන්නා කාලෙ ඉඳන් 1.12 අතරේ තිබ්බ ජපාන යෙන් එක දැන් 1.48 යි. මේ උදාහරණ දෙකක් පමණයි, බලාගෙන ගියහම ඩොලරයේ අගය වැඩිවෙන එක ලංකාවේ රුපියලට විතරනේ බලපාලා තියෙන්නේ
ආණ්ඩුවත් දැන් හරියට රුපියල වගේ. දවසින් දවස් බාල්දු වෙනවා.
මෙහෙම මුදල් බාල්දුවෙන රටක් කොහෙද තියෙන්නේ. යුද්ධයක් තිබිලත් 2005 සිට 2015 ට රුපියල බාල්දු වුනේ 109 සිට 132 රුපියල් 22කින්. ඒත් මේ අවුරුදු 3ට කීයක්ද? 132 සිට 166 දක්වා රුපියල් 34ක්.
අනේ අපේ රටට ගිය කලක්
කුවෙට් ඩිනාර් එකකට රුපියල් 2014 - 450 - 460 2015 - 460 - 480 2016 - 480 - 500 2017 - 500 - 520 2018 - 520 - 532 ලංකාවේ රුපියල විතරයි බාල්දු වෙන්නේ.
අගමැතිතුමාගේ කතාව ඇත්ත...
ඩොලරය ශක්තිමත් රටවලට ගිහින් දේශනයක් දෙන්න අපිත් සමග එකතු වෙන්න කියලා... ඩොලරය බාල්දු කරන හැටි කියලා දෙන්න. උගතුන්ට රට පාලනය කරන්න නොදී ලංකාවේ වගේ අට පාස් කට්ටිය වැඩටගන්න කියන්න..